බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට දේවාලවලට යන්න හොඳ නැතිද?


භයවෙන රූප අත් පා නැති අය මේ කාලයේදී දකින එක හොඳ නැහැ
දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මලාට අදට වඩා එදා බොහෝම තහංචි තිබූණා. ඒ තහංචි ඒ අයූරින්ම පිළිපදින්න බබා ලැබෙන්න ඉන්න අම්මා හරිම කල්පනාකාරි වූණා.

ඒත් අද වන විට ඒ බොහෝ තහංචි ගණන් නොගන්නා තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. ඒත් ඇත්තටම එවැනි දේවල සත්‍යතාවන් නැතිවම නෙමෙයි. ඒවායේ ලොකු සත්‍යතාවක් තිබෙන බව පෙනෙනවා.

දරුවෙක් ලැබෙන්න ඉන්න මවක් දේවාලවලට යන්න හොඳ නැති බවට අපේ වැඩිහිටියන් විශ්වාස කරනවා. ඇත්තටම මෙහි යම් සත්‍යතාවයක් තිබෙනවාද? අපි ටිකක් විමසා බලමූ. ඇත්තටම දේවාලවලට යන එකේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ දේවාල ඇතුලේ යම් බියගන්වන සූළු රූප තිබේ නම් පමණයි.

විශේෂයෙන්ම දේවාල ඉදිරිපිට තිබෙන විකෘති වාමන රූප වැනි දේ දෑකීම සූදුසූ නැහැ.

ඒ තුළින් මවගේ සිතේ යම් බියවීමක් හට ගැනීඹ ඇත්තටම දරුවාට බලපානවා. ඒ මවගේ මානසික මටිටම දරුවාගේ මානසික මටිමටට බලපාන නිසා.

මනෝ පූබ්බංගමා ධම්මා යනූවෙන් බූද්ධ දේශනාවේ සඳහන් වෙන්නෙත් මනස සෑම දෙයකටම මූල් වෙනවා කියලානේ. ඒක ඇත්තටම ඇත්ත.

දරුවෙක් ලැබෙන්න ඉන්න කාලයේ අත් පා නැති විකෘති රූප දකින්නට හොඳ නැත්තෙත් අන්න ඒ නිසයි. එනම් මනස සෑම දෙයටම මූල්වන නිසා. ඒ නිසා තමයි මේ කාලය ඇතුළත ලස්සන දේවල් දකින්නට සලස්වන්නේ.

ගැබිණි මව දේවාලයට යාම සම්බන්ධ පූංචි උදාහරණයක් කියන්නම්.

කාලි අම්මා දේවාලයේ මිනිසෙකුගේ හිසක් අතින් ගත් රූපයක් තියෙවා මතකයිනේ. ඇත්තටම එය විකෘති හිසක්. බියවන ආකාරයේ එකක්. අන්න එවැනි දේ දෑකීම තමයි නූසූදුසූ.

සූදුසූම දේ මෙවැනි කාලයේ තුණූරුවන් නැමද බෝධියක් බෝගසක් ඉදිරිපිට සිිට මෙත් වැඩීමයි.

සිතට බියක් ඇතිනොවන ආකාරයේ රූප ඇති දේවාලයට ගොස් සෙත්පතා ගැනීමෙන් නම් වරදක් නැහැ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment