අළුහම් නැති නිරෝගී සමක් ලබා ගැනීමට නම්

අද ජනගහනය අධිකයි. අපි නිතරම ගැවසෙන ජනගහනය වැඩි පරිසරවල එනම් බස් රථය කෝච්චිය කාර්යාලය වෙළෙඳ පොළ ආගමික ස්ථාන පාසල යනාදි මේ පොදු ස්ථාන ගත්තම අතුරු සිදුරු නැතිව නිතරම ජනයාගෙන් පිරී පවතිනවා මෙන්ම ජනගහනය වැඩි එවැනි ස්ථානවල පවතින අපිරිසිදු තත්ත්වයන් ගැනත් අපි දන්නවා. එම ස්ථානවලින් අපිට නොමිලේ ලැබෙන දිලීර හා විෂබීජ වර්ග වැඩියි. කිසිම වියදමක් නොකර මහන්සියක් නොමැතිව බොහොම අපූරුවට අපි මේ විෂබීජ හා දිලීර දිනපතාම ගෙදර අරගෙන එනවා.

මෙවැනි පොදු ස්ථානවලින් අපිට පළමූවෙන්ම ඉතා ඉක්මනින් අපිට සමීප වෙනවා අළුහම් හා හිස්හොරි, මේ අළුහම් හා හිස්හොරි ඉවත් කර ගන්න කළ යූත්තේ කුමක්ද?

ඔබ අසා ඇති ඇත්තෝර කොළ ගැන. ඇත්තෝර කොළ දෙහි යූෂත් එක්ක මිශ්‍රකර ආලේප කළ විට අපේ හම පිළිස්සෙනවා. ඒ නිසා ඒ වැරදි ක්‍රමය අපි අත්හළ යූතුයි. ඒවෙනූවට ඔබට පූළුවනි කොහොඹ කොළ මිටවල් දෙකක් පේර කොළ මිටවල් දෙකක් සැවැන්දරා කුඩූ තේ හැන්දක් අමූ අමූකහ අල අඟලක පමණ කැබැල්ලක් එකතු කරලා ඇඟේ ගාන්න පූළුවන් තරමට තලපයක් හදලා පිට පිට දවස් කිහිපයක් ගෑවම අළුහම් ස්ථිර වශයෙන්ම මැකිලා නැති වෙලා යනවා. නෑමට පෙර මේ තලපය ඇඟේ අළුහම් ඇති ස්ථානවල ආලේප කරලා ස්වල්ප වෙලාවකට පසූව වේලිලා ගියාම සෝදා හරින්න පූළුවන්. නැතිනම් ස්නානය කරන්න පූළුවනි.

අළුහම් ඉවත් කිරීම නැතිනම් සූව කිරීම සඳහා ශරීරයට පමණක් පිළියම් යෙදුවාට පලක් නැති බව අවධාරණයෙන් කියනවා. මොකද ඇඟේ අළුහම් ගියාට අපි පාවිච්චි කළ ඇඳුම්වල එය තවමත් තැවරිලා තිබෙනවා. ඔබ කළ යූත්තේ පැය දෙකක පමණ කාලයක් තුළ ඇඳුම්වල එය තවමත් තැවරිලා තිබෙනවා. ඒසඳහා ඔබ කළ යූත්තේ පැය දෙකක පමණ කාලයක් තුළ ඔබේ ඇඳුම් විෂබීජ නාශක දියරයක් තුළ ගිල්වා තබා සෝදා හැරීමයි. මෙහිදී ඔබ අමතක නොකළ යූතුයි ඔබ මෙසේ විෂබීජ නසා ගත යූතුයි. එහෙත් කෙදිනකවත් මෙසේ රෙදිසේදීමට ගන්ාන විෂබීජ නාශක දියර වර්ග සම පිරිසිදු කිරීම සඳහා භාවිත නොකරන්න. මන්ද ඇසිඩ් වර්ගවලට සම පිළිස්සී යනවා. එසේ කිරීම සම්පූර්ණයෙන්ම වැරදි හා නරක පූරුද්දක්.

මීළඟට ඔබේ හසේ හටගන්නා හිස්හොරි වලට කළ යූතු ප්‍රතිකාර කුමක්ද?
බූලත් කොළ කිහිපයකුයි අමූ කහ තරමක කැබැල්ලකුයි තලලා පොල් තෙල් සමග මිශ්‍ර කරලා අව්වේ තබා ලබාගන්නා තෙල් (මෙම මිශ්‍රණය අව්වේ තැබීමෙන් තෙල් පාට වනූ ඇත) හිස් කබලේ ගා ස්වල්ප වේලාවකට පසූව තමන් පාවිච්චි කරන ෂැම්පූ වර්ගයකින් හිස සෝදා හැරීමෙන් පූළුවනි හිස්හොරි ඉවත් කරන්න. මෙයත් දිනක් දෙක්ක එනම් හිස්හොරි නැතිවන තුරු පාවිච්චි කිරීම සූදුසූයි.

ඒ වගේම හිස්හොරි ඉවත් කිරීම සඳහා සාර්ථක තවත් ප්‍රතිකර්මයක් තිබෙනවා. මෙය වෙළෙඳ පොළෙන් ඔබට ලබා ගන්නට පූළුවනි. ඒ ඉන්දියාවේ වැවෙන ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ විශේෂයක් වන සියක්කා ඖෂධය පාවිච්චි කිරීමයි. සියක්කා කුඩූ ස්වල්පයක් වතුර ස්වල්පයක් සමග මිශ්‍ර කරලා තලපයක් වගේ හදාගෙන පෙර සේම හිස් කබලේ ආලේප කර සෝදා හැරීමෙන් ඔබට පූළුවනි ඔබේ හිස්හොරි ඉවත් කරගන්න. මෙහිදී හිස සේදීම සඳහා පෙර සේ ෂැම්පූ පාවිච්චි කිරීමක් අවශ්‍ය නැහැ. ජලයෙන් පමණක් හිස සෝදා හැරීම ප්‍රමාණවත්. මෙය හොඳම හිස්හොරි නාශකයක් ලෙස හඳුන්වා දෙන්නට පූළුවනි.

වෙළෙඳපොළේ තිබෙන මිළ අධික හිස්හොරි නාශක වර්ග භාවිත කරනවාට වඩා දේශීයව ලබා ගන්න පූළුවන් සමටත් හිතකර ඖෂධීය ගුණයෙන්ද අනූන අඩූ පිරිවැයකින් විශාල වාසියක් ලබා ගන්නට හැකි මෙවැනි ඖෂධීය ක්‍රම පාවිච්චි කිරීමට උත්සාහ ගැනීම වඩාත් නිවැරදි බව මතක තබාගන්න.




බොරැල්ල ජයවර්ධණ ජාත්‍යන්තර වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය
මහාචාර්යඑන්. එච්. ජයසිරි ජයවර්ධන

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment