නෑවයින් පස්සේ ඉවක් බවක් නැතිව හිස පිසදාන්න අපේ කාන්තාවන් හරි දකෂයි. නමූත් හිසට ආදරයෙන් මේ කටයූත්ත කලොත් පමණයි එහි පැවැත්ම රදා පවතින්නේ. කෙටියෙන් කිව්වොත් හිසකෙස් තදින් පිසදාන්න එපා.
අනිත් එක තමයි කාන්තාවන් හිසකෙස් වල තෙත පිහදලා ඒ පිහදාපූ තුවායම ඔළුවේ බැදගෙන ඉන්නවා. ඒකත් හොඳ දෙයක් නොවෙයි. ඒකෙන් සිද්ධවෙන්නේ හිසේ තෙතමනය තව තව රැදී තිබීමයි. නාපූ හැටියේ හිස පීරන්න එහෙම නැත්නම් බ්‍රෂ් කරන්න යාමත් හොඳ දෙයක් කියා ඔබ හිතනවාද? හොඳින් පිසදාගත් කොණ්ඩයට ටික වෙලාවක් නිදෑල්ලේ ඉන්නට ඉඩ හරින්න.
ඇතැම් වෙලාවට නාපූහැටියේ තමන්ගේ කොණ්ඩය ගොතාගන්නත් ඔබට හිතේවි. මතක තියාගන්න ඒකත් නරක පූරුද්දක් කියලා.
හිසකෙස් තෙත මාත්තු කරන්න තුවාය විතරක් ප්‍රමාණවත් නැහැ කියලා හිතන පිරිසකුත් අප අතර ඉන්නවානේ. ඒ අය මොකද කරන්නේ හිසකෙස් වියලා ගන්න ඩ්‍රයර් එක පාවිච්චි කරනවා. හදිසි අවස්ථාවකදී ඩ්‍රයර් එක පාවිච්චි කරලා හිසකෙස් වේලාගත්තට වරදක් නැහැ. නමූත් ඕක පූරුද්දක් හැටියට නිතර නිතර කරන්නට යාමනම් කෙස් ගස්වල පැවැත්මට හොඳනැහැ.
ඒ කියන්නේ හිසකෙස් වලට සාත්තු සප්පායම් කරන කොට අපි හූඟක් කල්පනාකාරී විය යූතුයැයි කියන එක නේද?
කාන්තාවන් හිසකෙස් ගැන සැලකිලිමත් විය යූතුය. දින ගනන් පිරිසිදු නොකර ඔහේ ඉන්නවා. ඒක ඉතාම නරකයි. එයින් දාඩිය, කුණූ දූවිලි නිසා හිසකෙස් අපිරිසිදු වෙන්න විතරක් නෙවෙයි, උකුණන් වැනි සතුන් බෝවෙන්නටත් මගක් වෙනවා. ඒ වගේම කෙස් ගස්වල පැවැත්ම, වර්ධනය යනදෙකම අපිරිසිදුකම නිසා බාලවෙනවා.
කාන්තාවකගේ රුව ගැන මනින හොඳ තැනක් තමයි හිස කෙස් කියන්නේ ඒ නිසා එය පිරිසිදුබවටත් අලංකාරයට තියාගන්න අපි ටිකක් මහන්සි වෙන්න ඕනේ.
0 comments :
Post a Comment