කුණූ ඉවත් කරන්න ගස්වල,බිත්තිවල පිට ඇතිල්ලීම සූදුසූද?

ඔබ ඔබේ ශරීරය පිරිසිදු කිරීමේදී කුණූ ඉවත් කරන්නට විවිධ වූ ක්‍රම භාවිත කරනවා වන්නට පූළුවනි. ඒ අතරින් ඉතාමත් සූලභව අනූගමනය කරන ඉතාම නරක පූරුද්දක් පිළිබඳ ඔබේ අවධානය යොමූ කරන්නට කැමතියි.

ඔබ දිනපතා ඔබේ ශරීරය පිරිසිදු කරන විට කුණූ අතුල්ලන්නේ  ස්ක්‍රබ් කරන්නේ කෙසේද කියා ඇසූවොත් ඔබ කියාවි නානා කාමරයේ ඇති රළු බිත්ති කොටසක ඇඟ ඇතුල්ලනවා කියා. නැතිනම් ළිඳ ළඟ තාප්පේ ඇඟ අතුල්ලනවා, නාන ළිඳ ළඟ තියෙන ගහක ඇතිල්ලෙනවා කියා. ඔබේ ඒ පිළිතුරුවල ඇති නිරවද්‍යතාවය කොතෙක් ද කියා ඔබට සිතාගන්නට හැකිනම් ඔබ ඒ ක්‍රම සියල්ලම අදම අත්හරීවි.

ගමේ ගොඩේ පොදු නාන ළං අවට ඇති ගස්වල පිට පොත්ත ගෙවී ඇති ආකාරය ඔබට මතකද? ඒ වගේම ළිං අවට තාප්පවල බිත්තිය මැදී ගොස් ඇති ආකාරය ඔබට මතකද? මේ වගේම ළිං අවට තාප්පවල බිත්තිය මැදී ගොස් ඇති ආකාරය ඔබට මතකද? මේ වගේ තත්ත්වයක් අපට දකින්නට ලැබෙන්නේ කාන්තාවන් පමණක් නෙවෙයි, පිරිමි අය පවා ස්නානය කිරීමේදී කුණූ යවා ගැනීම සඳහා තමන්ගේ පිට හැකි තරම් වෙර දමා ඒ ගස්වල, තාප්පවල ඇතිල්ලනවා. මේ ඇතිල්ලීම නිසා ඒ ගස් කඳන් ගෙවී ගොස් තිබෙනවා. ඒ ගහ ඒ තරම් ගෙවීමකට ලක්වෙනවා නම් අපේ හම ඊට වඩා ගෙවීමකට එනම් හානියකට ලක්වෙනවා නේද? මොකද අපි කුණූ හැටියට තදින් අතුල්ලලා ඉවත් කරන්නේ හමේ තිබෙන ස්ථරයයි. මේ ස්ථරය ඉවත් කරනවා කියන්නේ හම ගොරෝසූ වෙන්න බලපාන ලොකුම සාධකයක්. ඒ වගේම ඉක්මණින් ශරීරය තුළට විෂබීජ ඇතුල් වෙන්නට ඉඩ ලබාදීමක්.

තවත් සමහරු මේ ස්ක්‍රබ් කිරීම මූහූණට පමණක් සීමා කරනවා. ඒ ක්‍රමයත් වැරැදියි. මෙතනදී සූදු හඳුන්, වෙනිවැල්ගැට වගේ ඉතාමත් ම තද පොත්තක් තිබෙන චූර්ණ තමයි පාවිච්චි කරන්නේ. මේ ඇතිල්ලීමෙන් සිද්ධවෙන්නෙත් හමේ උඩ කොටස කැපිලා යන එක පමණයි. එමගින් හමට හානිකර තත්ත්වයක් මිස කිසිම යහපතක් සිදුවෙන්නේ නැහැ. කුණූ ප්‍රමාණයක් කැපිල ගියාම ඒ හම සූදුවීම අපි හිතන්නේ හොඳ ප්‍රතිඵලයක් කියලා. නමූත් මෙය


වැරැදි අදහසක්.
තවත් හමට හානිකර තත්ත්වයක් ගෙන දෙන අවස්ථාවක් තිබෙනවා. ඇතැම්විට හම වර්ණ ගැන්වීම සඳහා අධික ලෙස බිලිවින් අඩංගු (විරංජක) සබන් වර්ග පාවිච්චි කරනවා. මෙතනදීත් හමේ සූදු වීමක් අපට දකින්නට පූළුවනි. විරංජක සමග ප්‍රතික්‍රියාවක් සිදුවෙලා හම මතුපිට අලුත් පාටක් ඒම තමයි අපි මේ සූදුවීම විදියට දකින්නේ. දැන් ඔබට වැටහෙනවා ඇති මෙවැනි ක්‍රම දිගින් දිගටම ඔබ අනූගමනය කළහොත් ඇත්තෙන්ම ඔබේ සම ආරක්ෂා වෙනවාද නැතහොත් සම විනාශ වෙනවාද කියා.

ඒ නිසා ඔබේ ගතේ, මූහූණේ කුණූ, දූවිලි යැවීම සඳහා එදිනෙදා ඔබ භාවිතයට ගන්නා දෙහි, පොල් වතුර, අලිගැටපේර, කෝමාරිකා වගේ දෙයක් විරංජකයක් විදියට පාවිච්චි කළොත් එය කිසිසේත්ම හානිකර තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. එහෙත් ක්ලෝරීන් වැනි දේ යොදා ඇති විරංජක භාවිත කිරීම හමහට ඉතාම හානිකර තත්ත්වයක් ගෙන දෙනවා. මන්දයත් අපේ හමේ ජීවත්වෙන බැක්ටීරියා කොටසක් තිබෙනවා. පෙරකී විරංජක භාවිතයෙන් සිදුවන්නේ මේ බැක්ටීරියා සියයට සියයකින් විනාශ කර දැමීමයි. එසේ බැක්ටීරියා විනාශ වීම තුළ බාහිරව ඇති දිලීර වර්ග අපේ හමේ පදිංචියට පැමිණෙනවා. මේ තත්ත්වයේ ප්‍රතිඵල විධියට අපේ හම මතුපිට අළුහම් ඇතිවීම ඒ වගේම හිස්හොරි හට ගැනීම වළක්වන්නට බැහැ. මෙහිදී ඔබට පැහැදිලි වන්නට ඕන අපේ හම නිරෝගීව නොතිබීමත් හම දුර්වල තත්ත්වයක තිබීමත් නිසා තමයි මෙවැනි හානිකර තත්ත්වයන් හටගන්නේ කියා.

සම පිරිසිදු කරගැනීමට, ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීමේදී පූරාතනයේදී බොහෝ විට භාවිත වූ බෙහෙත් ඔරු ගැන අපට මතක් වෙනවා. කෙනෙකු සිහි මූර්ජා වී සිටියොත් ඔහූට මූඛයෙන් බෙහෙත් දෙන්නට අපහසූ නිසා බෙහෙත් ගල්වපූ ඔරුවක ඒ පූද්ගලයාව නිදිකරවලා තමයි ඔහූට අවශ්‍ය බෙහෙත් ලබාදුන්නේ මොකද මූඛයෙන් අපේ ශරීරයට බෙහෙත් ඇතුල් කරනවා වගේ තමයි සමෙනූත් ඒ අවශ්‍යථාවය ඉටූකරගන්න පූළුවනි. ඇරෝමා තෙරපි කියලා හඳුන්වන්නේ මේ ආකාරයෙන් නොයෙකුත් මල් සූවඳ සහිත ඖෂධීය වතුරේ බැහැලා ඉදීමයි.

කොහොඹ කොළ තැම්බූ වතුරෙන්. සැවැන්දරා වතුරෙන්, සූදු හඳුන් වලින් ඔබට ලෙහෙසියෙන්ම ඔබේ ශරීරය පිරිසිදු කර ගන්නට පූළුවනි. මෙහිදී අපේ ශරීරයේ අපේ ඇහැට නොපෙනෙන තරමේ සිටින දිලීර විනාශවී සම පිරිසිදු වීම තමා සිදුවන්නේ. මේ ද්‍රව්‍යවලින් නිකුත් වන සූවඳින් තමයි ඒ දිලීර විනාශ යන්නේ පූංචි උදාහරණයක් කීවොත් එළුවෝ ඇතිකරන නිවෙසක ජීවත්වෙන පූද්ගලයින්ට කවදාවත් කෂය රෝගය වැළඳෙන්නේ නැහැ. එළුවෝ ඉන්න තැන් අපිරිසිදුයි. නමූත් ඒ එළු ගඳට කෂය රෝග විෂබීජය නැතිවෙලා යනවා. අපේ පැරැණී මිනිසූන්ට මේ ගැන ඉතා හොඳ අවබෝධයක් තිබූණා.




ආයූර්වේද වෛද්‍ය මහාචාර්ය
එන්. එච්. ජයසිරි ජයවර්ධන

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment