මූහූණේ කළු ලප යනූ මොනවාද ?


බ්ලැක් හෙඩින් හෙවත් කළු ලප යනූවෙන් හඳුන්වන්නේ කලූ පැහැති ලපයක්


හෝ පැල්ලමක් නොවේ. බැලැක් හෙඩින් හෙවත් කළු ලප සැදෙන්නේ මූහූණේ සමේ ඉතා සියූම් කුහර තුළට මැරුණ ෙසෙල කොටස් සහ තෙල් කුණූ සම මිශ්‍රණවී, ඇතුලූ වී ටික කලක් පැවතිම නිසාය. විශේෂයෙන්ම මේවා නාසය මත, කමිමූල් දෙපැත්තේ හෝ නලල මත ඇතිවිය හැක. කළු පැහැති තුඩකින් යූතු වීම නිසා මූහූණට අවලස්සනක් ලබාදේ. සමහර යූවතියන්ගේ කළු ලප ඉතා සූළු වශයෙන් දක්නට ලැබෙන අතර සමහරුන්ගේ මූහූූණේ බහූලව දක්නට ලැබේ.


සමහර අවස්ථාවල කළු ලපද තැතහොත් කළු පැල්ලමක්ද යනූවෙන් හඳුනා ගැනිමට බැරිවේ. එක ළඟ එකිනෙකට සමීපව ඉතාම කුඩාවට විශාල ප්‍රදේශයක් පූරා පැතිරී තිබෙන විට ඒවා කළුපැල්ලමක් ලෙස දිස්වේ. කුඩාදේ ලොකුකර පෙන්වන උපකරණයක් මගින් හොඳින් පරීක්ෂාකර බලන විට මේවා නිසි ලෙස හඳූනාගත හැක.


කළු ලප ඉවත් කිරිම ඉතා අසීරු දෙයක් නොවේ. ඔබ රුපලාවන්‍යාගාරයකදී මූහූණට පෙෂල් ප්‍රතිකර්මය කරණ විට අනිවාර්යයෙන්ම කළු ලප (බ්ලැක් හෙඩින් ) ඇත්දැයි පරික්ෂා කෙරෙණූ ඇත. එසේ පරික්ෂා කොට හෙඳින් හඳූනාගත් පසූ එම ස්ථාන වල විශේෂිත ක්‍රීම් වගර්යක් ආලේප කර ඒමත ටිෂූ කැබැල්ලක් අලවා තබා ටික වේලාවකින් එම ටිෂූ කැබැල්ල ඉවත් කරන විට කළු ලප සියල්ලම එම ටිෂූ කැබැල්ල සමගම ඉවත්වි ඇති ආකාරය ඔබට දැක හැක.


එහෙත් ඔබ පේෂල් ප්‍රතිකර්මය මසකට වරක් වත් කරන අයෙක් නම් ඉතා හොදින් ඔබේ සම මත මැරුණූ ෙසෙල කොටස් හා තෙල් කුණූ ඉවත්ව යන නිසා ඒවා තැන්පත් වී තිබීමට අවස්ථාවක් නොලැබී මෙන් කළු ලප ඇතිවීම අඩූවේ.


පද්මීණි රාමනායක
චමීලියා නිරෝෂනී රාමනායක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment