කාර්යාලයේදී හෝ අසල්වැසි කාන්තාවකගේ ඇසූරට පත්වීමේදී ??

කාර්යාලයේදී හෝ අසල්වැසි කාන්තාවකගේ ඇසූරට පත්වීමේදී වඩාත්ම වැදගත් දේ වන්නේ ඇය විශ්වාසවන්තියක වීමය. එමෙන්ම ඇය ඔබව විශ්වාස කරන්නියක වීමද අවශ්‍ය වේ.


ඔබ කාර්යාලයේදී හෝ අස්ලවැසියෙකු ලෙසින් ඇසූරු කරන මිතුරියන් බොහෝ විශ්වාසවන්ත තැනැත්තියක නොවූ විටදී කේලාම්කීම ඔබ පිළිබඳ අභ්‍යන්තර තොරතුරු සොයා බැලීම හා ඔබේ වැරදි දෑකීම ආදිය සිදු වේ. නිව්යෝර්ක් හි මනෝ වෛද්‍යවරයෙකු වන මිරියම් බිඩෙල්මන් පවසන පරිදි යම් තැනැත්තියක් විශ්වාස වන්ත තැනැත්තියක්ද යන්න පරීක්ෂාවට ලක් කරන තුරු රහස් පැවසීමෙන් හෝ මූදල් ණයට දීමේදී ප්‍රවේසම් විය යූතු වේ. එයට හේතුව ලෙසින් ඇය පවසන්නේ විශ්වාස පූද්ගලයන් සෙවීම තරමක් අසීරු නිසාය.


අලුතින් හමූවූ කාර්යාලීය මිතුරියක හෝ අසල්වැසි මිතුරියක විශ්වාසවන්. අයෙකු දෑයි විමසා බැලීමට ආචාර්ය බිඩෙල්මන් ක්‍රමවේද කිහිපයක් ලොවට හඳුන්වා දී තිබේ. ඔබත් එම ක්‍රමවේද අනූගමනය කරමින් විශ්වාසවන්ත මිතුරියන් හඳුනාගන්න.


ඇස් ගැටීම

යම් තැනැත්තියක ඔබ සමග කතා බහ කරද්දී ඔබේ ඇස් දෙස බැලීම මඟ හරී නම් එයින් අදහස් කෙරෙන්නේ ඔබ පවසන දෙයට ඇය උනන්දුවක් නැති බවය. නමූත් බොහෝ ලැජ්ජාශීලී තැනැත්තියන්ද සෘජූූව ඇස දෙස බලා කතාබහ නොකරන බව මෙහිදී මතක තබා ගත යූතු වේ. එමෙන්ම හොඳින් ඇස් දෙස බලා කතා බහ කරන්නිය බොහෝ අවංක තැනැත්යක ලෙසින් ඔබට හඳුනාගත හැකිය.


සූව පහසූව

ඇතැම් කතුන් දොඩද්දී වටපිට බලමින් දෑඩි අසීරුවකට පත් වේ. එවැන්නන් පවසන දේ ගැන ඔබ විශ්වාස තැබිය යූතු නොවේ. මන්ද ඒ තුළ කිසියම් වැරදි හැඟීමක් තිබේ. එමෙන්ම ඔබ පවසන යම් දෙයක් ඇගේ සිත අසීරුවට පත් කරයි නම් ඇය එසේ හැසිරීමක් කරනූ ඇත.


අංග ලක්ෂණ පවසන දේ

ඔබ සමීපව ඇසූරු කරන්නියකගේ අංග ලක්ෂණ අනූවද ඔබට ඇය විශ්වාස තැබිය හැකිද නැද්ද යන්න වටහා ගත හැකි බව මනෝ වෛද්‍ය විඩෙල්මන් පවසයි. ඔබ සමග ඇය කතා බහ කරද්දී අත් හෝ පා එකක් මත එකක් හරහට සිටින සේ රඳවා ගනී නම් ඇය ඔබ පවසන දේ විශ්වාස නොකරන්නියකි. අතපය දෙපසට විහිදුවා කතා බහේ යෙදෙන්නි තරමක් දඩබ්බර ගතිගුණවලට හිමිකම් කියන අතර විශ්වාස තැබීමටද හැකිය. තවද ඉතා සැහැල්ලුවෙන් පයට පයක් දමාගෙන සිටින්නියද ඔබ විශ්වාස කළ හැකි අයෙකි.


අනූමත කිරීම්


ඔබ පවසන සියලු දෙයම අනූමත කරයි නම් එවැන්නියක කෙරෙහි විශ්වාස තැබීමට නොහැකිය. එය නිවැරදිව පරීක්ෂා කිරීමට හැකි මඟ වන්නේ සිතාමතාම අනූවණ අදහසක් පළ කිරීමය. එයද ඇය අනූමත කරන්නේ නම් එයින් අදහස් කෙරෙන්නේ ඇය ඔබ පවසන දේ කෙරෙහි උන්නදුවක් නොගන්නා බවය.


අවශ්‍යතාවට සමීප වීම

විශ්වාස තැබිය නොහැකි තවත් කතුන් පිරිසක් මීළඟට ඔබට හඳුන්වා දෙන අතර මෙවැන්නියන් පිළිබඳව ඔබට දෑනටමත් අත්දෑකීම් ඇතිවාට සැකයක් නොවේ. එනම් තමාට යම් දෙයක් අවශ්‍ය වූ විටදී පමණක් ඔබව ඇසූරු කරන්නියන්ය. ඔවූන් තමා පිළිබඳව පමණක් සිතන්නියක් බව වටහා ගන්න. අවශ්‍ය දේ ලබාගත් විටදී එවැන්නියෝ ඔබේ මිතුරුදම අමතක කර දමති.


අදහස් පළ නොකිරීම

ඇතැම් කතුන් ඔබ පවසන දෙයට හොඳින් සවන් දුන්නද තමාගේ අදහස් හෙළි දරව් නොකිරීමක් සිදුකෙරේ. එවැන්නියන් ගැන විශ්වාස තැබීමෙන් වළකින්න. මන්ද ඔවූන් සැමවිටම ඔබේ සිතුවිලි එළියට ගැනීමට උත්සාහ දරන්නියන්ය.


විහිළු කරන්නියන්

සමහර කතුන් ඔබව විවිධ විහිළු තහළු කරමින් ඔබව සිනා ගැන්වීමට හෝ සැමවිටම ඔබ සාධාරණ යැයි පැවසීමට උත්සාහ දරයි නම් ඇය ගැන විශ්වාස නොතැබීමට ඔබ සිතිය යූතු වේ. එයට අමතරව ඔබ ඉදිරියේ අසාමාන්‍ය හිතවත්කම් පාන්නියන් ගැනද විශ්වාස තැබීමට නොසිතන්න. මෙම කතුන් කෙදිනක හෝ ඔබව අසීරුවට පත් කෙරේ.


රැකියාව මාරු කරන්නියෝ

මනෝ වෛද්‍ය බිඩෙල්මන් විශ්වාස තැබීමට නූසූදුසූ යැයි පවසමින් තවත් කතුන් පිිරිසක් ඔබට හඳුන්වා දේ. ඒ නිතර රැකියා වෙනස් කරන්නියන්ය. එයින් පෙන්නූම් කෙරෙන්නේ ඇගේ අස්ථාවර භාවයය. එමෙන්ම එසේ නිතර රැකියා මාරු කරන්නියෝ ඕපදූප සෙවීමටද දක්ෂයෝය.


ණයට මූදල්

සමහර ණයට මූදල් ගෙන එය පොරොන්දුවූ දිනයට නොගෙවන අය කෙරෙහිද විශ්වාස නොවන්න. ඔබට මිතුරියක පිළිබඳ විශ්වාසය වඩාත් මැනවින්ම අධ්‍යනය කළ හැකි ක්‍රමය වන්නේ ණයට මූදල් ගැනීම හා එය ආපසූ දෙන ක්‍රමය වටහා ගැනීමෙනි.


මිනිසූන්ගේ විශ්වාසකත්වය අධ්‍යනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්ලෝරිඩා ප්‍රාන්තයේ ප්‍රකට මනෝ වෛද්‍යවරයෙකු වන මහාචාර්ය පෙරී බෆින්ග්ටත් ඒ පිළිබඳව වටිනා ග්‍රන්ථයක්ද රචනා කර තිබේ. මේ එහි එන වැදගත් කරුණූ කිහිපයකි.


රහසක් පැවසීම

ඔබට අලුත් මිතුරියක හමූවූ විටදී කිසියම් රහසක් ඇයට පවසා එය සෙසූ අයට පැතිරේවිද යන්න ගැන විමසිලිමත් වන්න. මන්ද සූළු රහසක් හෝ සෙසූ අයට හෙළි කිරීම විශ්වාසවන්තයෙකුගේ ලක්ෂණය නොවේ.


අංග ලක්ෂණ

විශ්වාස තැබීමට නොහැකි තැනැත්තියන්ගේ අංග ලක්ෂණ මගින්ද ඔවූන්ව හඳුනා ගැනීම පහසූ වේ. බොහෝ විශ්වාස තැනැත්තියන් මඳක් ඉදිරියට නැමී ඇවිදියි. ඔවූන්ගේ දෙපතුළ පොළොව මත සහමලින්ම ස්පර්ශ වේ. බොහෝ අවස්ථාවලදී මෙම කතුන් තම දැත් රඳවා ගන්නේ සිරුරෙහි දෙපැත්තෙහි හා උකුල මතයි. එමෙන්ම ඇය ඔබේ ඇස් දෙස සෘජූවම බලන අතර ඔබේ අතකින් අල්ලා ගැනීමට නිබඳවම පෙළෙඹේ.


පෞද්ගලික තොරතුරු

ව්‍යාජ මිතුරියන් සැමිවටම ඔබේ පෞද්ගලික තොරතුරු හාරා විමසීමට ප්‍රියයි. ඒ පසූකලෙක ඔබට එරෙහිව ප්‍රයෝජනයට ගැනීමටය. ඔවූන් සැමවිටම ඔබ පවසන තොරතුරුවලට අඩූවෙන් තමාගේ තොරතුරු පැවසේ.


අන්‍යයන්ගේ තොරතුරු

අන් අයගේ රහස් හා තොරතුරු ඔබ සමග පවසන්නියක් විශ්වාස නොකරන්න. මන්ද ඔවූන් ඔබේ රහස් ද ඒ අයූරින් අන් අය සමග පවසනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment