සමේ ආබාධවලට ප්‍රතිකර්ම


ශරීරයේ වැදගත්ම විශාලම ඉන්ද්‍රිය වන සම ආරක්ෂා කර ගැනීම, සමට අවශ්‍ය නිසි පෝෂණය, සාත්තුව ලබාදීම නූවණක්කාර කාන්තාවගේ දිනපතා කාලසටහනේ එක් අංගයකි එහිදී සම මතුපිට ඇතිවිය හැකි නොයෙක් අතුරු ආබාධවලින් සම ආරක්ෂා කර ගැනීමටත් යම් හෙයකින් හට ගන්නා එවැනි ආබාධයකට පිළියම් යෙදීමටත් අවකාශ ලැබේ.


සම කැසූ විට සූදු පිපෙනවා සම මතු පිට ඉරි අඳින්නට පූළුවන් කොරළ මතු වෙනවා, මෙසේ වන්නේ ඇයි?

ඇත්තෙන්ම මෙසේ වන්නේ සමේ තිබෙන කොලජන් ප්‍රමාණය ඉවත් වෙලා සම වේලීම නිසයි. මේ තත්ත්වය මඟහරවා ගැනීමට කළ යූත්තේ ගත යූතු නියම ප්‍රමාණවලින් නිතර වතුර පානය කිරීමත් කොලජන් ප්‍රමාණය වැඩි කර ගත හැකි ආහාර පාන ගැනීමත්ය. එනම් නිවිති හැරුණූකොට පේර, නෙළුම් දඬූ, කතුරු මූරුංගා, කැල්සියම් තිබෙන ආහාර වර්ග සහ සියලුම මැල්ලුම් වර්ග උචිතයි. දිනකට එක රටඉඳි ගෙඩියක් බැගින් ගැනීමත් නිවසේ සකස් කර ගන්නා තෙල් ඉවත් නොකළ තල ආහාරයට ගැනීමත් පූංචි මාලු වර්ග ආහාරයට ගැනීමත් තුළින් ඔබට හැකිවෙනවා සමේ තිබිය යූතු කොලජන් ප්‍රමාණය ආරක්ෂා කරගන්න.


මෙවැනි තත්ත්වයක් යටතේ සම ආරක්ෂා කර ගන්නට ඔබට පූළුවන් ආහාරවලට අමතරව ඉතා හොඳ ආලේපනයක් ද භාවිත කරන්නට. අඟලක පමණ අමූ කහ අල කැබැල්ලක්, ගාපූ පොල් මිටවල් තුනක් සමග පොඩි කර හදාගන්නා මිශ්‍රණයක් ශරීරයේ අවශ්‍ය කරන ස්ථානවල ආලේප කර සෝදා හැරීම ඉතාමත්ම ගුණදායි ප්‍රතිකර්මයක් වෙනවා. ඔබ ස්නානය කරන්නට පැයකට පමණ පෙර මේ ආලේපය පාවිච්චි කරන්න. පසූව සබන් නොගා දියර සබන් වර්ගයකින් පමණක් සෝදා හරින්න. මේ මිශ්‍රනය ඔබේ මූළු සිරුරටම වූවද පාවිච්චි කිරීමට ප්‍රමාණවත් වන අතර අවශ්‍ය වූ විටක දිනකට එක් වරක් බැගින් දින කිහිපයක් ආලේප කිරීම ප්‍රමාණවත්.


කකුල් අත් පැලෙන්නේ ඇයි?

බොහෝ දෙනෙකුගේ මතයක් වෙලා තිබෙනවා ඇඟේ සහ බඩේ උෂ්ණාධිකකම නිසයි කකුල් අත් පැලෙන්නේ කියා. නමූත් එය වැරදි මතයක්. අපි අනූගමනය කරන වැරදි ක්‍රියාවන් නිසයි මේ තත්ත්වය ඇතිවෙන්නේ. අපි පලඳින සෙරෙප්පූ විවිධයි. අපේ සමට සූදුසූ නැති ඔරොත්තු නොදෙන ප්ලාස්ටික් වර්ග, හම් වර්ග වලින් සෑදූ සෙරෙප්පූ සපත්තු ඒ වගේම ඉතා තද පෘෂ්ටයක් තියෙන ගොරෝසූ පාවහන් අපි පාවිච්චි කරනවා. ඒත් එක්කම අපි ඇවිදින ස්වරූපය මීට බලපානවා. තවත් දෙයක් තමයි බොහෝ දෙනෙක් රෙදි සේදීම සඳහා භාවිත කරන ඩිටර්ජන් වර්ග ආවරණයකින් තොරව කෙලින්ම දැත්වලින් පාවිච්චි කිරීම.. ඒ සබන් කුඩූ වර්ග ඩිටර්ජන් වර්ග නිෂ්පාදනය කර තිබෙන්නේ සෝදන යන්ත්‍ර සඳහා භාවිත කරන්නයි. නමූත් ඒවා අපි දැත්වලින් පාවිච්චි කරනවා. මෙය අපේ සමට ඉතාම විස සහිතයි. ඒ විස ගතියට සමේ තිබෙන තෛලමය ස්ථරය විනාශ වෙනවා. ඒ වගේම ඉලාස්ටික් ගතිය නැති වෙනවා. ඒ නිසා ලෙහෙසියෙන් සම පිපිරීමට ලක් වෙනවා.


කකුල් පැලෙන අනෙක් හේතුව තමයි ඔබේ ශරිරයේ බර වැඩි වීම. නැතිනම් ඔබ යටිපතුල් සෝදන විට කොන්කී්‍රටි වැනි ගොරෝසූ තැනක ඇතිල්ලීම. එහිදී එම ස්ථානයේ කාර්ටිලේජය වැවෙනවා.පසූව හම ගොරෝසූ වී ඇවිදින විට පොළොවට විලුඹ වැදෙන හැම අවස්ථාවකම එතැන පිපිරීමකට ලක් වෙනවා. මීට පිළියම වශයෙන් ඔබ කළ යූත්තේ පරණ දත් මදින බූරුසූවක් වැනි සියූම් දෙයකින් සබන් යොදා පැලූනූ ස්ථානය ඉතා හොඳින් පිරිසිදු කරලා තෙත වේලුණාට පසූව ලුණූ සහිත බටර් ස්වල්පයක් තැවරූ විට ඒ පැළුනූ ස්ථානය සූව වෙනවා. මෙය දින කිහිපයක් කළ යූතුයි. එම ස්ථානය පිරිසිදුව තබා ගැනීමත් වැරදි පූරුදු පූහූණූවලින් ඉවත් වී සිටීමත් තුළින් ඔබේ සම ආරක්ෂා කරගන්නට පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment