උඳුගොවූවන් කෑම චර්ම රෝගයක්ද?


උඳුගොව්වන් කනවා කියල අපි හඳුන්වන්නේ චර්ම රෝග තත්ත්වයක්. සාමාන්‍ය ව්‍යහාරයේ ජනතාව උඳුගොව්වන් කෑම හඳුන්වන්නේ හිස් කබලේ ඇති කොණ්ඩ කොටස් සතෙක් කෑමක් කියලයි. මෙය සම්පූර්ණයෙන් වැරදි මතයක්. මෙතනදී වෙන්නේ අපේ ශරීරයේ නිතැතින්ම ඇති ප්‍රතිශක්ති යාන්ත්‍රණය වැරදි තේරුම් ගැනීමක් සිදු කරමින් අපේ හිස්කබලේ ඇති ඇතැම් කොණ්ඩා කොටස් අපට අයත් නොවන ආගන්තුක ද්‍රව්‍යයක් ලෙස සලකමින් ප්‍රතික්ෂේප කරන්න පටන් ගැනීමක්.මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ඔටෝ ඉමියූලින් ඩිසිස් (්ඹඔධ ෂඵඵඹඹෑ ෘෂීෑ්ීෑ- කියල. මෙම කෙස් ප්‍රතික්ෂේප කිරීම නිසා තැනින් තැන කෙස් වැටෙන්න පටන් ගන්නවා. අපේම ශරීරම තුළ තිබෙන කෙස්වලට එරෙහිව අපේම ශරීරය තුළ තිබෙන කෙස්වලට එරෙහිව අපේම ශරීරය තුළ ප්‍රතිදේහ නිෂ්පාදනය වීමක් මෙතනදී සිද්ධ වෙනවා. උඳුගොව්වන් කෑම හෙවත් ඇලෝකේෂියා ඒරියාට යනූවෙන් හඳුන්වන්නේ මෙම රෝග තත්ත්වයයි. මෙම රෝගය ඔටෝ ඉම්යූලින් ඩිසිස් හෙවත් ස්ව ප්‍රතිශක්ති රෝගයක් ලෙස අපි හඳුන්වනවා. බොහෝ විට කිසිදු ප්‍රතිකාරයක් නොලබාම මෙය සූව වෙනවා. නමූත් ඇතැම් පූද්ගලයන්ගේ ප්‍රතිශක්ති යාන්ත්‍රණයේ යම් යම් අක්‍රමිකතා තිබේ නම් එවැනි අයට ප්‍රතිකාර කිරීම මගින් මෙම රෝගී තත්ත්වය සූව කළ හැකියි. විශේෂයෙන් ආලේප ගැල්වීමෙන් මෙය සූව කළ හැකියි.


හැබැයි ඉතාම සූළු ප්‍රතිශතයක් සිටිනවා තැනින් තැන හිසකෙස් යන තත්ත්වය වෙනූවට මූළු හිසේම කෙස් යන අපි එය හඳුන්වනවා ඇලෝකේෂිය ටෝටේ‍රිරිස් කියල.

මෙහිදී මූළු හිසේම එක කෙස් ගහක් නැති වෙන්න යනවා. තවත් ඉතාම අල්ප ප්‍රතිශතයක් ඉන්නවා ඔවූන්ගේ මූළු ශරීරයේම ඇති කෙස්ගස් ගැලවී යනවා. මෙය අපි හඳුන්වනවා ඇලෝකේෂියා යූනිවර්සේරිස් කියල. මෙම තත්ත්ව දෙකම එතරම්ම ඖෂධවලට ප්‍රතිචාර නොදක්වන රෝග අවස්ථා දෙකක් විදිහට වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනවා.

නමූත් ඇතැම් විට කිසිදු ප්‍රතිකාරයක් නොමැතිවත් මෙම රෝග තත්ත්ව දෙකත් සූව වෙලා තමන්ට නැවත ගැලවී ගිය සියලු කෙස් ලැබෙනවා. ප්‍රතිකාර කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය එතරම් සූබදායක නොවන අවස්ථාවලදී පවා ඉබේම රෝගය සූව වෙන්න පූළුවන්.

ශ්‍රමිය ජනතාව මෙය සතෙක් කෑමෙන් ඇතිවෙන රෝග තත්ත්වයක් යනූවෙන් අනූමාන කරමින් රෝගීන් හිසට තබන කොටිටය, ඔවූන් පාවිච්චි කරන ඇඳ ඇතිරිලි, තුවාය නිතර සෝදන්න, අව්වේ වේලන්න පෙළඹෙනවා. මෙයින් උඳුගොව්වන් කෑමේ රෝගී තත්ත්වය සූව අතට හැරෙන්න බලපෑමක් නැහැ. එය පෞද්ගලික පිරිසිදුකමට හොඳයි.

මෙම රෝගී තත්ත්වය නිසා හිසේ තැනින් තැන රුපියලේ කාසි ආකාරයට කෙස්ගස් ඉවත්වීම නිසා හිස් කබලේ සම සූදු පැහැයට පෙනෙන්නට තියෙනවා. ඇතැම් පූද්ගලයන් මෙම සම මත වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇතැම් ආලේප ගැල්වීමෙන් හිසේ සම තුවාලවෙලා වෙනත් ආසාදන හෝ කෙස් වර්ධනය වෙන රෝම කූපය විනාශ වීම මගින් නැවත කෙස්ගස වර්ධනය නොවන අවස්ථා පවා ඇතිවෙන්න පූළුවන්. මෙය භයානක තත්ත්වයක් වෙනවා.

අපි අහලා තියෙනවා අපේ ශ්‍රමිය ජනතාව උඳුගොව්වන් කෑමේ රෝගී තත්ත්වයට කෙම් කරනවා. එහි සත්‍ය අසත්‍යතාව ගැන අපට හරිහැටි වැටහීමක් නැතත් එයින් යම් මානසික සූවයක් ලබාගන්න පූළුවන් කියන කාරණාව අපට විශ්වාස කළ හැකියි.

මිනිස් ශරීරයේ ප්‍රතිශක්ති යාන්ත්‍රණය නැවතත් හරිහැටි තේරුම් ගැනීමක් සිදුවූ වහාම මෙම රෝගී තත්ත්වය සූව වෙනවා. මෙය බෝවන තත්ත්වයක් හෝ ආරෙට යන දෙයක් නොවෙයි.




අසෝක කමලදාස
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment