මිල වැඩියි කියලා ඖෂධවල ගුණ වැඩිවෙන්නෙ නැහැ

ඉතා සූළු රෝගයකටත් ඖෂධ ලබා ගැනීමට පූරුදුවෙලා සිටින අපි තවත් ලොකු වැරදි වැටහීමක සිටිනවා. කුමක්ද මේ වැරදි වැටහීම, ඔබටත් සිතුණාද අඩූ මිලකට ලබා ගත හැකි ඖෂධ වලට වඩා මිල අධික ඖෂධ ගුණයෙන් වැඩියි කියලා. අනිවාර්යෙන්ම ඔබටත් එහෙම සිතෙන්නට ඇති. මතක තබා ගන්න. එය වැරදි මතයක්. කිසිම සත්‍යතාවයක් නොමැති වැරදි වැටහීමක්.

අපේ මිනිසූන් මේ ඖෂධ පිළිබඳව මිත්‍යා මත රාශියක ගිලිලා ඉන්නවා. එයින් එක මිත්‍යා මතයක් තමයි මේ මිල අධික ඖෂධ තමයි ගුණාත්මක බවින් වැඩි කියන එක.


මෙන්න මේ වැරදි වැටහීම් නිසා අපේ රෝගීන් මේ මිල අධික ඖෂධ වෙතම යනවා. සමහර විට ඔබ නොදන්නවා වූණාට එකම ඖෂධය අද විවිධ නාමයන් ඔස්සේ වෙළඳ පොළේ තිබෙනවා. මේ විවිධ නාම වලින් තිබෙන ඖෂධ අපේ රටෙි ලියාපදිංචි ඖෂධයක් නම් බොහෝ වෙලාවට ඒ සියල්ලෙම ගුණය එකම විදිහයි. ඇමොක්සිලීන් කුමන නාමය ඔස්සේ ආවත් පැරසිටමෝල් මොන නාමය ඔස්සේ ආවත් එහි තුළ තිබෙන්නේ පැරසිටමෝල් නම්, ඇමොක්සිලින් නම් එහි ගුණය එකමයි. හැබැයි විවිධ වෙළඳ සමාගම් විසින් මේ ඖෂධ වලට නමක් යොදලා තිබෙනවා. ඒ ඖෂධයට අදාල මිලක් නියම කරලා තියෙනවා. දෑන් වෙළඳ ලෝකේ බලපෑම් මත අපේ මිනිසූන්ගේ ඔළුවමත හදල තියෙන එකක් තමයි මේ මිල වැඩි ඖෂධය තමයි ගුණ මත බැවින් වැඩි ගණන් වැඩි නම් එම ඖෂධය හොඳ ඇති කියලා, එහෙම වෙන්නේ නැහැ. ගණන් වැඩි කියන එක තීරණය කළේ අදාල සමාගම. නමූත් ඖෂධයෙ වෙනසක් සිදුවෙන්නේ නැහැ. මිනිසූන් මේ වැරදි මතයේ එලබගෙන ඉතා විශාල මූදල් ප්‍රමාණයක් නාස්ති කරගන්නවා මේ මිල වැඩි ඖෂධ ගන්න ගිහිල්ලා.


ඇතැම් විට මෙය වෛද්‍යවරුන් හවූල්කරගෙන ඖෂධ සමාගම් කරන ඉතා කූට ව්‍යාපාරයක්. මේ වැඩි මිලට තිබෙන වෙළඳ නාමය වෛද්‍යවරුන්ට කියලා ලියා දෙනවා. සමහර විට වෛද්‍යවරුන් නොලිව්වත් ෆාමසි වලට ගිහිල්ලා අපේ රෝගීන් පවා දෑන් පූරුදුවෙලා ඉන්නවා. මිල වැඩිම ඖෂධය ඉල්ලන්න. සමහර විට පොඩි ගණනක ඖෂධයක් නම් ලිව්වේ " අයියෝ මේක බාලද දන්නේ නෑ නේද මේ ගාණද මේකට ගියේ කියලා අහන තත්ත්වෙට අපේ රෝගීන් අද පත්වෙලා ඉන්නවා. මේකත් ඉතා කණගාටූදායක තත්ත්වයක්. ඉතා අඩූමිලට ගන්න පූළුවන් ඖෂධ තිබියදී එකම ගුණ තියෙන, මූදල් වියදම් කරලා ඒ ඖෂධයම වැඩිමිලකට ගන්නවා.


උදා(-
දියවැඩියාවට මාසෙකට ලියන බෙහෙත් ගන්න ෆාමසියකට ගියාම ඒ මනූස්සයා අතේ තියන සල්ලි ටික මදි බෙහෙත් ටික ගන්න. මොකද බොහෝ වෙලාවට මේ බෙහෙත් ලියලා තියෙන්නේ වෙළඳ නාම වලින්. වෙළඳ නාම වලින් සටහන් කරන ඖෂධ එහෙම වෙලාවට අපේ අසරණ රෝගීන් කියන්න පූරුදුවෙලා ඉන්නවා. "එහෙනම් මට සති දෙකකට විතරක් බෙහෙත් දෙන්න කියලා. එතකොට අදාල කාල ප්‍රමාණයට ඖෂධ ලැබෙන්නේ නැහැ. රෝගය පාලනය වෙන්නෙත් නැහැ. රෝගය වැඩිවෙන්නට පූළුවන්.

එහෙමත් නැතිනම් සති දෙකකට කියලා ඖෂධ අරන් ඇවිත් ඒක සති දෙකකට නෙමෙයි බොන්නේ ඒක මාස දෙකක්විතර බොනවා. මොකද මිල අධිකකම නිසා. එවිට අදාල මාත්‍රාව රෝගියාට ලැබෙන්නේ නැහැ. පෙත්තක් ගන්න ඕන එකට පෙති භාගයයි ගන්නේ. නැත්නම් දවසය පෙති තුනක් ගන්න ඕන එකට පෙත්තයි ගන්නේ.

තවත් සමහරු කරන දෙයක් තමයි ටික දවසක් ඖෂධ ගන්න කොට රෝග ලකෂණ අඩූ වූනාම බෙහෙත් බොන එක නවත්වනවා. ආයේ රෝග ලකෂණ මතුවන විට ආයෙමත් බෙහෙත් බොන්න ගන්නවා. මේ විදිහට අරපරිස්සමින් පාවිච්චියට ගන්න ක්‍රමවේදයක් තිබෙනවා. මේ සියල්ලම වැරදියි. හේතුව නම්රෝගයකට වෛද්‍යවරයෙකු ඖෂධ නියම කළාම මේ ඖෂධය දිනකට මෙපමණ වාර ගණනක් මෙච්චර ගානක් ගන්න කියලා අදාල රෝගය නියමාකාරයෙන් සූවවෙන්න නම් නැවත මතුනොවීමට අවදානම අඩූකරගන්න නම් මේ ඖෂධය අදාල මාත්‍රාවෙන් ආදාල කාලය බොන්නම ඕනේ. නැත්නම් රෝගය පාලනය වෙන්නේ නැහැ. නැවත කාලයකින් එම රෝගය යළිත් මතුවෙනවා. එහෙම යළි රෝගය මතුවන විට එම ඖෂධවලට ඔරොත්තු දෙන්නෙත් නැති වෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment