මනාලියක් මේක් - අප් කරන්නේ කොහොමද ?


අප එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය ගමනට බිමනට හා විශේෂ උත්සව අවස්ථාවලට සහභාගිවීම සඳහා මූහූණ මේක් ඃ අප් කරනූ ලබයි. මෙම අවස්ථාවලදී අනූගමනය කරන ක්‍රියාමාර්ගවලට වඩා විශේෂිත ක්‍රමයක් මනාලියක් මේක් ඃ අප් කිරීමේදී යොදා ගනූ ලබයි. මංල දිනයේදී උත්සවයට සහභාගිවන සියලු දෙනාගේම නෙත්වල අවධානය යොමූවන්නේ මනාලිය කෙරෙහිය. සාරිය, මල් කළඹ මෙන්ම ඇගේ මූහූණ වඩාත් ආකර්ෂණීය ලෙස මංගල දිනයේදී තිබිය යූතුමය. එම නිසා මනාලියන් මේක් ඃ අප් කිරීමේදී ඔබ වඩාත් සූපරීක්ෂාකාරි විය යූතුය.


මෙහිදී මූලින්ම ඔබ කළ යූත්තේ උසස් වර්ගයේ ක්ලෙන්සර් කී්‍රම් එකක් භාවිත කොට මූහූණ බෙල්ල සහ කන් දෙක හොඳින් ක්ලෙන්සර් කිරීමයි. ක්ලෙන්සර් කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ කුණූ තෙල් දූවිලි සියල්ල හොඳින් ඉවත් කිරීමයි. නිසි ලෙස ක්ලෙන්සර් නොවූණොත් කුණූ දූවිලි ඉතා සියූම් ලෙස තැන්පත් වී තිබීමෙන් එම ස්ථාන මේක් අප් කිරීමෙන් පසූ වෙනත් පැහැයක් ගනී, සමහරු නොදෑනූවත් කමින් මූහූණ පමණක් ක්ලෙන්සර් කර බෙල්ල සහ කන්පෙති ක්ලෙන්සර් නොකරයි. එවැනි මනාලියන්ගේ මංගල ඡායාරූප හොඳින් පරීක්ෂා කර බැලුවහොත් මේ වෙනස ඔබට හොඳින් දෑකගත හැකියි.

ක්ලෙන්සර් කිරීමෙන් පසූව ටෝනර් එකක් ආලේප කරන්න. ක්ලෙන්සර් කිරීමෙන් සමේ ඉතා සියූම් කුහර විවෘත වේ. එසේ විවෘත වූ සියූම් කුහර නැවත වැසිය යූතුය. ඒ සඳහා ටෝනර් භාවිත කිරීම වැදගත්ය. ටෝනර් ආලේප නොකළහොත් සිදුවන්නේ ක්ලෙන්සර් කිරීම නිසා විවෘත වූ සියූම් කුහරවලින් මේක් අප් කී්‍රම් සමතුළට යාම නිසා පසූව මූහූණේ බිබිලි හට ගැනිමට හෝ කැසීම් ඇති වීමට හැකිවීමයි. ටෝනර් ආලේප කිරීමෙන් පසූව හොඳ මොයිෂ්චර්රයිසර් කී්‍රම් එකක් සෑම තැනම ආලේප කරන්න. මොයිස්චර්රයිසර් ආලේප කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සම වියලීම වළක්වා තෙතමනය රඳා ගැනීමයි. මේ නිසා ෆවූන්ඩේෂන් ආලේප කිරීම පහසූ වේ. ෆවූන්ඩේෂන් ආලේප කිරීමේදී වඩාත් සැලකිය යූත්තේ සමේ පැහැය සහ සමේ ස්වභාවයයි.

ෆවූන්ඩේෂන් වර්ග කීපයක් ඇත. පෑන් කේක් පෑන්ස්ටික්, ලික්විඩ් ෆවූන්ඩේෂන්, හා ජෙල් ෆවූන්ඩේෂන් ආදී වශයෙන් වර්ග කීපයක් දක්නට ලැබේ. මනාලියගේ මූහූණේ සම ස්වභාවයෙන්ම වියළි සමක් නම් ලික්විඩ් ෆවූන්ඩේෂන් වඩාත් සූදුසූය. ඇගේ සම තෙල් සහිත සමක් නම් ඒ සඳහා භාවිත කළ යූතු වන්නේ ජලය අඩංගු" ෆවූන්ඩේෂණ්ය. මූහූණේ ලප කැළැල් කුරුළෑ නොමැති එමෙන්ම සාමාන්‍ය සමක් ඇති අයට ජෙල් ෆවූන්ඩේෂන් වඩාත් සූදුසූය.

වඩාත් සූදු පැහැති සමක් නම් යෙලෝ බේස් ෆවූන්ඩේෂන් යොදන්න. සාමාන්‍ය පැහැපත් සමක් නම් බේජ්කලර් ෆවූන්ඩේෂන් සූදුසූය. තද දුඹූරු සමක් නම් ඩාර්ක් බේර් ෆවූන්ඩේෂන් ගැළපේ. මනාලියගේ මූහූණේ වඩාත් ලප කැළැල් ඇත්නම් මොයිෂ්චර්රයිසර් ආලේප කිරීමෙන් පසූව ෆවූන්ඩේෂන් යෙදීමට පෙර කන්සීලර් එකක් ආලේප කළ යූතුයි. මෙය සමේ පැහැයට අනූව තෝරා ගැනීමට ප්‍රවේසම් විය යූතුය. විවිධ කන්සීලර් වර්ග විවිධ මිළ ගණන් යටතේ විවිධ නාමයෙන් වෙළෙඳ පොළේ ඇත. නමූත් තත්ත්වයෙන් උසස් කන්සීලර් එකක් මනාලියගේ මූහූණ මත ආලේප කරන්නේ නම් වඩාත් හොඳය.

ෆවූන්ඩේෂන් භාවිත කරන විට තවත් ඔබ අවධානය යොමූ කළ යූතු කරුණක් ඇත. ඔබට මේක් අප් කිරීමට ලැබෙන මනාලියගේ මූහූණේ ස්වභාවිකවම පිහිටි යම් යම් අඩූපාඩූ තිබිය හැක. සමහර විට ඇගේ මූහූණේ නිකට යටින් මස්පිඬූ එල්ලා හැලීමට පූළුවන. තවත් විටෙක ඇගේ මූහූණේ මස්පිඩූ ඉතා ලිහිල්ව එමෙන්ම මූහූණ වඩා මහත්ව තිබිය හැක. තොල් වඩාත් සිහින්ව තිබිය හැක. ඇස් කුඩාවට හෝ බොහෝ ලොකුවට තිබිය හැක. මූහූණේ නාසය වඩාත් ඉස්මතු වී පෙනිය හැක. මේ කරුණූ සියල්ලක්ම ගත් කළ අපට පෙනෙන්නේ මේක් අප් එක මගින් සැඟවිය යූතු ස්ථාන ඔප්නංවා පෙන්විය යූතු ස්ථාන ඇති බවයි. ඔප් නැංවිය යූතු ස්ථාන මොනවාද සැඟවිය යූතු ස්ථාන මොනවාද යන්න ඔබ හොඳින් තේරුම් ගත යූතුය. එසේ තේරුම් ගෙන හයිලයිටි ක්‍රමය සහ ෂේඩින් ක්‍රමය අනූගමනය කළ යූතුය.


හයිලයිටි කරන ස්ථාන මොනවාද එයට සූදුසූ වර්ණය කුමක්ද කියා තෝරාගෙන අවශ්‍ය ස්ථාන හයිලයිටි කළ යූතුය. ෂේඩින් කළ යූතු ස්ථාන හොඳින් වටහාගෙන එයට සූදුසූ වර්ණය තෝරා ෂේඩින් කළ යූතුය.


උත්සවයෙ පසූව සිය මංගල ඡායාරූප දකින සමහර මනාලියන් මැසිවිලි නගන්නේ ඉහත සඳහන් කළ පරිදි හයිලයිටි කිරීම සහ ෂේඩින් කිරීම නිසි පරිදි සිදු නොවූ විටය.


ෆවූන්ඩේෂන් කිරීමෙන් පසූව ට්‍රාන්ස්ලූෂන් පවූඩර් එකක් ආලේප කළ යූතුය. මෙම පවූඩර් වර්ගය විනිවිද පෙනෙන එකකි. මෙය ආලේප කිරිමෙන් ෆවූන්ඩේෂන් එකේ පැහැය වෙනස් නොවේ. එය වඩාත් පැහැදිලිව දීප්තිමත්ව පෙනේ. ඔබ භාවිත කරන්නේ ඉතාම උසස් වර්ගයේ ෆවූන්ඩේෂන් වර්ග නම් ඒවායේ නිරන්තරයෙන්ම ට්‍රාන්ස්ලූෂන් පවූඩර් අඩංගුව ඇත. එම නිසා නැවත පවූඩර් යෙදීමට අවශ්‍ය නොවේ.


අයි ෂැඩෝ නිතරම මනාලියගේ සාරියේ පැහැයට ගැළපිය යූතුය. බ්ලෂර් වල පැහැයද ඇසේ සමේ පැහැයට හා සාරියේ පැහැයට අනූකූල විය යූතුය. අයිලයිනර් සහ මස්කාරා වතුරට ඔරොත්තු දෙන තත්ත්වයේ උසස් ඒවා විය යූතුය.


තොල්වල ලිප්ස්ටික් ආලේප කිරීමට පෙර තොල් ධඹඔ ඛෂභෑ කරන්න. ඉන්පසූව උ්ඔෑසෘ ඡසෘධධඔ ලිප්ස්ටික් එකක් සමේ පැහැයට ගැළපෙන ලෙස ආලේප කරන්න. අවශ්‍ය නම් පමණක් ලිප්ස්ටික් ආලේප කිරීමෙන් පසූව ලිප් ග්ලොස් ආලේප කරන්න. ඉන්පසූව ඒ මතින් ලිප්ස්ටික් සීලර් එකක් ආලේප කරන්න.


ඡායාරූප ගැනීම සහ මංගල උත්සවයේ කටයූතු සඳහා මනාලියකට පැය 5 ඃ 6 ක් කාලයක් මූහූණේ මේක් අප් එක වෙනස් නොවී එකම ලෙස තබාගත යූතුව ඇත. සමහර විට දහඩිය දෑමීම හේතුවෙන් මේක් අප් දිය වී යාමට පූළුවන. එම නිසා ජලයට ඔරොත්තු දෙන ඉතා උසස් වර්ගයේ මේක් අප් වර්ග මනාලියට යොදනවා නම් ඉතා හොඳය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment