කොහොඹ යූෂ කී්‍රම් ගල්වනවද? නැතිනම් කොළ කොටා යූෂ ගල්වනවද?



නිරෝගි සමක් පවත්වාගෙන යන්නට ඔබට දිනපතා ගනූ ලබන ආහාර පාන වගේම ඊට අමතරව සමට නිසි සාත්තුවක් ද ලබා දීම ඉතාම අවශ්‍යයි.

තෙල් ගල්වා සම්බාහනය කිරීම සමට දිය හැකි ඉහළම සාත්තුවයි.

සම්බාහනය කියන වචනය ඇසූ සැනින් ඇතැම් අය මෙය වැරදි ක්‍රියාවක් විදිහට අවබෝධ කර ගන්නවා. නමූත් සම්බාහනය කියන්නේ සමට අවශ්‍ය කරන පෝෂණය සපයාදෙන්නට අනූගමනය කරන ඉතා හොඳ උපක්‍රමයක්. උදාහරණයක් ගත්තොත් පේර කොළ කොහොඹ කොළ ස්වල්පයක් කොටලා ශරීරය පූරා තැවරුවොත් ඒක දියර ගතියෙන් යූක්ත නිසා ඉක්මනින් වියළි යනවා. නමූත් එම ද්‍රව්‍යම තෙල් වශයෙන් අරගෙන ශරීරය පූරා ගැල්වූවහොත් දීර්ඝ වෙලාවක් පවතිනවා වගේම ප්‍රතිඵලත් ඉතා හොඳයි.

ඒ වගේම ඉතාමත්ම සාරවත් විදිහට සමට අවශ්‍ය පෝෂණය ලබාදෙන්න නිෂ්පාදනය කර තිබෙනවා. අශ්වගන්ධ සහ මහාමාෂ කියන තෙල් වර්ග මේ තෙල්වලින් සමේ තිබෙන ඉලාස්ටික් ගතිය නැත්නම් ඇදෙන ගතිය නැවත ඇතිකරවන්න පූළුවනි. සමහර තරුණ කොටස් පෙළඹිලා ඉන්නවා තල තෙල් ගාන්න. තලතෙල් කියන්නේ ඉතාම හොඳ විටමින් බී 12 පෝෂිත තෙල්වර්ගයක්. තල තෙල්ගෑමෙන් සමේ තිබෙන තද ගතිය ඉවත් කරන්න පූළුවනි. නමූත් මෙතනදී ඒ පහසූව ලැබූණාම මෙය අද කාලෙට ගැළපෙන්නේ නැති තරම් මොකද ඉස්සර ජීවත් වෙච්ච ශරීර ශක්තියෙන් අනූන අයට තල තෙල් යෙදුවට අද ඉන්න අයට තල තෙල් යොදන්න බැහැ.

ඔබ අසා ඇති ඖෂධ යූෂවලින් සමන්විත ඔරුවල බස්සවලා ශරීරයට ඖෂධ ගැල්වීම. ඒ වගේම ගල් උඩ මල් අතුරලා ඒ තුළින් ශරීරයට සූවඳ කැවීම. ගිනි අගුරුවලට නොයෙක් බෙහෙත් වර්ග හා සැවැන්දරා වගේ දේවල් යොදලා හිසකෙස් සූවඳ ගැන්වීම.

මේ ක්‍රම ආසියාවේ අවූරුදු 5000 කට වඩා කාලයක් තිස්සේ ඉදලා පවත්වාගෙන ආ සාර්ථක දේවල්.නමූත් මේ වෙන කොට ඒ ක්‍රමවලින් ඉවත් වෙලා ඊට වඩා පහසූ නවීන ක්‍රම අනූගමනය කරන්න පෙළඹිලා තිබෙනවා. නමූත් මේ පැරණි ක්‍රම පවත්වාගෙන යන්න අපිට තාම හැකියාව තිබෙනවා. මේ ක්‍රමවලට අවශ්‍ය කරන ශාක සාර ගන්න අපේ රටෙි තාම ගහකොළ තිබෙනවා. නැවූම් බවේ ඉහළින්ම හා විශ්වාසනීය ලෙසත් අඩූ පිරිවැයකිනූත් ලබාගත හැකි අනූගමනය කළ හැකි අපේම ක්‍රමවේදයන් තිබියදී අපි ඇයි කෘත්‍රිම මිළ අධික හා නැවූම් බවින් තොර දේ පසූපස ලුහූබැද යන්නේ. අපි මොකටද කොහොඹ යූෂ නැතහොත් කෝමාරිකා සාරය යොදා සෑදූ කී්‍රම් එකක් පාවිච්චි කරන්නේ. කොහොඹ පාවිච්චිය කරන්න අවශ්‍ය නම් අපට පූළුවනි අපේම වත්තෙන් එහෙම නැත්නම් අවටින් කඩාගත්ත කොහොඹ කොළ ටිකක් පිරිිසිදුව කොටලා යූෂ පානය කරන්න හරි ගල්වන්න හරි. ටිකක් මහන්සි වූණාට අනිවාර්යෙන්ම අපි දන්නවා මේ වීදුරුවේ පිිරිසිදු කොහොඹ කොළ මිටක්වත් තිබෙනවා කියල. ඒ වගේම කලරින් නැති නෙයෙක් නොයෙක් ඩයි වර්ග නැති ශරීරයේ විෂබීජ නසන්න පූළුවන් ශරීර ගත කරන්න පූළුවන් ආලේපයක් අපටම හදාගන්න පූළුවන්.

එවැනි ආලේපයක් ගැන කීවොත් කොහොඹ කොළ පේර කොළ සැවැන්දරා කොළ බෙලි කොළ අරගෙන එයට තරමක සම්පූර්ණ බූලත් කොළයක් යොදලා ඕනෑම බැක්ටීරියාවක් වෛසරයක් ශරීරයට අහිතකර දේවල් පමණක් ඉවත් කරගන්න පූළුවන් මිශ්‍රණයක් හදාගන්න පූළුවනි. නමූත් ඔබ දෑක ඇති ඇතැම් විට පාවිච්චි කරනවා වන්නට පූළුවනි 100 ක් විෂබීජ නාශක යැයි හඳුන්වා දෙන සබන් වර්ග එවැනි සබන් පාවිච්චි කළාම සිදුවන්නේ කුමක්ද? අපට හිතවත් අපේ සම ආරක්ෂා කරන බැක්ටීරියා වර්ගත් ඉවත් කර දෑමීීමයි. නමූත් අප විසින්ම නිවසේ දී සාදා ගන්නා ආලේප මිශ්‍රණ වලින් කෙරෙන්නේ අපේ සමට අවශ්‍ය කොටස් ඉතිරි කරලා අනවශ්‍ය දේ ඉවත් කර දෑමීමයි.

ඇත්තෙන්ම අද කොළඹ පවා තිබෙනවා කොහොඹ ශාකය. අපි හැම දෙයක්ම මිලදී ගන්න අවශ්‍ය කරන්නේ නෑ. මිලදී ගත යූතුම ඖෂධ මිලදී ගෙන අනෙක් ඖෂධ අපට ම සකස් කර ගත හැකි අවස්ථා බොහොමයක් තිබෙනවා. මෙය තමන්ගේ පසූබිම්යටත් ඉතිරියක්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment