හිතුමතේට තොල් ආලේපන ගල්වන්න එපා

ගැහැනියකගේ සූන්දරත්වය වැඩි කරන්න ඇස් දෙකෙන් සහ තොල්වලින් ලැබෙන්නේ විශාල දායකත්වයක්. මේ නිසාම ඇස් දෙක ලස්සන කර ගන්න වගේම තොල් දෙක ලස්සන කරගන්නත් අද කාන්තාව උනන්දු වෙනවා.


පෙර කාලේ යූවතියන්ගේ දෙතොල් නා දළු පෙති වලට සමාන කළා. පන්සල් චිත්‍ර වල කාන්තා රූපවල දෙතොල් රන් පැහැයෙන්, දුඹූරු පැහැයෙන් වර්ණවත් කළා.


අද තරුණ යූවතියන් මෙන්ම වැඩිහිටි ගැහැනූන් පවා තොල් ආලේපන භවිතා කරන්න පූරුදුවෙලා ඉන්නවා. නමූත් තොල් ආලේන මිලට ගැනිමේදී එහි ගුණාත්මක බව වෙළඳනාමය, පැහැය ගැන පාරිභෝගික ඔබ සැළකිළිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා.


මූලින්ම ලිප් බාම් එකක් ආලේප කර තොල් ආරක්ෂාව වැදගත් වෙනවා.


ඉන්පසූව ලිප් ලයින් එක ඇද ගන්න ඕනේ තොලේ හැඩය වඩාත් ඉස්මතු වෙන්නයි. මෙහිදි අඩූ පාඩූ තියෙන දෙතොල් ලස්සන කරගෙන මනා හැඩයට ඇද ගන්න පූළුවනි.


මූල් කාලයේදි ලිප් ලයින් එක ඇන්දේ කළු පාට තද දුඹූරු පාට පැන්සලකින් පමණයි නමූත් කළු පාට ලිප් ලයින් ඇතැම් ලිප්ස්ටික් වර්ණ සමග නොගැල පෙනවා විය හැකියිි. මෙනිසා ඔබ පාවිච්චි කරන්නට බලාපොරෝත්තු වන ලිප්ස්ටික් වර්ණයේ තද පාට හෝ දුඹූරු රෝස පාටවලින් කුඩා පින්සලක් භාවිතයෙන් තොලේ හැඩය ඇද ගැනිම ලස්සනයි.


ඉන් පසූව දෙතොල් ඇතුලත ලිප්ස්ටික් පූරවා ගැනිම සඳහා වර්ණ කිහිපයක් මිශ්‍රකිරිමෙන් ලිප්ස්ටික් තවරාගත හැකියි. මෙය පරිසරයට වඩාත් සමිප වර්ණවලින් භාවිතා කළ හැකිනම් තවත් සූන්දරවේ.


තලෙළු සමක් ඇති අයට රතු දුඹූරු වැනි වඩාත් තද පාට ලිප්ස්ටික් වර්ග එතරම් සූදුසූ නැහැ ඔවූන්ට වඩාත් සූදුසූ වන්නේ පරිසරයට වඩාත් සමිපතම වර්ණ පමණයි.


වඩාත් පැහැපත් සමක් ඇති අයට වඩාත් සූදුසූ වන්නේ පරිසරයට වඩාත් සමිපතම පාට වගේම රෝස තැඹිලි දුඹූරු වැනි පාටයි.


දැන් දැන් රතු පැහැති තොල් ආලේපන ගැල්විමෙන් මදක් ඉවත් වෙලා තියෙනවා.


එමෙන්ම අපි අදින ඇඳුමේ පැහැය අනූවත් දවසේ කාලය අනූවත් තොල් ආලේපනයේ පැහැය වෙනස් කරන්න පූළුවනි. උදේ කාලයට පාවිච්චි කරන තොල් ආලේපන ලා පැහැතිනම් හොඳයි. රාත්‍රි උත්සව අවස්ථාවලට පාවිච්චි කරන තොල් ආලේපන තද පැහැති දිලිසෙන සූළු එවා නම් ගොඩක් හොදයි. තොල් ආලේපන මත වඩාත් හොද නිමාවක් ලබා ගැනිම සඳහා ග්ලිටර් එකක් පාවිච්චි කීරිම ඔබේ රුව තවත් කැපි පෙනෙන ලෙස පෙන්විය හැකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment