බ්ලඩ් ප්‍රෙෂර් වැඩියි කියල ඔබත් පීඩාවෙන්ද?


අද බොහෝ දෙනා මූහූණ පා ඇති රෝගී තත්ත්වයක් ලෙස රුධිර පීඩනය හඳුන්වන්න පූළුවන්. රුධිර පීඩනයට ලක්වෙන පිරිසට වයස සීමාවක් නැහැ. ලේ ගමනේ අඩූ රුධිර පීඩනය, ලේ ගමනේ වැඩි රුධිර පීඩනය ලෙසින් අපට දෙවිදියකට මේ තත්ත්වය දැනගන්න ලැබෙනවා. මේ දෙවර්ගයෙන්ම ප්‍රවේශම් වීම අවශ්‍යයි. සාමාන්‍ය නිරෝගී පූද්ගලයෙකුට වඩා වැඩි වෙනසක් මේ රෝගයට ලක්වූවන්ගෙන් දැකිය හැකිය. බොහෝ විට පූද්ගලයින් වයසට යාමේදී මෙම රෝගී තත්ත්වය සූලභව දක්නට ලැබෙනවා. වයසට යාමේදී මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙසට තැකුවත් එය සැබැවින්ම සාමාන්‍ය තත්ත්වයක් නොවිය හැකියි. ඇතැම් විටෙක වයසට යාමේදී නහරවල ඇදීම් ගතිය අඩූවන නිසා මේ තත්ත්වය ඇතිවීමටත් පූළුවන්. සමහර අවස්ථාවල මෙය පරම්පරාගත රෝගී තත්ත්වයක් ලෙසටත් හඳුන්වන්න පූළුවන්. ඇත්තටම මේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සූවකරන්න අපහසූයි. එහෙත් වෛද්‍යවරයෙකුගේ පරීකෂාවකින් යූතුව නියම කරන බෙහෙත් මගින් මේ තත්ත්වයන් පාලනය කිරීමට හැකිවෙනවා. මෙම රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙක් දීර්ඝ කාලයක් මූළුල්ලේ පටන් ඖෂධ භාවිත කරන්නන් වියහැකියි. දීර්ඝ කාලයක් ඖෂධ භාවිත කිරීම නිසා කිසියම් වූ අතුරු ආබාධයන් ඇති විය හැකි ද යන්න අප හමූවට පැමිණෙන බොහෝ දෙනෙක් විමසන කාරණාවක්. ඇත්තටම ඕනෑම බෙහෙතක අතුරු ආබාධ තියෙනවා. ඒත් ප්‍රතිකර්මයට අනූව අඩූම විදියට එවැනි බලපෑමක් ඇතිවන බෙහෙත් දීමට වෛද්‍යවරුන්ට හැකියාව තිබෙනවා. බොහෝ අවස්ථාවල වෛද්‍යවරුන් උපදෙස් දෙනවා තෙල් හා ලුණූ කෑමවලින් වැළකී සිටීමට. එයට හේතුවන්නේ ඖෂධ මගින් රෝගී තත්ත්වයන් පාලනය කර ගැනීමට ඇති හැකියාව අඩූවීමට තෙල් හා ලුණූ කෑම අහිතකර වීමයි. ඒ වගේම තෙල් භාවිතය නිසා ලේ කැටි සිරවීම් වැනි සිදුවීම් ද ඇතිවිය හැකියි. නිදිවැරීමත්, අධික වෙහෙසත් මෙම රෝගී තත්ත්වය වර්ධනය වීමට හේතුවෙනවා.


ඒ වගේම ගැබිනි සමයේදී ඇතිවන රුධිර පීඩනය මෙයට වඩා වෙනස් මගක් ගන්නවා. දරුවෙකු පිළිසිඳගත් පසූ මවගේ ශරීරයේ සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම් නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. දරුවෙකු පිළිසිඳගත් පසූ වෛද්‍ය සායනවලට සහභාගිවීම තුළිින් එම තත්ත්වයන් හඳුනාගත් පසූ මව කෙරෙහි විශේෂ අවධානයන් ලබාගත හැකිවෙනවා. ගර්භනී අවධියේ රුධිර පීඩනයට ලක්වූවොත් අනිවාර්යයෙන්ම ඒ සඳහා ප්‍රතිකාර ගත යූතු වෙනවා. නියමාකාරයෙන් ප්‍රතිකාර නොලදහොත් දරුවා ලැබීමට යාමේදී මව හා දරුවා අනතුරුවලට ලක්වීමට ඇති ඉඩකඩත් බොහෝයි. ඒ නිසා ගර්භනී අවදියේදී රුධිර පීඩනයට ලක්වී ඇති මවූවරුන් වඩාත් සැලකිලිමත් විය යූතු වෙනවා. දරුවා බිහිවී සති 06 ක් ගත වන විටත් රුධිර පීඩනය සාමාන්‍ය අතට පත් නොවූවහොත් මව අනිවාර්යයෙන්ම වෛද්‍ය සායනවලට යොමූවිය යූතුයි. ප්‍රතිකාර ගන්නා අතරතුර පිළිසිඳ ගැනීම් වරදක් නොවෙයි. නමූත් පහසූකම් හොඳින් ඇති රෝහලක් වෙත යාම අත්‍යවශ්‍යයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment