දස ලක්ෂයේ පිච්ච මල් පූජාව -මල් පූජා කරපූවාම පින් සිද්ධ වෙනවාද? මල් කඩන එක පිනක්ද?


දස ලක්ෂයේ පිච්ච මල් පූජාව මොකටද? කාගේ ඕනෑකමකටද? බූදුහාමූදුරුවන්ගේ වූවමනාවක් සපූරා ලන්නට ද? මේ මල් පූජා කිරීම මිනිසූන් ගේ වූමනාවක් ඉටූ කර ගැනීමට නම් ඒ වූවමනාව මොකක්ද? මිිනිසා මල් පූජා කරන්නේ මොන බලාපොරොත්තුවක් නිසාද? මල් පූජා කරපූවාම පින් සිද්ධ වෙනවාද? මල් කඩන එක පිනක්ද?


මල් පිපෙන්නේ මී මැස්සන්ට, සමනලයින්ට පැණි බීලා ජීවත් වෙන්ට නේද? විශාල වශයෙන් මල් කැඩූවම ඒ සතුන්ට කෑම නැතිව යනවා නේද? සතුන් සමූහයකට ජීවත් වෙන්ඩ තියෙන මල් පැණි ටික විනාශ කර දෑමීම කවර අන්දමේ හොඳ වැඩක්ද? පිනක්ද? බූදුහාමූදුරුවන්ට වූවමනාවකුත් නැත්නම් අපට ඇති හරි හමන් වූවමනාවකුත් නැතිනම් මල් ගස්වල, තියෙන මල් කඩාගෙන ඇවිත් බූදු පිළිම ඉස්සරහා පිට ගොඩ ගහලා වේළුණාට පස්සෙ ගස් යටට විසි කරන එක කවර අන්දමේ පිනක්ද කියලා හිතා බලන්නට වෙලාව දෑන් ඇවිත් නැති ද?


පිච්ච මල් දස ලක්ෂයක් පූජා කළාට පස්සෙ ලැබූව ආනිසංසය මොකක්ද? කාටවත් මේ වෙනතුරුවත් ඒකෙන් සිද්ධ වෙච්ච යහපතක් පිනක් ගැන අහන්ඩ ලැබිලා තියෙනවා ද?


කුඩා සතුන්ගේ බඩට පහර වදින විදිහට ජීවිතවලට හිරිහැර වන විදිහට දහස් ගාණක් මල් කඩල, සොබා සෞන්දර්යයත් නැතිකරලා බූදුහාමූදුරුවන්ගේ පිළිමය ඉස්සරහ ගොඩ ගහලා වේළුණාට පස්සේ අරගෙන කහළ ගොඩට දමන එක මොන බූද්ධාගමට අයිති වැඩක්ද?


බූදුහාමූදුරුවන්ට මල් පූජා කරන්නටය කියා තිබෙන්නේ කොයි පොතේ කොතැනද? බූදුරජාණන් වහන්සේට ගෞරව කරන්නට මල්පූජා කරනවාය කියා ඇතැමෙක් කියනවා. බූදුහාමූූදුරුවන් එබඳු බලාපොරොත්තුවක් තබාගෙන හිටියෙත් නැහැ. එහෙම ඉන්නෙත් නැහැ. බූදුහාමූදුරුවන්ට ගෞරව කරන හැටි උන්වහන්සේම ඉතා පැහැදිලිව පෙන්නා දී තිබෙනවා.


බූදුහාමූදුරුවන්ව දකින හැටිත්, උන්වහන්සේ පෙන්නා දී තිබෙනවා. මල් පූජා කරනවාට වඩා උන්වහන්සේව දෑක ගන්න එක කොච්චර වටිනවද? එහෙමනම් උන්වහන්සේ දෑක ගන්නේ කොහොමද?


ක්‍රමය මේ විදිහයි, උන්වහන්සේ පෙන්නා දීලා තියෙන්නේ


"යො ධම්මං පස්සති සෝ මං පස්සති"


"යමක් ධර්මය දකිනවා නම් ඔහූ මාව දකිනවා"


මල් ගොඩ ගහනවට වඩා, බූදුන් දකින එක නරක ද? මල් පූජා කිරීම කවර තරමේ හිංසන ක්‍රියාවක්ද යන එක කල්පනා කර බලන්න. බූදු දහම පිහිටා තිබෙන්නේ ප්‍රඥාව මතයි. ඒ බව සිතා බලා තීරණය කර ගැනීම ඔබට බාරයි. ලක්ෂ ගණන් මල්පූජාව, මෙන්ම අසූ හාරදාහේ පහන් පූජාව ද, සෝවාන් ඵලයට බාධාවකි.




වෛද්‍ය ලේල්වල ජී ගොඩකන්ද

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

2 comments :

  1. මෙතුමා මේ ප්‍රකාශ කළ වචනයක් වචනයක් පාසා,තිසරණයෙකෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරවෙලයි කතාකරන්නේ.එහෙම කෙනෙකුට කවදාකවත් සෝවාන් ඵලය ලබන්න බෑ,මේ බොරුවලට ‍රැවටෙන්න එපා.

    ReplyDelete
  2. මෙතුමා මේ ප්‍රකාශ කළ වචනයක් වචනයක් පාසා,තිසරණයෙකෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරවෙලයි කතාකරන්නේ.එහෙම කෙනෙකුට කවදාකවත් සෝවාන් ඵලය ලබන්න බෑ,මේ බොරුවලට ‍රැවටෙන්න එපා.

    ReplyDelete