වතුර බොන්න ඕනේ උදේ- දවල් - රෑ කෑමෙන් පසූව විතරක් නෙමෙයි

බීමට ගන්නා ජලය ගැන කතා කළොත් වැඩි දෙනෙක් පූරුදු වෙලා ඉන්නේ උදේ දවල් රෑ කෑම වේලෙන් පසූව අධික වතුර ප්‍රමාණයක් පානය කරන්නයි. ඊට අමතරව පිපාසය සෑදුණොත් එකවර අධිකව වතුර පානය කරන්නයි. ඇතැම් විට ඔබද මේ ක්‍රමය අනූගමනය කරනවා වන්නට පූළුවන්. මෙය බොහෝ වැරදි ක්‍රම වේදයක්. එසේනම් ඔබ අසාවි ජලය පානය කිරීමේ නිවැරදි ක්‍රමය කුමක්ද කියා. බිමට ගන්නා ජලය අනිවාර්යෙන්ම පිරිසිදු විය යූතුයි. ඒ සඳහා වතුර උණූකරන්නට අවශ්‍ය දෑයි ඔබ අසාවි. සත්තකින්ම ඔව් ජලයේ තිබෙන සියළු විෂබීජ විනාශ කර දෑමීම සඳහා ජලය උණූ කළ යූතුයි. පෙරාගන්නට කියන්නේ ජලයේ ඇති රොඩූ කුණූ ඉවත් කර ගැනීම සඳහායි. උණූකරගත් ජලය ෆිල්ටරයක් (වතුර පෙරීමට ගන්නා උපකරණයක්) මගින් පෙරා ගැනීම නිවැරදියි. ෆිල්ටරයක් නොමැති නම් දුහූල් රෙදි කඩක් උපයෝගි කරගෙන නිවසේදීම ඔබට සකස් කර ගත හැකි පෙරණයක් භාවිත කළ හැකියි.


මෙසේ උණූ කර නිවාගත් ජලය පානය කරන්නේ කෙසේද? නිතර නිතර වැඩි ප්‍රමාණයක් ජලය පානය කිරීම සූදුසූ නැහැ. එසේ ජලය පානය කිරීමෙන් සිදුවන්නේ ඔබේ බඩ විශාල වීම කෑම දිරවීමේ ශක්තිය ප්‍රමාද වීම තුළ, කෑම දිරවීම පැය 4 ඃ 6 දක්වා දීර්ඝ වී ඔබට ආහාර ගන්නට නොහැකි තත්ත්වයක් උදාවීම වැඩි ප්‍රමාණයක් ජලය පානය කිරීම නිසා වකුගඩූ හරහා ජලය ශරීරයෙන් බැහැර වීම පමණයි. වැඩි ප්‍රමාණයක් ජලය එකවිට පානය කළා කියා ඔබට විජලනයෙන්ද බේරෙන්නට බැහැ. එම නිසා දිනකට වතුර බෝතල් 6 ක් හෝ මද වශයෙන් එනම් අවූන්ස 4 ක ප්‍රමාණයකින් යූතුව ජලය පානය කරන්නට පූරුදු වන්න. ජලය පානය කිරීමේ මේ පූරුද්ද ඔබ අනූගමනය කළහොත් ඔබට පූළුවනි ඔබේ සම ආරක්ෂා කරගන්නට.

ඇතැම් අය පූරුදු වී සිටිනවා උණූ ජලයට ඇල් ජලය හෝ ශීතකළ ජලය කලවම් කර පානය කරන්නට. රත්වූ ජලය නිවා ගැනීම සඳහා උණූ කර නිවාගත් ජලය දමා කලවම් කර ගැනීම යෝග්‍යය වූවද රත්වූ ජලයට උණූ නොකළ ජලය හෝ ශිතල ජලය දමා පානය කිරීමට ගැනීම යෝග්‍ය නොවෙ. මන්ද උණූ නොකළ ජලයේ අපට නොයෙක් ලෙඩ රෝග ඇතිකරවන විෂබීජ පවතින නිසාය.

ග්‍රාමීය ජීවිතයට හැඩගැසූණූ ඔබ වගේම නාගරිකව ජීවත් වන විශේෂයෙන් කාර්යාලවල වායූසමීකරණ යටතේ රැකියා කරන කාන්තාවන්ද අමතක කළ නොහැකියි. වායූසමීකරණ (එයාර්කන්ඩිෂනර්) යටතේ රැකියාවේ යෙදෙන අයගේ ශරීරයෙන් ජලය පිටවීම අධිකයි. ඔබේ ශරීරයෙන් ජලය පිටවනවා වැඩියි කියා වායූසමීකරණ යන්ත්‍රය ක්‍රියාවිරහිත කිරීමවත් කාර්යාලයට නොගොස් සිටීමවත් රැකියාවෙන් ඉවත්වීමවත් ඔබට කළ හැකි කාර්යන් නොවෙයි.

මෙහිදී ඔබ කළ යූත්තේ ඔබේ ශරීරයෙන් පිටවන ජල ප්‍රමාණය විටෙන් විට මතු සඳහන් කළ ආකාරයට සූළු ප්‍රමාණයෙන් ශරීරයට ලබාදීමයි. ඒ වගේම ඕනෑකමින් සැලකිලිමත් කඩිසරව ඔබේ කාර්යාලීය වැඩකටයූතුවල නිරත වෙන්න.

එදිනෙදා ඔබේ වැඩකටයූතු අතර මැදදී ඔබ අනිවාර්යෙන්ම තේ කෝප්පයක රස බලන්නට පූරුදු වී සිටිනවා. බොහෝ විට ඔබ පාර තොටෙි කඩපළෙන් කාර්යාලයේ ආපන ශාලාවෙන් තේ පානය කරන්නේ නම් ඔබට පානය කරන්නට සිදුවන්නේ නියම තේ කෝප්පයක් වෙනූවට කහට යාන්තම් යෙදූ සීනි වැඩිපූර යෙදූ උණූ වතුර එකක් පමණයි. දොඩම් බීම චිකන් බීවොත් ඔබ බොන්නේ විශාල වතුර ගොඩකුයි සීනියි පමණයි. දොඩම් යූෂ නැති තරම්. නියමකිරි තේ එකක් ඔබට පානය කරන්න ලැබෙනවාද? කිරි පැකැටිටූවේම සඳහන් කරලා තියෙනවා. කිරි වීදුරුවක් සකස් කරන්න කිරි පිටි මේස හැඳි 3 ක් යොදන්න කියල. කිසිසේත්ම ඒ උපදෙස් නම් ක්‍රියාත්මක වෙන්නේ නෑ. බොහෝ විට සිදුවන්නේ කිරි යාන්තම් යොදා වතුර පාට කිරීමක් නැතිනම් තේ කහට පාට කිරීමක් පමණයි සිදුවන්නේ.

ඔබ නිතරම උත්සාහ ගන්නට ඕනේ හැකිතරම් කඩ කෑමවලින් ඉවත් වෙලා ඔබේ ආහාර නිවසේම පිළියෙල කර ගන්නට. එවිට ඒ ආහාර පිරිසිදුයි. විශ්වාස දායකයි පෝෂණ ගුණයෙන් ඉහළයි ඒ වගේම රසවත් බවිනූත් අනූනයි.

කෂණික ආහාර වර්ග, බීම ජාති, අධික ලුණූ සහිත කෙටි කෑම වර්ග යනාදියෙන් ඉවත් වෙලා සියලු පෝෂණ කොටස් අඩංගු ආහාර වේලක් ඔබේ අතින්ම පිරිසිදුවට සකස් කරගෙන පවූලේ සැමදෙනා සමගම සතුටූ සිතින් අනූභව කරන්නට පූරුදු වෙනවා නම් ඒ සතුටට කැපවීමම ඇති නිරෝගි සහ රුවැති සිරුරක් ඔබට ලැබීමට. තමන්ගේ ආහාර තමන් විසින්ම නිවසේදීම පිළිියෙල කරගෙන අනූභව කිරීම ඔබේ ශරීරයේ පැවැත්මටත් ආරක්ෂාවටත් රූප සම්පත්තිය රැක ගන්නටත් ඉතා හොඳ මාර්ගයක්. භෞතිකව ගත්තහම ඔබේ ආර්ථිකයටත් හොඳ ඉතිරියක්.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment