සමේ අධික තෙල් කුරුළෑ ඇතිවීමට හේතුවක්


සම වියපත් වන්නේ කෙසේද?

අප සිතුවහොත් යමෙකුගේ සමේ වඩාත්ම පැහැපත් හා දීප්තිමත් වයස් සීමාව කුමක්ද කියා, එය අප ඉපදී මාස 6 සිට වයස අවූරුදු 12, ත් 13 ත් දක්වා වැඩිවිය පැමිනෙන තෙක් කාලය බව කිව යූතුය. මෙයට හේතුවන ප්‍රධාන කරුණූ කීපයක් ඇත. මේවා ඉතා හොඳින් මතකතබා ගැනීම රූපලාවන්‍ය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට මහත් ප්‍රයෝජනයකි.

මෙම කාලය තුළදී ස්වභාවිකම සමේ මතුපිටින්ම ඇති ස්ට්‍රැටම් කර්නියම් නමැති කොටසට රුධිරය සැපයීම ඉතා හොඳින් සිදුවේ. මෙලනින් වර්ණකය සම මත එක හා සමානව විහිදී පැතිරී ඇත. සමේ අධෝස්ථරයේ හෙවත් පහලම කොටසේ ඇති ෙසෙල මනා පිරුණූ බවකින් යූක්ත වේ. සම මත ඇති මැරුණ ෙසෙල කොටස් ඉතාම පහසූවෙන් හොඳින් ඉවත්වේ. තෙතමනය නිසි පරිදි පවත්වා ගැනීමට හොඳ හැකියාවක් සමට ඇත. මේ කාලය තුළ සමේ ඇති ස්වභාවික තෙල් මගින් රෝම කූප අවහිර වීමක් සිදුනොවේ. හිරු එළියේ පාරජම්බූල කිරණ මගින් සිදුවන හානි, වහා යථා තත්ත්වයට පත්කරයි. මැරුණ ෙසෙල වෙනූවට අලුත් ෙසෙල නිපදවීම ඉක්මණින් සිදුකරයි. මෙම හේතු නිසා මෙම වයස් සීමාව තුළ සමේ පෙනූම ඉතාම දීප්තිමත් වේ. එහෙත් මෙම වයස් සීමාව පසූ කරනවාත් සමගම ඔබේ සමේ තත්ත්වය වෙනස්වීමට පටන් ගනී. වැඩිවිය පැමිණීමත් සමගම සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස් සිදුවේ.

මෙම නිසා ස්වභාවික තෙල් ශ්‍රාවය වීම වැඩිවේ. මෙම ස්වභාවික තෙල් ශ්‍රාවය වීම වැඩිවීම හේතු කොටගෙන සමේ වෙනස්කම් රාශියක් හටගනී. මෙම අධික ස්වභාවික තෙල්, සමේ මැරණ ෙසෙල සමග මිශ්‍රවී රෝම කූප තුලට කිඳාබසී. මේවා සබන් ආලේප කිරීමත් ඉවත් නොවේ. ඔබේ සමේ දීප්තිමත් බව නැති කිරීමේ ප්‍රථම ස්වභාවික ක්‍රියාවලිය මෙය බව මතක තබා ගන්න. රෝම කුහර වලට පිවිසි තෙල් හා මැරුණ ෙසෙල කොටස් ටික කලක් මෙසේ පවතින විට සමහර සිදුරු බැක්ටීරියා ආසාදනවලට ලක්වේ. එවැනි සිදුරු පසූව රතුවී පැහැ ගැන්වී සම මතුපිටට නෙරා එයි. ඒවා අපි කුරුළෑ නමින් හඳුන්වනූ ලබයි. එමනිසා සෑමවිටම කුරුළෑ හටගන්නේ තෙල් අධික සමක බව මතක තබාගන්න. මේ අතර සමහර සිදුරු බැක්ටීරියා ආසාදනයට ලක් නොවී ටික කලක් පවතී. පසූව ඒවා කලු ලප බවට පත්වේ.

මේ අනූව මූහූණේ කුරුළෑ සහ කලු ලප ඇතිවීමේ මූලික සිද්ධාන්ත පිළිබඳ අවබෝධයක් දැන් ඔබට ඇත. රූපලාවන්‍ය කෙෂ්ත්‍රය තුළ මේවාට දැන් ප්‍රතිකර්ම සොයාගෙන ඇත. පේෂල් ප්‍රතිකර්මය කිරීමේදී, ඔබට ඇත්තේ කුරුළෑ සහ තෙල් සහිත සමක් නම් මූහූණේ ඇති ස්වභාවය අඩූ කරන පේෂල්පැක් සහ ක්‍රීම් වර්ග භාවිත කරනූ ලබයි. එමෙන්ම රෝම කූප තුළට කිඳා බැස ඇති තෙල් සහ මැරුණ ෙසෙල කොටස් ඉවත් කිරීමට වැකුම් ක්‍රමය භාවිත කරයි. මෙම වැකුම් ක්‍රමය මගින් පහසූවෙන් ඉවත් කළ නොහැකි තෙල් හා කුණූ හොඳින් ඉවත්වී මූහූණේ සම මනා ලෙස පිරිසිදුවේ. මේ නිසා අලුත් ෙසෙල වර්ධනයට පහසූවේ. කුරුළෑ ඇතිවීම වළකලයි.

මූලින් සඳහන් කළ පරිදි කලු ලප ඔබේ මූහූණේ පිහිටා ඇත්නම් ඒවා ද ඉවත් කිරීමට පේෂල් ප්‍රතිකර්මය තුළට ප්‍රතිකාර ඇත. ඔබේ මූහූනේ ඇති කලු ලප සමහර විට ඉතා සියූම් ලෙස පිහිටා ඇත. එවිට ඒවා පියවී ඇසට නොපෙනේ. ඔබට පෙනෙන්නේ, මූහූණේ සමහර ප්‍රදේශ තරමක් අවපැහැ වී ඇති සැටියකි. සමහර විට ඒවා කලු ලප ද නවැත්නම් වෙනත් හේතුවක් නිසා අවපැහැගැන්වී ඇත්ද කියා ඔබටම වටහා ගත නොහැක. මෙවන් විටක ඔබ රූපලාවන්‍යාගාරයකට ගොස් එහි ඇති කුඩා දේ ලොකු කර පෙන්වන උපකරණයක් මගින් නිසි ලෙස අවබෝධ කරගත හැක. එවන් අවස්ථාවක කලු ලප ඉවත් කිරීම සඳහා ඇති විශේෂිත ක්‍රීම් වර්ගයෙන් ඒවා පහසූවෙන් ඉවත්කරවා ගත හැක.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment