බොඩි ස්කුබින් පිළිබඳව ඔබ දන්නවාද?

රූපලාවන්‍ය ඉගෙනගන්නා යූවතියට පාඩමක්


රූපලාවන්‍ය කෙෂ්ත්‍රය තුළ මේ දක්වාම වැඩි අවධානයක් යොමූවී තිබූනේ මූහූණේ පැහැපත් බව ඇති කිරීම සහ හිසකෙස් සූරැකීම සඳහාය. මූහූණ සහ හිසකෙස් මෙන්ම අප සිරුර, අත් පා සහ පිට කොන්ද ආදියෙහි සමේ පැහැපත් බව පිළිබඳව දැන් රූපලාවන්‍යවේදීන්ගේ අවධානය යොමූ වී ඇත. මේ පිළිබඳව දිගුකලක් තුළ කරන ලද පර්යේෂණ අනූව සිරුරේ පැහැපත්භාවය සිනිඳු මෘදු ස්වභාවය වැඩිකිරීමට, ස්වභාවික ශාකසාර අනූසාරයෙන් දැන් ප්‍රතිකර්මයක් සොයාගන ඇත. අද අප ඔබට හඳුන්වා දෙන්නේ ඒ පිළිබඳවය. එය බොඩි ස්කුබින් යනූවෙන් හඳුන්වනූ ලැබේ.


අපගේ සමේ ෙසෙල අලුතින් වර්ධනය වීමත් ටික දිනකින් ඒවා මැරී යාමත් ස්වභාවිකව සිදුවන දෙයකි. නමූත් මෙම මරුණ ෙසෙල කිසිවිටෙකත් ස්නානය කිරීමෙන් හෝ සබන් ගෑමෙන් හෝ වෙන යමක් ඇතිල්ලීමෙන් හෝ සම්පූර්ණයෙන් ඉවත් නොවේ. එයට හේතුව වන්නේ මෙම මල ෙසෙල, ස්වභාවික තෙල් (ීැඉමපඃ සහ කුණූ සමග මිශ්‍ර වී, අපගේ පියවී ඇසට නොපෙනෙන සමේ ඉතා සියූම් කුහරවලට කිඳා බැස ඒවා ගන තටිටූවක් මෙන් තැන්පත් වී තිබීමයි. දිගුකලක් මෙසේ තිබීමෙන් සමේ පැහැපත් බව අඩූවේ. සිනිඳු හා මෘදු බව නැතිවී ගොරෝසූ ස්වභාවයක් ඇතිවේ. සමේ රැලි ගතිය වැඩිවීමටද මෙය හේතුවක් වේ. මෙම තත්ත්වයක් ඇතිවීමට තවත් හේතුවක් වන්නේ හිරුඑළියේ ඇති අධෝරක්ත කිරණයන්ය. එම කිරණ ං හා ඹ වශයෙන් කොටස් 2 ක් ඇත. මෙම දෙකින්ම සිදුවන්නේත් සම පිළිස්සීම සහ රළු ගතිය ඇතිවීමයි. අප ඇඳුම් අඳින විට හිරුඑළියට නිරාවරණය වන සිරුරේ අත් පා සහ පිට, ඉක්මණින් මේ තත්ත්වයට පත්වේ. විශේෂයෙන් අත්කොට බ්ලවූස් හා පිට නිරාවරණය වන ඇඳුම් අඳින කාන්තාවන් තුළ මේ තත්ත්වය වැඩියෙන් දැකිය හැක.


මෙසේ හිරු එළියට විවෘත වීමත්, මැරුණ ෙසෙල කිටිටූ දීර්ඝ කාලයක් තැන්පත් වී තිබීමත් නිසා සිරුරේ සමහර ස්ථාන, විශේෂයෙන්ම බෙල්ල අවට සහ අතේ කිහිලි අවට මෙසේ හිරු එළියට විවෘතවීමත්, මැරුණ ෙසෙල තටිටූව දීර්ඝකාලයක් තැන්පත් වී තිබීමත් නිසා සිරුරේ සමහර ස්ථාන, විශේෂයෙන්ම බෙල්ල අවට සහ අතේ කිහිලි අවට කළු පැහැය වූ අවස්ථාද ඇත. මෙවැනි තත්ත්වයන් ඉවත්කර වඩාත් මෘදු හා පැහැපත් සමක් ලබාගැනීම සඳහා රූපලාවන්‍යවේදීන් විසින් බොඩි ස්කුබින් නැමති මෙම ක්‍රමය හඳුන්වා දී ඇත. මෙහිදී මූලින්ම කරනූ ලබන්නේ පහසූවෙන් ඉවත් කළ නොහැකි, එමෙන්ම සියූම් කුහර තුළ තැන්පත් වී ඇති මල ෙසෙල තටිටූ, මේ සඳහාම නිපද වූ විශේෂිත ශාකසාරමය ක්‍රීම් වර්ගයක් ආලේප කොට, ඒවා හොඳින් ඉවත් කිරීමයි. මෙම ක්‍රීම් අත්වල හෝ පාදවල හෝ පිටෙ හෝ හොඳින් ආලේප කර විනාඩි 5 ක් පමණ තැබිය යූතුය. එවිට සමේ සියූම් කුහරවල තැන්පත්වී ඇති මල ෙසෙල තටිටූ ගැලවී ඉවත්වී යයි. මෙම පිරිමැදීම විනාඩි 10 ක් පමණ කල යූතුය. මෙසේ පිරිමැදීමේදී මූලින්ම ක්‍රීම් වර්ගය ඉවත්වී යන අතර ටික වේලාවකින් මල ෙසෙල ගැලවී යන ආකාරය ඔබට දැකගත හැක. තවත් විශේෂයක් නම් මෙම ක්‍රීම් වර්ගයේ අඩංගු ඖෂධ මගින් හිරුඑළියෙන් සමට ඇති වූ හානිය යථා තත්ත්වයට පත්කරයි. මැරුණ ෙසෙල ඉවත් වූ පසූව හොඳින් සෝදා හැර විශේෂිත ලෝෂන් වර්ග 3 ක් අවස්ථා තුනකදී ආලේප කරනූ ලබයි.

 මෙම ක්‍රමයෙන් සමේ පැහැපත් බව වැඩිවේ. හිරුඑළියෙන් හා වෙනත් බාහිර සාධක මගින් සමට ඇති කරන හානි අවම කරයි. ඒවාට ඔරොත්තු දීමේ ශක්තිය ඇතිවේ. මෙම ලෝෂන් වර්ගය හොඳින් සෝදා හැරීමෙන් පසූව දෙවනූව රතු පැහැති ලෝෂන් වර්ගය ආලේප කරනූ ලබයි. මෙයද ආලේප කර විනාඩි 5 ක් පමණ හොඳින් පිරිමැදිය යූතුය. සමට ඉතා හිතකර හා සමට හොඳින් උරා ගැනීමේ හැකියාව ඇති පෝලික් අම්ලය සහ සැලි සිලික් අම්ලය මෙහි අඩංගුවේ. සමේ සිනිඳු බව හා මෘදු බව වැඩි කිරීමට මෙය හේතුවේ. පසූව මෙයද සෝදා හැර සමේ තෙතමනය ආරක්ෂා කිරීමට සහ විෂබීජ වර්ධනය කිරීමට සමත්වන රෝස පාට දියරය ආලේප කරනූ ලබයි. අඩූම වශයෙන් මසකට වරක්වත් මෙය කර ගැනීමෙන් වඩාත් දිදුලන පැහැපත් සමක් ඔබටත් ලබාගත හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment