මේවා මිථ්‍යා විශ්වාස කියලා අහක දාන්න පූළුවන්ද?

බූදුහාමූදුරුවන්ගේ දේශනාව අනූව සෑම දෙයකටම මූල්වන්නේ මනස. යම් දෙයක් ගැන කලක සිට පැවත එන මතයක් සිතේ තැන්පත් වෙනවා. සිකුරාදා දිනවල නාන්නට එපා කියලා පැරැන්නෝ කිවූවොතින්, ඕක පරම්පරාවෙන් පරම්පරාවට ඇවිත් හිතේ තැන්පත් වෙනවා. ඒ අනූව මනස වැඩ කිරීම නිසා ඒ ප්‍රතිඵලය ලැබෙනවා. නමූත් මෙය විශ්වාස නොකරන කෙනෙක් ඒ සිරිත කඩකළැයි කියලා යමක් සිද්ධවෙන්නේ නෑ. නමූත් මේවා විශ්වාසයන් කියල ඉවත දාන්නත් බෑ. මේ වගේ විශ්වාසයන් සමාජයේ ඇතිවන්නේ අත්දැකීම් රැසක ප්‍රතිඵලයක් ලෙසයි.


සූනන් ඇඟ වැටීම
මගේ අත්දැකීමක් ගැන මෙහිදී කියන්නට කැමතියි. හූනූ ශාස්ත්‍රය කියල පලා පල කීමේ ක්‍රමයක් අපිට අතීතයේ පටන් පැවැතගෙන එනවා. අතට, කකුලට, ඇඟිලිවලට ආදී ලෙස හූනකු වැටූණොත් ඉන් අත්වන ප්‍රතිඵලය ගැනයි මෙයින් කියවෙන්නේ. මා මේවා තදින් විශ්වාසයට ගන්න කෙනෙක් නෙවෙයි. දිනක් මගේ අතේ ඇඟිලිවලට හූනකු වැටූණා. මා ගිහිං හූනූ ශාස්ත්‍රය බැලුවාම මිතුරන් හා දබරයක් කියලා එහි තිබූණා. මගේ හොඳම මිතුරා එදින අපේ නිවසේ සිටියේ. අළුයම බූදුන් වඳින්න ගිය වෙලාවෙයි මෙය සිදුවූණේ. මෙන්න හවස් වන විට මගේ මිතුරා මා සමග දබරයක් ඇතිකරගෙන අපේ ගෙය අත්හැර ගියා. මෙය මගේ අත්දැකීමක්. මෙවැනි දේ ඕනෑම කෙනෙකුට සිදුවන්නට පූළුවන්. ඇතැම් කෙනෙකුට එහි ප්‍රතිඵලයක් නොලැබෙන්නත් පූළුවන්.


කපූටූ ශාස්ත්‍රය
හූනන් ඇඟ වැටීම වගේම, කපූටන් අඬන ක්‍රමය අනූවත් පලාපල කීම සිදුවූණා. මා කුඩා කාලයේදී අපේ ගේ ඉදිරිපිට වරකා ගහක් තිබූණා. දිනක් උදේ සීයා කිව්වා "පූතේ අද නං නෑදෑයෝ එනවා" කියලා. මං ඇහූවා. "කොහොමද සීයා දන්නේ"" කියල. "අර කියන්නේ කපූටා වරකා ගහේ ඉඳලා" කියලා සීයා කිව්වා. කපූටා ඇඬූවේ අමූතු හඬකින්. සීයා ඒක දන්නවා. ඇත්තටම දවල් දහයට විතර අකුරැස්සේ ඉඳලා නෑ පිරිසක් ආවා. මේවා අත්දැකීම් සමූදායක් එකතුවීමෙන් ඇතිවූ ශාස්ත්‍රයන් වන්නට පූළුවන්. බොහෝ විට පැරැණි ශාස්ත්‍රයන් නිපදවූයේ දිවැස්ලාභී මූනිවරයන්. දිවැස් ලැබීම අරුමයක් නොවේ. භාවනාවෙන් සිත දියූණූ කිරීමෙන් මෙය ලබන්නට පූළුවන්. ඒ අය දැක්කා ග්‍රහයන්ගේ බලපෑම්, සතුන්ගේ හඬ පිළිබඳව කීමට ඔවූන්ට දැනූම තිබූණා. එවැනි ශාස්ත්‍රයක් තමයි අප අත තවමත් තිබෙන්නේ. ඒ කියන්නේ අත්දැකීම් සහ දිවැස්ලාභී මූනිවරයන් පෙන්වා දුන් දේ එකට එකතු වූණ ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රය සත්‍යයක් බව පෙන්වීමට කරුණූ අපට ලැබෙනවා. නමූත් මේවා තදින් හිතට ගත්තොත් කරදරයි.


අඟහරුවාදා සිකුරාදා දිය නෑම නූසූදුසූද?
ඇතැම් අය අතර මතයක් තිබෙනවා අඟහරුවාදා සිකුරාදා දිනවල දිය නෑම අගුණයි කියලා. ඒ දිනවලදී නාන්නේ නෑ වගේම මිනී පිලිස්සීමත් හොඳ නෑ කියලා කියනවා. මෙයට මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා ඉන්දියාවේ බමූණන් සිත් සේ නා ගැනීම සඳහා මේ දින දෙක තුළදී මේ කටයූතු දෙක කිරීම අගුණ බව පැවසූ බවට. ඊට හේතුව සෑමදෙනාම ගංඟාවල නාන විට බමූණන්ට ස්නානය කිරීමට වේලාවක් නෑ. අනෙක ඉන්දියාවේ මිනී පූළුස්සා අලු හා ඉතිරි දේ සියල්ල දැම්මේ ගඟට මේ නිසා මේ තහනම පැනවූ බවට මතයක් තිබෙනවා.

නමූත් ඉන්දියාවට බමූණන් ගියේ ලංකාවෙන්. ලංකාවේ සිටිය ප්‍රසිද්ධ බමූණන් ඉන්දියාවට ගිය බවට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා. බමූණන් කියන්නේ බොහෝ ශාස්ත්‍රය ඉගෙන ගත්ත පඬිවරුන් පිරිසක්. රජවරුන්ට පවා ඔවූන් උපදෙස් දුන්නා. ඒ වගේම ජ්‍යොතිෂ්‍ය ඉන්දියාවට ගියෙත් අපෙන්. ඒ නිසා මෙය ඉන්දියාවෙන් ආව කතාවක් යැයි කීම තරමක් පිළිගන්නට අපහසූයි.


කලාසූරි අරිසෙන් අහූබූදු

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment