දරුවන්ට මැංගුස් කන්නට දීමේදී කල්පනාකාරි වෙන්න


විටමින් සී බහූල මැංගුස්
රඹූටන් වගේම මේ දිනවල මංගුස්වලට ද ඉල්ලූම වැඩි බව ඔබ දන්නවා. රඹූටන්වලට මල්වානේ ප්‍රසිද්ධියක් උසූලනවා සේම මැංගුස් වලට කළුතර ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසූලනවා. මැංගුස් ශ්‍රී ලංකාවේ වැඩෙන පලතුරක් ලෙස ජනප්‍රිය නමූත් මෙය සෑම කාලයකදීම දකින්නට නොලැබනෙ අතර මේ කාලවලදී එනම් ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී බහූලව දෑකිය හැකි පලතුරකි.


මෙම කාලවල වැඩෙන පලතුරු මාංසල බවින් යූතුයි. මෙය විටමින් සී බහූල පලතුරක් වන අතර පිෂ්ඨය, මේදය, වැනි කොටස් ද අන්තර්ගත වෙනවා.


මැංගුස් මූඛයට ගත්විට ඔබට තේරෙනවා එය සීත බැවින් යූතු ඇඹූල් පලතුරක් ලෙස නමූත් එය ඉතා උෂ්ණ පලතුරක් විදියටයි ආයූර්වේදය සලකන්නේ. මෙය අම්ල ගුණයෙන් යූතු නිසා බඩේ දෑවිල්ල, උෂ්ණ බැවින් යූතු සිරුරක් හිමි පූද්ගලයන්ට මෙය සූදුසූ නොවන බව මතක තබාගන්න.


මෙහි කහට රස ඇති නිසා උගුරේ අමාරුව, සෙංගෙඩි, ඇස්වල කබ සමග කඳුළු ඒම, මූත්‍රා ආසාදන, පිත, සමේ රෝග රැසක් ඇතිවෙන්නට පූළුවන්. මෙම කැරණූ අතරට ඔබට විශේෂයෙන් යමක් සඳහන් කළ යූතු වෙනවා. එනම් මැංගුස් ගෙඩියේ ලෙල්ලේ මැලියම් අඩංගු වී තිබීම නිසා එය කටින් කඩා ආහාරයට ගැනීම සූදුසූ නොවන බවයි. එය ආහාරයට ගන්නේ නම් අතින් කඩා හෝ පිහියකින් ගලවා කෑමට ගැනීමෙන් විෂබීජ ශරීරයට ඇතුළු වීමේ හැකියාව මඟ හැරී යයි.


එමෙන්ම කුඩා දරුවන්ට මෙය ආහාරයට දීමේදී ප්‍රවේසම් විය යූතු වෙනවා. ලිස්සන ස්වභාවයක් මෙහි අඩංගු නිසා දරුවන්ට එය ගිලී යාමට පූළුවනි.


මෙමගින් මළ බද්ධය අති කරවන අතර දද කුෂ්ඨ, තුවාල, බිබිිලි, රෝග තිබෙන අයටද මෙය එතරම් සූදුසූ නොවෙයි.


ඇතැම් සූපිරි වෙළෙඳසල්වල මැංගුස් ටින් වශයෙන් ලබා ගැනීමට හැකි වේ. නමූත් එම ටින් කර ඇති පලතුරු කල්තබා ගැනීම සඳහා නොයෙක් රසායනික ද්‍රව්‍යයන් භාවිත කරන්න පූළුවන්.


මේ නිසා ඔබ පලතුරු ආහාරයට ගන්නේ නම් ස්වභාවික පලතුරු වඩා සූදුසූ බවත් මැංගුස් වැනි උෂ්ණ පලතුරු ආහාරයට ගැනීමේදී ප්‍රවේසම් විය යූතු බවත් මකත තබාගන්න.




ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
එච්. ඩී. තෙන්නකෝන්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment