පොරොන්දම් ගැළපීම විවාහය සාර්ථක වීමට මගක් නොවෙ

දෙදෙනෙකුගේ පොරොන්දම් ගළපනවා විනා ගළපාදීම් ජ්‍යොතිෂයේ නැත. පොරොන්දම් සියයට සීයක්ම ගැළපූණත් විවාහ වනවාද නැතිද යන්න තවත් වරක් සිතා බැලිය යූතුමයි.



විවාහය දෙදෙනෙකුගේ පදනම බව අමූතුවෙන් කියන්නට අවැසි නැත. දෙමාපියන් සමඟ කාලයගත කරනවාට වඩා පූද්ගලයෙකු තම විවාහක සහකරුවා හෝ සහකාරිය සමඟ ජීවිතයේ වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. මේ කාලය සතුටින් ගත කිරීම විවාහපේකෂිත කාගේත් බලාපොරොත්තුවයි, සිහිනයයි.

මෙයට අවූරුදු ගණනාවකට පෙර මෙන් නොව අද අප ජීවත්වන සමාජ ජීවන රටාවද බෙහෙවින් වෙනස් වී ඇත. එකල බොහෝ විට පේ්‍රම සම්බන්ධතා මූල් කරගෙන කෙරෙන විවාහ වලට වඩා යෝජිත වලට ඉඩකඩ තිබූණි. ඒ නිසාම පොරොන්දම් හදහන් ගළපා විවාහයද සිදුවිය. අද ප්‍රේම සම්බන්ධතාවයන් මූල් කරගෙන කෙරන විවාහ වැඩියි. ජ්‍යොතීර්විද්‍යාවේදියෙකු සොයාගෙනවිත් හඳහන් පොරොන්දම් ගැළපීම සිදුකෙරෙන්නේ ප්‍රේම සම්බන්ධයෙන් බැඳි විවාහ වෙන්නට තීරණය කිරීමෙන් පසූවයි.

නමූත්, එය කොතරම් යහපත් ප්‍රතිපල උදාකරනවාදෑයි සැක සහිතයි. කෙසේ වෙතත් මා එකක් පැහැදිලිව කිව යූතුයි. හඳහන්, පොරොන්දම්, නොගැළපෙනවානම් ඒ යූවළ විවාහවීම පිළිබඳව දෙවරක් සිතා බැලීම වැදගත් බවයි. මා වෙතට පැමිණෙන පෙම්වතුන් එහි ඇති වැදගත්ම වටහාගෙන විවාහයෙන් දුරස්වී වෙන්වගිය අවස්ථාත් කොතෙකුත් ඇත.

එවැනි පසූබිමක් තිබියදී මෑතකදී එක්තරා මවක් මාවතට පැමිණියාය. ඇය මගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ දියණියට ව්‍යාජ හදහනක් සාදා නිවසේම ලැඟුම් ගෙන සිටින (බෝඩිං කාර) තරුණයෙකුගේ හදහන සමඟ ගළපා දෙන ලෙසය. දියණිය අර තරුණයාට වඩා අවූරුදු තුනකින් වැඩිමහල්ය. අවූරුදු කිහිපයක් බාල කර හදහන සකස්කරන ලෙස මගෙන් ඉල්ලා සිටියාය.

එවැනි ඉල්ලීමක් ජ්‍යෙතිෂ්‍යා විෂයට ආදරය කරන ඒ ගැන දෑනීමක් තියෙන එහි ඇති භයානකකම දන්නා මම ප්‍රතික්ෂේප කළෙමි. සැබවින්ම සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙකු ජ්‍යොතිෂ ගැන නොදන්නා ලෙස කටයූතු කරන අවස්ථා මම කොතෙකුත් දෑක ඇත්තෙමි. අර වැඩිහිටි කාන්තාවද ඒ වර්ගයේ කෙනෙකි. මේ ආකාරයෙන් විවාහ දිවියට එළඹිමෙන් ප්‍රශ්න ඇතිවන විටත් දොස් අසන්නට සිදුවන්නේ ජ්‍යොතීර්වේදියාටයි.

ප්‍රේම සම්බන්ධතා පදනම් කරගෙන විවාහයට හදහන් විමසීමට මා සමීපයට එන අයට විශේෂයෙන් යමක් කිව යූතුයි. ඔවූන් සමඟ සාකච්ඡා කර දෑනගත් කරුණූ වලින්ම මම එකක් තේරුම් ගත්තෙමි. ඔවූන් එකිනෙකා අතර ප්‍රේමයට පාදක කරගෙන ඇත්තේ ඉතාමත් පටූ දෙවල්ය. එකම ආයතනයේ සේවය කිරීම, ගෙවල් එකිනෙක සමීපයේ පිහිටා තිිබීම, බෝඩිං ලංව පිහිටා තිබීම, දෙදෙනාගේ දෙමාපියන් හොඳ මිතුරන්වීම වැනි වැඩකට නැති කරුණූය. ඒවා ප්‍රේමයට හේතු බව පවසමින් කිසි විටෙකත් වෙන්විය නොහැකි බවත්, කෙසේ හෝ පොරොන්දම් ගළපා දෙන ලෙසත් විවාහපේකෂිත යූවළ මෙන්ම වැඩිහිටියෝද මගෙන් ඉල්ලා සිටිති.

ප්‍රේමය වූකලී ඉහත කී බොළඳ කරුණූ වලට මූල්කරගෙන සිදුවිය යූත්තක් නොවේ. විවාහය වැනි පූජනීය තැනකට යනවිට ඊට වඩා උත්තරීතර අරමූණකින් ඇති විය යූත්තේය. නැතිනම් එහි පැවැත්ම පිළිබඳව තර්ජනය ඇතිවීම වළක්වන්නට බැරිය.

පොරොන්දම් ගැළපෙනවා විනා දෙදෙනෙකුගේ ගළපා දීමක්ද ජ්‍යොතිෂයේ නැත. පොරොන්දම් සියයට පණහකට වැඩියෙන් ගැළපේනම් ඒ යූවළට විවාහ වී එකට සූවසේ සතුටින් සිටිය හැකියැයි විශ්වාසයක් අපේ සමාජයේඇත. මා වෙතට පැමිණෙන බොහෝ දෙනා ඉල්ලා සිටින්නේ අනේ මේ හඳහන් දෙකේ පොරොන්දම් ගැළපෙනවාද කියා බලා දෙන්න කියාය.

පොරොන්දම් ගැළපීම, විවාහය සාර්ථක වෙන මගක් නොවේ. පොරොන්දම් 100%ක් සාර්ථක වූ විවාහ ජීවිතද දෙදරා ගොස් ඇත. එසේනම් වරද කොතැනද? විවාහයක සාර්ථකත්වයට පොරොන්දම් ගැළපීමට වඩා වැදගත් වන්නේ කේනද්‍රදෙකේ අන්තර්ගතය ගැළපීමයි. මේ අන්තර්ගතය නොගැළපූණොත් එක වහල යට සිටියත් දෙදෙනාගේ ජීවිතවලට යහපතක් සිදුනොවේ.





Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment