රාත්‍රී ආහාරයට කරවිල හොඳ නැහැයි කියන්නෙ ඇයි?

කොළ මැල්ලූමකට දෙහි ඇඹූල් එක් කරන්නේ ඇඹූල් රස සඳහාම නෙමෙයි කියල ඔබ දන්නවාද?

මස් ආහාරයට අරගෙන කිරි බොන්න හොඳ නෑ. රාබූ අල සූදු ළුෑණූ, මූරුංගා තල ආහාරයට අරගෙනත් කිරි බොන්න හොඳ නෑ. පෙලොස්, දෙළුම්, නෙල්ලි, ඇපල් වගේ ඇඹූල් මිශ්‍ර ආහාර අරගෙන එළකිරි බොන්නම එපා. මේ වගේ එකිනෙකට විරුද්ධ ආහාර රෝග ඇති කරනවා. විශේෂයෙන් ගම්වල මිනිස්සූ නම් කරවිල රෑට ආහාරයට ගන්නේම නෑ.

කරවිල රෑට ආහාරයට නොගන්න විශේෂ හේතුවක් තියෙනවා. කරවිල කෑවට පස්සෙ රෑ සර්පයෙක් දෂ්ඨ කළොත් මොන තරම් ප්‍රතිකාර කළත් බේත් අල්ලන්නෙ නෑ.


බත් කාලා ඉවරවෙලා පැයක්වත් ගතවනතුරු තේ බොන්න එපා... ගත්ත ආහාරයේ පෝෂණ කොටස් තේ බිව්වොත් ඇඟට උරාගන්නෙ නෑ. බත් කාල තේ බිව්වොත් ඒ තත්ත්වය ඇතිවෙනවා වගේම බත් කාලා කිරි බිව්වොත් අජීර්ණ ඇතිවෙන්න පූළුවන්.

කොළ මැල්ලුමකට දෙහි ඇඹූල් ටිකක් එකතු කරනවා නම් ගොඩක් හොඳයි. කොළ මැල්ලුමට දෙහි ඇඹූල් ටිකක් එකතු කරන්න කියන්නෙ දෙහි ඇඹූල් රස කාරකයක් වන නිසාම නොවෙයි. මැල්ලුමට දෙහි ටිකක් දැම්මොත් කොළවල තියෙන යකඩ ඉක්මණට ඇඟට උරා ගන්නවා. කෑම වේලක් ආහාරයට ගන්නා ස්ථානය ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෑ. ජනාකීර්ණ නැති පිරිසිදු පරිසරයක තමයි කෑම ගන්න ඕනෑ. කාටවත් නොපෙනෙන තැනක තමන්ට හිතවත් කියලා හිතෙන කෙනෙක් එක්ක ආහාර ගන්නවා නම් තමයි හොඳ. කෑම ගන්න වෙලාවට හිතේ ප්‍රසන්නතාවය තියෙන්න ඕන. ඒ නිසා තමන්ට අප්‍රසන්න කෙනෙක් දිහා බල බලා ආහාර ගන්න එපා.





ආයූර්වේද වෛද්‍ය නිල්මිණි ප්‍රේමතිලක
ජයන්ති පූර, කුරුණෑගල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment