තාත්තාගේ තටිටය පෑදීම පූතාටත් ආරෙට යනවාද?

අද ජීවත්වෙන වැඩිහිටි පිරිසගේ මෙන්ම යෞවනයන්ගේද අසහනකාරි ප්‍රශ්නයක් බවට පත්ව ඇති තටිටය පෑදීම ගැන මෙවර අපි කතා කරමූ.

මෙහිදී නිතර කියවෙන කරුණක් වන්නේ පියාගේ තටිටය පෑදීම පූතාටත් ආරෙට යනවාද යන්නයි. මෙහි සත්‍යතාවයක් ඇත්දෑයි අපි විමසා බලමූ.


කෙස් ගැලවීමෙන් හිසේ තටිටය පෑදීම අපි හඳුන්වනවා "බෝල්ඩඩ් හෙයාර"් යනූවෙන්. උඳුගොව්වන් කෑමෙන් වූණත් තටිටය පෑදෙන්න පූළුවන්. රෝගී තත්ත්වයක් වෙනවා. වඩාත් බහූලව දෑකිය හැකි රෝගී තත්ත්වය තමයි හිසකෙස් ගැලවීමෙන් තටිටය පෑදීම ආරෙට යාම.


මෙම තටිටය පෑදීමත් ආකාර දෙකකට වෙනවා. එකක් අපි හඳුන්වනවා හෙරිඩටරි මේල් පැටන් බෝල්නස් කියල. මෙය පිරිමි පක්ෂයේ තටිටය පෑදීම. ඒ වගේම හෙරිඩටරි පිමෙල් පැටන් බෝල්නස් යනූවෙන් හඳුන්වන්නේ ගැහැනූන්ගේ කොණ්ඩය ගැලවී යාමෙන් තටිටය පෑදීම යම් කිසි පැටන් එකක් කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ කලාවක් මෝස්ත්රයක් නේ. මෙය මෝස්තර දෙකකට කොණ්ඩය ගැලවී යාමක්.


හෙරිඩටරි මේල් පැටන් බෝල්නස් වලදී නළල දෙපස මූලින්ම කොණ්ඩය ඉවත් වෙනවා. ඊළඟට ද හිස මැද කොටසේ කෙසේ අඩූවෙන්න පටන් ගන්නවා. ටික දවසක් යනකොට නළලේ දෙපස කෙස් අඩූවී යන එකත් හිස මැද කොටසේ කෙස් අඩූ වී යන එකත් එකට එකතු වෙලා හිසේ එම ප්‍රදේශයේම කෙස් නැතිවෙන තත්ත්වයක් එනවා. එවැනි හිසක දෑක ගත හැක්කේ හිසේ වටෙි ඇති කෙස් කොටස් විතරයි. මැද කොටස සම්පූර්ණයෙන් හිස් තත්ත්වයට පත් වෙනවා.


හෙරිඩටරි පීමෙල් පැටන් බෝල්නස් වලදී වෙන්නේ හිසේ උඩ කොටසේ කෙස්ගස් අඩූවෙනවා. හැබැයි ගැහැණූ අයගේ කවදාවත් සම්පූර්ණයෙන්ම කෙස්ගස් ගැලවී තටිටය පෑදෙන්නේ නෑ. ඔවූන්ගේ කොණ්ඩය ගැලවීම බලපාන්නේ කොණ්ඩයේ ඝනත්වයට පමණයි. මෙයට හේතුව ලෙස සලකන්නේ ඇන්ඩජන් හෙවත් ටෙස්ටෙස්ටරෝන් කියන පිරිමි ලිංගික හොමෝනයේ ක්‍රියාකාරිත්වය. මෙම හෝමෝනයේ ක්‍රියාකාරිත්වය වැඩිවෙත්ම හිසකෙස් ගැලවී යනවා. මෙම තත්ත්වයට කළ හැකි එකම සාර්ථක ප්‍රතිකාරය වෙන්නේ හෙයාර් ට්‍රාන්ස් ප්ලාන්ටි කරන එක විතරයි. සාමාන්‍යයෙන් මෙය ලංකාවේ දෑනට කෙරෙන්නේ නැහැ. ඉන්දියාවේ පකිස්ථානයේ වගේ රටවල කරනවා. මේ සඳහා ලක්ෂ හතරක් පහක් යනවා.


නමූත් සමහර අයට කොණ්ඩය ට්‍රාන්ස් ප්ලාන්ටි කරපූ තැන කෙස් ගස් ඉතිරි වෙද්දි අනෙක් තැන කෙස්ගස් ගැලවී යනවා. ඒ වගේ අතුරු ප්‍රශ්න ඇති වෙනවා. දෑන් දෑන් වෛද්‍යවරු පවා හිතනවා මේ කරන වැඩේ තේරුමක් තියේද කියල. ඇතැම් රෝගීන්ගේ හෙයාර් ට්‍රාන්ස් ප්ලාන්ටි කිරීම ඉතාම සාර්ථකව කරලා තියෙනවා.


ගැහැනූ අයගේ කොණ්ඩයේ ඝනත්වය අඩූවීම වළක්වා ගැනීමට කිසිදු ප්‍රතිකාරයක් තවමත් නැහැ. කොණ්ඩය වඩවන්න නියොක්සිජන් කියන ද්‍රාවණය ඔලුවට දානවා. මෙම ද්‍රාවණය ඔලුවට දානතෙක් කෝණඩය වැඩීම සිදුවෙලා පසූව නැවතත් කොණ්ඩය ගැලවී යනවා. ඒ නිසා මෙම ප්‍රතිකාරයත් එතරම් සාර්ථක නැහැ. අපි හිතමූ අවූැරදු තුනක් මේ බෙහෙත ඔළුවට දානවා කියලා ඒ අවූරුදු තුනේම කොණ්ඩය හිසේ තියෙනවා. ප්‍රතිකාරය නැවැත්වූ ගමන් කොණ්ඩය යනවා. මේ නිසා තමන්ගේ කෝණඩය අකලට ගැලවීමෙන් තටිටය පෑදීම ගැන මැසිවිලි නගමින් අපිව සොයා එන රෝගීන්ව මා දෑනූවත් කරනවා තටිටය පෑදීම පූරුෂභාවයේ ලක්ෂණයක් නිසා නිකම් අනවශ්‍ය ලෙස හිත කලබල කර ගනිමින් දුක් නොවන ලෙසට. ඔවූන්ගේ මනසට ප්‍රතිකාර කිරීම තුළින් රෝගීන් මෙම තත්ත්වය තේරුම් අරගෙන නැවත පිටව ගිය අවස්ථා ඕන තරම් මගේ වෛද්‍ය ජීවිතය තුළ දෑකලා තියෙනවා.


ඇතැම් විට අවූරුදු 22, 23 වයස් කාණ්ඩවල තරුණ කොටස් තමන්ගේ කොණ්ඩය යෑමෙන් තටිටය පෑදීම ගැන බොහෝ දුක්වෙමින් එය බරපතල ප්‍රශ්නයක් බවට පත් කරගත් අවස්ථා අපි දෑකලා තියෙනවා. එවැනි තරුණයන්ට මා වෛද්‍යවරයෙකු විදිහට අපේ රටෙි අතීත යූග පූරුෂයන් මතක් කරමින් ඔවූන්ගේ පෙනූම, පෞරුෂය ගැන සිහිකරමින් ඔවූන් වැටී ඇති මානසික කම්පනයෙන් ගොඩ ගන්න උත්සහ කරනවා.


තවත් දෙයක් තමයි වායූසමීකරණ යට ඉන්න නිසා, හෙල්මටි දෑමීම කිවූල් වතුර නෑම නිසා කොණ්ඩය යනව කියන කතා බොරු. අපි ඉපදෙන කොටම අපේ ජාන තීරණය කරගෙන ඉන්නවා අපේ කෙස් යනවද? නැද්ද? කියල. ටෙස්ටෙස්ටරොන් කියන හෝමෝනයේ ක්‍රියාකාරිත්වය මත පමණයි හිසකෙස් යනද නැද්ද කියල තීරණය වෙන්නේ. අනෙක් සියලු කාරණා වල කිසිදු සත්‍යතාවක් නැහැ.


ඇතැම් විට පිළිකා සඳහා නිර්දේශ කරන බෙහෙත්, හෙපටයිටිස් රෝගය, දරුවෙකු ලැබූණූ මවක් එම දරුවාට කිරි දෙන විට හිස්කෙස් ගැලවී යනවා.


ගැහැණූ කෙනෙකුගේ කොණ්ඩය සම්පූර්ණයෙන් ගැලවී තටිටය පෑදීමේ අවස්ථා තියෙන්නේ දෙකයි. එකක් උඳුගොව්වන් කෑමෙන් ඇතිවෙන ඇලෝකේෂියා ටෙිටෝරිස් තත්ත්වය සහ පිළිකා රෝගය මර්දනය සඳහා දෙන සැර බෙහෙත් නිසා.





අසෝක කමලදාස

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment