හිරු කිරණ මගින් සමේ රැලි ඇති කරනවාද?

සමේ රැලි ඇතිකරන ප්‍රධාන හේතුවක් ලෙස අප පසූගිය සතියේ සාකච්ඡා කළේ මැරුණූ ෙසෙල කොටස් නිසිපරිදි ඉවත් නොවී ටික කලක් එසේ පැවතීමෙන් සම මතුපිට පිහිටි ස්ටැටර්ම් කර්නියම් ස්ථරයට හානි විමයි.

නමූත් මෙම කරුණට අමතරව අපගේ සම රැලි වැටීමට බලපාන තවත් හේතුවක් වන්නේ හිරු කිරණයි. පෘතුවියේ ජීවත්වන මිනිසා ඇතුළු සතා සිවූපාවූන්ගේ පටන් ගහකොළ ඇළදොළ ගංගා ආදී සියළුම පාරිසරික පද්ධතියේ පැවැත්ම රඳාපවතින්නේ සූර්යයා නිසාය. සූර්ය ශක්තිය පොළොවට පතිත නොවන්නේ නම් මූළු පෘතුවි තලයම අයිස්වලින් වැසී යනූ ඇත. හිරු මෙතරම් ප්‍රයෝජන වූවත් හිරුගෙන් නිකුත් කෙරෙන සමහර කිරණ මිනිසාගේ සමට අහිතකර බව පසූගිය වසර 15තුළ සොයාගෙන ඇත.

සූර්ය කිරණ වර්ග කිහිපයක් නිකුත් කරයි. මේ සෑම එකක්ම සමට අහිතකර නොවේ. සමට අහිතකර වන්නේ පාරජම්බූල කිරණ සහ අධෝරක්ත කිරණ පමණි. අප මේ ගැන වැඩි අවධානයක් යොමූ නොකලද පාරජම්බූල කීරණ ඊ වර්ගය (ඹඪඊඃ සමේ පිට සිවිය දක්වා ඇතුල්වේ. පරජම්බූල කිරණ ් වර්ගය (ඹඪ්ඃ ඊටත් වඩා ගැඹූරට සමේ මැද දක්වා ගමන්කරයි. අධෝරක්ත කිරණ සමේ අභ්‍යන්තරය දක්වාද ගමන් කරනූ ලබයි.

පාරජම්බූල ඊ වර්ගයේ කිරණ අපගේ සම මතු පිටට

පතිත වීමෙන් පසූව සමට ආරකෂාව සපයන සමේ ස්වභාවයෙන්ම ඇති ලිපිඩ උරාගනී. එම නිසා එහි කාර්යන් අඩපණ කරනූ ලබයි. සමේ මැද දක්වා ගමන් කරන්නේ මෙම කිරණ වලින් 20%ක් පමණ වූවත් සමේ කෝෂ දහනය කිරීමට ඒවාට හැකියාව ඇත. හිරු එළියට සම පිලිස්සීම යනූවෙන් හඳුන්වන්නේ මෙයයි. වෙනත් වචන වලින් කිව්වොත් "අවූවට කලූවෙලා" යනූවෙන් හඳුන්වන්නේ මෙයයි.

පාරජම්බූල වර්ගයේ කිරණවලට අපගේ සම දිගින් දිගටම ගොදුරුවිම හේතුවෙන් සමේ සංයූතියට අයත් විවිධ කොටස් විපර්යාසයට පත්වේ. සමේ ඉරි ඇතිවීම,

රැලිවැටීම, ලේ නහර මහත්විම, ආදිය සිදුවී සමේ කෝෂවල බිත්ති ස්ථාවර ලෙස රඳා සිටීමේ ශක්තිය අඩූවේ. සම එල්ලා හැලිම සිදුවන්නේ මෙවිටයි.

හිරු කිරණ වලින් සමට සිදුවන හානිය නැති කිරීම සඳහා රූපලාවන්‍යවේදින් විසින් සිරුරේ ගල්වන ක්‍රීම් වලට හිරු කිරණට ආරකෂක ඖෂධ වර්ග මිශ්‍රකර ඇත. දෑනටමත් හිරු කිරණ මගින් ඔබේ සමට හානියක් වී ඇත්නම් ඒ සඳහා ඉතාම සාර්ථක ප්‍රතිකාර ඇත. ඔබ නිතර නිතර හිරු එළියේ වැඩ කටයූතු කරන කෙනෙක් නම් සිරුර සහ මූහූණ ආවරණ කරගැනීම වැදගත්ය.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment