මූහූණ පේෂල් කරන විට අවධානය යොමූ කළ යූතු කරුණූ


ඔබගේ මූහූණේ සම දීප්තිමත්ව, නිරෝගීව හා පැහැපත්ව තබා ගැනීමටත් එමෙන්ම සම වියපත් වීම පමා කිරීමටත් රූපලාවන්‍යය තාකෂණය තුළින් බිහිවූ විශිෂ්ටතම ප්‍රතිකර්මය පේෂල් කිරීම බව සත්‍යයකි. දැනට වසර 10 කට පෙර පේෂල් ප්‍රතිකර්මය සඳහා භාවිත කළ ක්‍රීම් වර්ග පැක්වර්ග හා උපකරණ බොහොමයක් අභාවයට ගොස් නවතම උපකරණ හා ක්‍රමවේදයන් මේ සඳහා එක්වූයේ නවතම සොයා ගැනීම්වල ප්‍රතිඵල වඩාත් සාර්ථක වූ බැවිනි.
විශේෂයෙන්ම බටහිර රූපලාවන්‍ය ශිල්පීන් සහ වෛද්‍යවරු මේ සඳහා නිතරම පර්යේෂණවල යෙදෙති. මේ නිසා ඔවූන් සොයාගන්නා විවිධ ඖෂධ සහ උපකරණ ක්‍රමයෙන් රූපලාවන්‍ය වෙළෙඳපොළට පැමිණෙයි. එහෙත් ප්‍රශ්නයක්ව ඇත්තේ මේ ඖෂධවල මූලික වෙළෙඳ නාම භාවිත කරමින් සමහර රටවල වෙළඳ සමාගම් මගින් ප්‍රමිතියෙන් හා මිලෙන් අඩූ ඒවා නිපදවීමයි. මේ ගැන නොදත් පාරිභෝගිකයා ලාභය නිසා මේවා මිලදී ගැනීමට පෙළඹේ. නමූත් ලැබෙන ප්‍රතිඵලය සම්පූර්ණ නොවන බව කිව යූතුය. උපකරණ භාවිතයද එසේමය.

සමහර ආසියානූ රටවල මෙම උපකරණ අඩූ මූදලට නිපදවීම සිදුකරයි. නමූත් එම උපකරණ කෙසේ කුමන අවස්ථාවලදී කුමන ආකාරයට භාවිත කළ යූතු ද යන්න විස්තර පත්‍රිකාවක අඩංගු නොවේ. මෙය භාවිත කිරීමෙන් සිදුවන ප්‍රතිඵලද සඳහන් නොවේ. සමහර අවස්ථාවල මේවා අලෙවි කිරීමේදී එම වෙළඳ සේවකයා තමා දන්නා භාෂාවෙන් කියා දෙන්නේ එම උපකරණ ක්‍රියාකරන ආකාරය පමණි. නමූත් එය ප්‍රමාණවත් නොවේ. උදාහරණයක් වශයෙන් වැකුම් උපකරණය පේෂල් කිරීමේදී භාවිත කරන ආකාරය පිළිබඳ විස්තර ප්‍රත්‍රිකාවක් ඔබ මිලදී ගන්නා විට ඔබට නොලැබේ. ඔවූන් කියා දෙන්නේ එය ක්‍රියාකරවන ආකාරය පමණි. නමූත් ඔබ බටහිර රටක පිළිගත් රූපලාවන්‍ය ආයතනයකින් මෙය මිළදී ගන්නා විට මේ පිළිබඳ සම්පූර්ණ විස්තර පත්‍රිකාවක් ඔබට ලැබේ. තවත් වැඩිදුර කරුණූ අවශ්‍ය නම් රූපලාවන්‍ය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ අයෙකුගේ සහය ඔබට ලැබේ. එවිට ඔවූන් ඔබට කියා දෙන්නේ මූහූණේ රෝම කූපවලට තදින් කිඳා බැස ඇති තෙල් හා කුණූ හොඳින් ඉවත් කිරීම සඳහා මූහූණේ යට සිට ඉහළට මෙය ගෙන යා යූතු ආකාරයයි.

එමෙන්ම කුරුළෑ හා කැලැල් සහිත මූහූණ කට මෙය යොදන්නේ කොහොමද? වාර කීයක් යෙදිය යූතුද යන්න හාස්‍යය හා ඇස් අවට කුමන ආකාරයෙන් කළ යූතුද යන්න මනාව වටහා දෙයි. අපගේ මූහූණේ හා බෙල්ලේ පිහිටා ඇති වසා ග්‍රන්ථි මගින් සමේ දීප්තිමත් බව හා නිරෝගී බව වැඩිකිරීම සඳහා මහත් සේවයක් සිදුකරන බව අපි දනිමූ. මේවායෙහි ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට වැකුම් බටය ප්‍රයෝජනවත් වේ.

ඔබගේ කණ ඉදිරිපිට මූහූණේ වසා ග්‍රන්ථි යූගල දෙකක් ඇත. මූහූණේ හකුව යට බෙල්ලේ ඉහළ කෙළවරේ වසා ග්‍රන්ති තුනක් ඇත. නිකට යටින් බෙල්ල ආසන්නයේ වසා ග්‍රන්ථි 2 ක් ඇත. බෙල්ල මැද ඉදිරිපස වසා ග්‍රන්ථි 3 ක් ඇත. බෙල්ල මූල ග්‍රන්ථි 3 ක් ඇත. බෙල්ල මැද ඉදිරිපස වසා ග්‍රන්ථි 3 ක් ඇත. බෙල්ල මූල ග්‍රන්ථි 3 ක් ඇත. ඊට පහළින් තවත් ග්‍රන්ථි 2 ක් ඇත. මේවා පිහිටි ස්ථාන නිසි ලෙස හඳුනාගෙන ඒ මත මතුවී බටය යෙදීමෙන් ඒවායේ ක්‍රියාකාරිත්වය වැඩිවේ. මේ ආකාරයෙන් ඔබ රූපලාවන්‍යය කටයූතු සඳහා ඕනෑම උපකරණයක් මිලදී ගැනීමේදී එය කෙසේ භාවිත කළ යූතුද ඒවායින් ලැබෙන ප්‍රතිඵල මොනවාද යන්න දැනගත යූතුය. මෙසේ දැන ගැනීම ඔබ රූපලාවන්‍ය වෘත්තියේ යෙදෙන්නෙක් නම් ඔබට මහත් පිටිවහලක් වනූ ඇත.

එමෙන්ම ඔබගේ සේවාලාභියාට මෙයින් සිදුවන යහපත බොහෝය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment