සියඹලා ශාකය- සියඹලා ගුණ බොහොමයි


සියඹලා නම ඇසූ පමණින් ඔබගේ මූඛයට කෙළ උණනවා නොඅනූමානයි. අප සියඹලා හඳුන්වන්නේ රසකාරක කුලූබඩූවක් විදිහටයි. පොල් සම්බල් ටිකක් රසකර ගැනීමට, පොලොස් ව්‍යංජනයක් රසකර ගැනීමට සියඹලා යූෂ ස්වල්පයක් ආහාරයට එක්කර ගැනීමට කවූරුත් පූරුදුවී සිටියි. නමූත් සියඹලා රසකාරකයක් පමණක් නොව සිංහල ආයූර්වේදයේ ඖෂධයක් හැටියට සියඹලා ශාකයේ සියලූම කොටස් ප්‍රයෝජනයට යොදාගනී. ඒ නිසා අද අපි කන බොන දේ විශේෂාංගයෙන් සියඹලා පිළිබඳව දෑන ගනිමූ.


සියඹලා ශාකය ඉතා විශාල උසට වැඩෙන රනිල කුලයට උරුමකම් කියන ශාකයකි. මෙහි පත්‍ර ඉතා සිහින් වන අතර ඇඹූල් රසින් යූතුවේ. මෙම පත්‍ර හිරු අවරට යත්ම හැකිලීයාම විශේෂත්වයකි.

සියඹලා ගස ඉන්දියාව, ශ්‍රී ලංකාව, බූරුමය, බංගලාදේශය වැනි ආසියා රටවල බහූලව දෑකිය හැකියි. ඇඹූල් රසින් යූත් නිසා සියඹලා අම්ලිකා නමින්ද ප්‍රචලිතවේ. මෙහි 5% ්ටාටරික් අම්ලය හා 4% ක් සිට්‍රික් අම්ලය අඩංගුවී ඇත. තවද විටමින් සී බහූලව අඩංගු වන සියඹලා වල කොළ, පොතු, මල්, කරල්, බොර, ඇට, ආයූර්වේදයේ ඖෂධ සඳහා භාවිතා කරයි.

දළු ඃළා දළු හා නාරටි කොටා මිරිකා ගන්නා යූෂ විරේකය සඳහා යොදාගනී.

කොළඃ සියඹලා කොළ, දෙළුම්, සමන්පිච්ච මල්, අමූ කහ, සියල්ල තම්බා ආසාධිත වූ ඇස් සේදීම ගුණවේ.

පොතු ඃ ශරීරය ඉදිමූම අවස්ථාවලදී පොතු ඇල් ජලයෙන් අඹරා ආලේප කිරීමත් සූදුසූවේ.

නාරටිය ඃ සියඹලා නැටි, කරපිංචා නැටි, පෙති පූවක්, අරළු අඩංගු ඖෂධ වටිටෝරුව ඈත අතීතයේ සිට අපේ ගැමියෝ මලබද්ධය වළක්වා ගැනීම සඳහා කසාය සාදා බොති.

අමූ සියඹලා මද ඃ සියඹලා මදය හා කොළසිහින්ව අඹරා උනූසූම් කර ඉදිමූම ඇති ස්ථානවල ආලේප කිරීම ගුණදායකවේ.

ඇට සහ මද ඃ ඇස්වල හටගන්නා නගන අවස්ථාවලදී දෙහි ඇඹූලෙන් ගලගා නගනයේ ගෑමෙන් සූවයක් ලැබේ.

බොර ඃ ආයූර්වේදයේ යොදා ගන්නා ගුළි, කල්ක, ආදී ඖෂධ සඳහා සියඹලා බොර යොදා ගැනේ.

සියඹලා ගුන මෙන්ම ගැමි ජනයාගේ ආර්ථිකය ශක්තිමත් කරන උපාය මාර්ගයක් ලෙසත් පැසූණූ කරල් යොදාගන්නා අතර ගමේ නගරයේ සියලූදෙනාට ආහාර ඇඹූල් රස ගන්වන්නට ඇතුවත් බැරි නැතුවත් බැරි සියඹලා කෑම අරුචිය ඇති කිරීමේ ගුණය අඩංගුවී ඇත. සියඹලා රසකාරකයක් හැටියට ප්‍රයෝජනයට ගත්තට එහි අඩංගුවී තිබෙන ගුණය පිළිබඳවත් දෑන් ඔබ දන්නවා නේද?





ආයූර්වේද ශල්‍ය වෛද්‍ය

ඩී.එච්. තෙන්නකොන්

ආයූර්වේද ශිකෂණ රෝහල

බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment