කිරිකැටියා අසල මහහයියෙන් කෑගසන්න එපා

මනස සංවර්ධනයක් පිළිබඳව දෑන නොසිටියද, ඔබට මතකද, එදා අපේ අම්මලා කුඩා දරුවන් සිටින අසල ඉහළිින් පාට පාට රෙදි කෑලි ගැට ගසා තිබූ අයූරු...

සති කිහිපයක් වයසැති බිළිඳාට හැඩතල පූද්ගල රූප ආදිය පිළිබඳව සංවේදීතාව අඩූ වූවද ඔහූ වර්ණවලට සංවේදීතාවක් දක්වයි.

බොහෝවිට මාසයක් පමණ ඉක්ම යනවිට දරුවා දෙනෙත් විදහා අවට රූප නරඹයි.

දරුවාගේ කාමරයේ බිත්ති මත දීප්තිමත් ප්‍රියජනක වර්ණවලින් යූතු සත්ත්ව රූප මල්වල රූප ආදිය අලවා කාමරය අලංකාර කිරීමෙන් දරුවාගේ නෙතට නිතර වර්ණ ඇස ගැටීම සිදුවේ.

රූප හඳුනාගැනීමක් සිදුනොවූනද වර්ණරටා දරුවාගේ මනසේ වර්ධනයට බලපායි. දරුවාගේ නෙතට වර්ණ වඩාත් සංවේදී වන නිසා දරුවා තමා අවට ඇති වර්ණවත් දැ දෙසට නෙතු හරවමින් බලන්නටත් ප්‍රතිචාර දක්වන්නටත් පටන් ගනී.

ප්‍රතිඵලයක් ලෙස වර්ණවත් දේ දෙස බලමින් සිනාසෙන්නටත් මූවින් යම් යම් ශබ්ද පිටකිරීමටත් පටන්ගනී.

වර්ණවලට සේම ශබ්දවලටත් ළදරුවා ඉතාම සංවේදීයි.

හදිසියේ ඇසෙන ශබ්ද වලට දරුවා තිගැස්සෙනූ ඔබ දෑක ඇත.

ශබ්දයන්ට දක්වන සංවේදීතාවය දරුවාගේ මනස සංවර්ධනයට යොදාගත හැකියි.

නැළවිලි ගී ගැයීම, දරුවාට ආදරයෙන් ඇමතීම මෙන්ම දරුවාට ඇසෙන සේ සෞම්‍ය සංගීත කාණ්ඩ වාදනය අතිශය ප්‍රතිඵලදායකය.

දරුවෙකු සිටින තැනක ඝෝෂාකාරී ගීත හෝ සංගීතය වාදනය නොකළ යූතුයි.

ආගමික පැත්තෙන් කියවෙනදේද දරුවාට ඇසීීීමට සැලැස්වීමද වැදගත්ය. මේ මගින් දරුවාට අතිශය සංසූන් ප්‍රබල මනසක් ඇතිකළ හැකියි.

දරුවා අවදිව සිටියදී මෙන්ම නිදා සිටියදී ද මේවා ශ්‍රවණයවීමට ඉඩදිය යූතුයි.

කිසිවිටකත් දරුවා සිටින අසලක සිට මහ හඬින් කෑ ගැසීම කළ කෝලාහල කරගැනීම නොකළ යූතුයි. මෙලෙස ක්‍රියා කිරීමේදී බිළිඳු සිතතුල රිද්මයන් වර්ණ සංකලනය ආදිය පිළිබඳව සංඥා තැන්පත්වේ.

පසූ කළෙක නිර්මාණශීලී උසස් පෞරුෂයක් ඇති දරුවෙකු වීමට මේවා බෙහෙවින් ඉවහල්වේ.


සමන්ති දේශප්‍රිය
පෞරුෂ සංවර්ධන සහ ව්‍යාපාර ප්‍රවර්ධන උපදේශිකා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment