ආහාරයට ලූණූ, මිරිස්, කුළුබඩූ වැඩිවීමත් හොඳ නැහැ

මැටි භාජන තමයි කෑම ගන්න හොඳ. ඇලූමිනියම් භාජන හොඳ නෑ... ලන්ච්ෂීටි කියලා කෑම ඔතන පොලිතින්වලින් පිළිකා හැදෙනවා කියලා අළුත් මතයක් ගොඩනැගෙමින් තිබෙනවා. කෙසෙල් කොළ නෙළුම් කොළ කොළපත ්වගේ දේවල් කෑම ගන්න පූළුවන් නම් ඉතින් ගොඩක් හොඳයි. ආහාරවල විෂ ගතියක් තියෙනවා නම් ඒ විෂ ගතිය මැටි භාජන උරාගන්නවා.

බීමට ගන්න කෝප්ප ගැන වූනත් සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ රජකාලේ ජීවත් වූන වැසියන් ආයූර්වේදයට අනූව ඔවූන්ගේ ජීවන රටාව පවත්වාගෙන යන්න උත්සාහ කරලා තියෙනවා. "සූශ්‍රැත සංහිතාව" කියන ග්‍රාන්තය පරිශිලනය කළොත් ඒ තත්ත්වය වඩාත්ම පැහැදිලි වෙනවා.

පූරාතනයේ අපේ මිනිස්සූ එළඟි තෙල් බිව්වේ යකඩ කෝප්පවල. කෝපි වගේ බීම බිව්වේ රිදී කෝප්පවල තෙල් යොදා සකස් කළ ආහාර රත්තරං භාජන වල කිරි බීවේ තඹ භාජනවල අච්චාරු ආහාරයට ගත්තේ ගල් මැටි පළිඟු භාජනවල.

තද ශීතල වගේම තද උෂ්ණයෙන් යූතු ආහාර නිතර ආහාරයට ගන්න එපා.

මේරූ අලවර්ග වැහැරුණූ සතුන්ගේ මස්, ඌරු මස්, බැටළුමස්, මීහරක් මස්, උෂ්ණ සහිත මාළු වර්ග කරවල උඳුපිටිවලින් සෑදූ කැම වර්ග වියලි ශාකවලින් හදන කෑම, විනාකිරි, තක්කාලි මිශ්‍ර ආහාර නිතර ගන්න එපා.

ලූණූ මිරිස්, කුළුබඩූ, වැඩියෙන් දෑමූ ආහාරත් නිතර නිතර ගන්න හොඳ නැහැ. පිළුනූවූනාම රත්කළ ආහාරත් ශීත වෙන්න තියලා ආපහූ රත්කළ ආහාරත් නිතර නිතර ගන්න හොඳ නැහැ.


ආයූර්වේද වෛද්‍ය

නිල්මිණි ප්‍රේමතිලක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment