බෙහෙත් කියන්නෙ රසායනික ද්‍රව්‍ය කියලා අමතක කරන්න එපා


අද අපට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. වර්තමාන ලෝකේ අද විවිධ රෝගවලට ඖෂධ ලබාගැනීමට රෝගීන් පූරුදු වෙලා තිබෙනවා. නිතැතින්ම ඖෂධ කරා යාමට අද මිනිසූන් පෙලඹිලා. සමහර අවස්ථාවන්වලදී සමහර රෝගී තත්ත්වයන්ට ඖෂධ අත්‍යඅවශ්‍ය වන්නේ නැහැ. නමූත් අද ඕනම වේදනාවකට, දුක්ඛදෝමනස්සයයකට අපිට ඒ සඳහා ඖෂධ අවශ්‍යයි. වෛද්‍යවරයා වෙතට ගොස් ඖෂධ්‍යක් ලබාගන්න ඕනම කියන මතේ තමයි අද බොහෝ දෙනා තුළ තිබෙන්නේ.


මෙහිදී වාසි අවාසි කිහිපයක් තිබෙනවා.
විශේෂයෙන් වාසිවලට වඩා අවාසි ප්‍රමාණය වැඩියි. මොනවද මේ අවාසි කියල බැලුවොත්, සමහර මිනිසූන් ඖෂධ අවශ්‍ය නැති රෝගවලටත් ඖෂධ ගැනීමට අද පූරුදුවෙලා. බොහෝ අය දන්නෙ නැහැ. මේ ඖෂධ කියන්නෙත් රසායනික ද්‍රව්‍ය කියල. මේ රසායනික ද්‍රව්‍ය නිසා අපේ ශරීරයේ විවිධ විපර්යාස නොයෙකුත් හානිකර තත්ත්වයන් ඇතිවෙන්නට පූළුවන්. ඖෂධ කියන්නෙත් සීයට සීයක්ම සූරක්ෂිත දේවලුත් නෙවෙයි. නමූත් රෝගයකට සාපේක්ෂිතව රෝගයක් මර්දනය කිරීමට ඖෂධ අවශ්‍ය නිසා ඖෂධ අපට භාවිත කිරීමට සිදුවෙනවා. බොහෝ කායික රෝගී තත්ත්වයන්ට හේතුවන්නේ මිනිසූන්ගෙ තියෙන අපහසූතාවයන්. ඒ වගේම සමහර කායික රෝග තත්ත්වයන්ට සිරුර තුළින් දින කිහිපයක් ඇතුළත සූවය ලබන්න පූළුවන්.

උදා ( සාමාන්‍ය සරල උණකදී පැරසිටමෝල් පෙතිවලින් පමණක් දවස් දෙක තුනකින් අපට රෝගය සූවකර ගැනීමට හැකියාව තිබෙනවා.

සාමාන්‍ය වමනයකදී අපට පූළුවන් කෑමෙන් ප්‍රවේසම් වෙලා ඇගෙන් ජලය පිටවෙලා විජලනය වීම වළක්වන්න දියර ආහාර ලබා ගැනීමට බඩේ අමාරුවක් සෑදී දියර ගතියට මලපහ වෙනවා නම් මූල් දින දෙක තුනේ බොහෝ වේලාවට අවශ්‍ය වන්නේ ජීවනී වගේ ඇඟට ජලය හා ලවන ලබාගැනීමේ ද්‍රව්‍යයක් හෝ නොයෙකුත් පාන වර්ගයි. බොහෝ වෙලාවට එවැනි රෝග දවස් දෙක ඃ තුනකින් සූව වෙනවා. අපේ ශරීරයේම තිබෙනවා හැකියාව එවැනි රෝග සූවකිරීමට. නමූත් අද සිදුවන්නේ අපේ ඇඟේ තිබෙන ඒ සාමාන්‍ය රෝගී තත්ත්වයන් සූවකිරීමේ හැකියාවට ඉඩ නොදී දවසින් දෙකින් ඖෂධ මගින් ඉක්මණින්ම රෝගය සූව කිරීමට වෙර දරන එකයි. මේ හේතුව නිසා අද බොහෝ වෙලාවට මිනිසූන් ඉතාමත් අහිතකර ප්‍රතිවිපාක වලට මූහූණ පානවා. අද විවිධ ඖෂධ වලින් සිදුවන අතුරු ආබාධ වලට ලක්වෙන ගණන වැඩිවෙලා තියෙනවා.

විශේෂයෙන්ම අද මිනිසූන් පූරුදුවෙලා තියෙනවා වෛද්‍යවරයෙකු ගාවට ගිය විට ලියල දෙන මේ බෙහෙත මගෙ කියල තමන්ගේ හිතුමතේට ෆාමසියකට ගිහින් නැවත වතාවකදීලබාගැනීමට මෙන්න මේ වැරැදි නිසා දැන් විවිධ ඖෂධවලට ඔරොත්තු දෙන ප්‍රතිරෝදී රෝග බීජයන් බිහිවීමේ නැඹූරුතාවය ඇතිවී තිබෙනවා.

උදා ( අපි දන්නවා වෙළෙඳපොලේ තිබෙන එක ප්‍රධාන ප්‍රතිජීවකයක් ඇමොක්සලින් කියන ඖෂධය. මේ ඇමොක්සලින් කියන ඖෂධය විවිධ වෙළෙඳනාම වලින් වෙළෙඳපොලේ තියෙනවා. මේ ඇමොක්සලින් කියන ඖෂධය රෝග බීජ නසන එකක්, බැක්ටීරියානූ ආසාධනයන්ට දෙන එකක්. බොහෝ වේලාවට ශ්වසන පද්ධතියේ සිදුවන බැක්ටීරියා ආසාධනයන්ට තමයි මේ ඖෂධය බහූලවම භාවිත වෙන්නෙ.

අපේ මිනිසූන් දැන් පූරුදුවෙලා ඉන්නවා මට කැස්සක් තිබූණා. ඒ කැස්සට ඩොක්ට දුන්නෙ ඇමොක්සලින් තමයි කියල කෙලින්ම ෆාමසියකට ගිහින් මේ ඖෂධය ලබා ගන්න.

අද මේ හේතුව නිසා බොහෝ රෝගබීජ මේ ඇමොක්සලින් කියන ඖෂධයට ප්‍රතිරෝධීව බිහිවෙන එක වැඩිවෙලා තියෙනවා. එමනිසා සාමාන්‍ය ප්‍රතිජීවකයක් වන ඇමොක්සලින් වලින් අපට ප්‍රතිකාර කරගැනීමට තිබෙන හැකියාව දැන් එන්න එන්න අසීරු වෙමින් පවතිනවා. ඒ නිසා ඇමොක්සලින්වලට වඩා සැර බලවත් ප්‍රතිජීවකවලට යන්න දැන් සිදුවෙලා තිබෙනවා අපට මේ හේතුව නිසා. මෙය ඉතාමත් කණගාටූදායක තත්ත්වයක්.





වෛද්‍ය ඃ මනෝජ් ප්‍රනාන්දු
අධ්‍යක්ෂ ඃ සූමිත්‍රයෝ ඃ මැල්මැදුර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment