ලස්සන සිරුරක් ලබා ගැනීමට පූංචි බාධාවක්


ලස්සන සිරුරක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති වෙන්නේ ඔබේ නොසලකිල්ල නිසයි

අපි ගන්නා ආහාර ජීර්ණය වෙන්න පැය තුනක කාලයක් ගතවෙනවා. ආහාරයක් අරගෙන පැය තුනකට පස්සේ යළිත් ආහාරයක් ගන්න අපි සූදානම් වෙන්න ඕනේ. අපි සූදානම් විය යූතු වගේම යළිත් ආහාරයක් ගන්න අපේ ආමාශයත් සූදානමින් ඉන්න බව ඔබ දන්නවද?

ආහාරයක් ජීර්ණය කරන්න අවශ්‍ය සියලුම දේ සියලුම තත්ත්වයන් සකස් කරගෙනයි ඒ මෙහොත වන විට ආමාශය ඉන්නේ. බඩගිනි දෑනෙන වෙලාවට නොකෑවොත් ලේ පිච්චෙනවා. ලේ හිඟතාවය ඇතිවෙනවා. රක්තහීනතාවය කියන්නේ ඒකටයි.

සූළු ආහාරයක් වූණත් ආහාර වේල් දෙකක් අතරට ගන්න පූළුවන්. විස්කෝතුවක් දෙකක් වගේ ඒ දවල්ට රෑට බත් කන්න බැරිවන තරමට බඩ පිරෙන දෙයක් නම් ආහාරයට ගන්න එපා. ප්‍රධාන ආහාර වේලට බලපෑමක් ඇතිකරන තත්ත්වයේ අතුරු ආහාරයක් නොගන්න නිතරම සැලකිලිමත් වෙන්න ඕනෑ.

බඩගිනි දෑනූණාම ආහාර ගන්න නිරෝගී කෙනෙකුට නම් කලින් ගත්ත ආහාරය දිරවලා පැය තුනකට පස්සේ ඉතින් බඩගිනි දෑනෙන්න ඕනෑ ගත්ත ආහාරය දිරවලා නැතිනම් වාතය පමණක් සමග උගුරට එන තත්ත්වයක් ඇතිවෙනවා.

මළ මූත්‍ර නිසි ලෙස පිටවෙනවා. ඇඟට සැහැල්ලු ගතියක් දෑනෙනවා. කෑම රුචියක් දෑනෙනවා. පිපාසය දෑනෙනවා. මනස සැහැල්ලු වෙනවා කන්න බෑ. කියලා හිතෙන කම්මැලි ගතියක් ඇතිවෙන්නේ නෑ. කියලා හිතෙන කම්මැලි ගතියක් ඇතිවෙන්නේ නෑ. සිරුරෙහි තියෙන වාතය ස්ථානගත වෙනවා ආමාශයේ තිබෙන වාතය ආහාර දිරවීම පිණිස සෑදී පැහැදී සිටිනවා. ආහාර වෙලාවට ආමාශයට ආවේ නැත්නම් අපි අර සෑදී පැහැදි සිටිනවා කීව වාතය ආමාශය අත් ඇරලා උඩට යන්න පූළුවන්. නැත්නම් පල්ලෙහාට යන්න පූළුවන්. ආමාශයට ආහාරයක් එනතුරු සෑදී පැහැදී ගෙන බලාගෙනසිටිය වාතය ආමාශය අත්ඇරලා සිරුරේ උඩහට හරි පල්ලෙහාට හරි ගිහිල්ලා ඉතින් ඊළඟට කරනනේ හිතුවක්කාර වැඩ. අපේ සිරුරට විරුද්ධ වැඩ. ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරන කොටත් රසවත් නාට්‍යක් ටෙලි නාට්‍යයක් බලන කොට සිතට දෑනෙන සියූම් සතුට වගේ සතුටක් දෑනෙනවා මේහැම දෙයක්ම ඉතින් රූපලාවන්‍යයටත් බලපනවා.




ආයූර්වේද වෛද්‍ය නිල්මිනි පේ්‍රමතිලක
ජයන්තිපූර කුරුණෑගල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment