මහත්වෙන්න කැමති නම් අළු පූහූල් කන්න



දරුඵල අහිමි කාන්තාවන්ටත් අළු පූහූල් ගුණයි
අළුපූහූල් නම ඇසූ සැණින් අපගේ සිහියට නැගෙන්නේ අතීතයේ ප්‍රචලිතව පැවති පූහූල් හොරා කරෙන් දැනේ යන ජනප්‍රවාදයේ සඳහන් ජනකතාවයි. එයින් අපට පෙනීයන්නේ අළු පූහූල් අතීතයේ සිටම ගැමියන් අතර ඉතා ප්‍රචලිතව තිබූ එළවළුවක් බවයි.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වැඩි වශයෙන් ආහාරයට ගන්නා පූහූල් නිජ බිම වශයෙන් ජාවා රට හැඳින්විය හැකි අතර වියළි් කලාපයේ ඵල දරනා උෂ්ණය සමනය කරන දියර ගතියෙන් යූතු සිසිල් එළවළුවකි.

එමෙන්ම පැරණි ගැමියෝ බලි, තොවිල්, ශාන්තිකර්ම ආදිය සඳහා පූහූල් උපයෝගි කර ගත් බව සඳහන් වෙනවා. මේ නිසා අපි පූහූල්වල ඇති ගුණය පිළිබඳ විමසා බලමූ.

ආයූර්වේදයේදී සඳහන් පරිදි මධූර රසින් යූතු හා තෙල් ගතියෙන් යූතුය. බූද්ධි වර්ධනයට උපකාරී වන පූහූල් වාත, පිත, සමනය කිරීම හා ප්‍රධාන වශයෙන් ශරීරයේ ලේ යන (නාසය, අර්ශස්) රෝගවලට සූදුසූ වේ.

තව ද පිපාසය නිවන, ආහාර දිරවීමට පහසූ කරන, මල බූරුල් කරවන, වේදනා නාශකයක් ලෙස ද ගුණවේ.

ආයූර්වේදයට අනූව කෙසඟ සිරුර පෘෂ්ටිමත් කරන ධාතු වර්ධනය කරවන (මස්, මාංශපේෂි) හා ශරීර ශක්තිය වර්ධනය කරයි.


පිළිස්සූණූ තුවාල සඳහා පූහූල් මද හා පත්‍ර ඇල්දියෙන් අඹරා බාහිරෙන් ආලේප කිරීමෙන් දැවිල්ල සමනය වී යයි.

විෂට සහ උෂ්ණයට පූහූල් දඬූ කසාය ලබාදීම සූදුසූය.

ඇට

පණූ රෝග සඳහා වේලා කුඩූකර ඇල් ජලයෙන් දියකර දීමත් ගුණදායක වේ.

ආයූර්වේදයේ ශරීරය පෘෂ්ටිමත් වීම සඳහා පූහූල් අඩංගු ඖෂධ නිෂ්පාදනය කර ඇති අතර දරු ඵල අහිමි මවූවරුන්ට දරුඵල ලබාගැනීමට පූහූල් ඉතා ගුණ ඖෂධයකි.

අපේ නිවෙස්වල අම්මලා ඉතා රසවත් වෑංජනයක් ලෙස සාදා ආහාරයට ගන්නා පූහූල්වල අඩංගු වී තිබෙන ගුණය පිළිබඳ දන්නා නිසා එදිනෙදා ආහාර වේලට දැන් ඔබ අළු පූහූල් එක්කර ගන්නවාද නොඅනූමානයි.




ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්
ආයූර්වේද ශිකෂණ රෝහල,
බොරැල්ල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment