නිය ආරක්ෂා කළ යූත්තේ කෙසේද?


ඔබේ නිය සඳහා සූදුසූම පෝෂ්‍ය පදාර්ථ ලබා ගත යූත්තේ ආහාර මාර්ගයෙන් මිස අතිරේක ආලේපන මගින් නොවේ


ඔබේ ඇඟිලිවල නිය, ඇඟිලිවල කෙළවර ආරක්ෂා කරන බව පැහැදිලි කරුණකි. එකී නිය බොහෝ ප්‍රයෝජනවත් ආයූධ ලෙසින් ක්‍රියා කරන බවද පැහැදිලිය. එනමූත් ඇත්තෙන්ම අපේ රුව වැඩි දියූණූ කිරීමෙහිලා වැදගත් කාර්ය භාරයක්ද ඉටූ කරයි. එම නිසා ඒවා වැඩෙන්නේ කෙසේද ඔබ පූරුදු වී ඇති ආකාරයකින් ඒවා ශක්තිමත්ව තබා ගැනීමට කවර පෝෂණ ද්‍රව්‍යය අවශ්‍ය වන්නේ ද යන්න දෑන ගැනීමද අවශ්‍යය.


ඔබගේ සම හා රෝම මෙන්ම නියද වැඩිපූර සංයූක්ත වී ඇත්තේ කෙරටීන්වලිනි. සමේ ඇසට පෙනෙන නිය නිමවී ඇත්තේ පළමූවන ඇඟිලි පූරුක දක්වා දිවෙන නිය මංචය තුළය. මෙම නියමංචයේ සිට නිපදවෙන නියකෝෂවල කෙරටීන් අඩංගු නිසා ශක්තිමත් නිය ඇතිවීම සිදු වේ. ඔබේ සම මෙන්ම නියද නොකඩවා වැඩෙයි.


සෞඛ්‍ය සම්පන්න සමක් හා කෙස් කළඹක් සඳහා අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථම නියවල වර්ධනය සඳහා අවශ්‍ය වන අතර ඒවායේ සංයූතියේ සූළු සූළු වෙනස්කම් පමණක් සිදු වේ. උදාහරණයක් වශයෙන් ගතහොත් ඔබේ කෙස්වලට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය මෙන් දස ගුණයක ප්‍රමාණයක් නිය සඳහා අවශ්‍ය වෙයි. ඔබේ නිය වර්ධනයට බී විටමින්ද එළවළු, මෝර අක්මා ආදියෙහි අඩංගු මේද අම්ල ආදියද කිරි, චීස්, බිත්තර, යෝගටි හා කොළ එළවළුවල ඇති සින්ක් හා කැල්සියම්ද අවශ්‍ය වේ.


ඔබේ නිය සඳහා සූදුසූම පෝෂ්‍ය පදාර්ථ ලබාගත යූත්තේ ආහාර මාර්ගයෙන් මිස අතිරේක ආලේපන මගින් නොවේ. ඔබගේ නිය මසකට අඟල් 1-8 ක් පමණ දිගට වැවේ. පාදවල නිය එතරම් ඉක්මනට නොවැඩේ. ඔබ දකුණත හූරු අයෙකු නම් දකුණූ අතේ ඇඟිලිවල නියද වම් අත හූරු අයෙකු නම් වම් අතේ නියද ඉක්මනින් වැවේ.


ඔබේ සමට අවශ්‍ය වන්නේ කුමක්දෑයි ඔබ දන්නා දේ නිය සම්බන්ධයෙන් එසේම වෙයි. බැක්ටීරියා හා පූස් වර්ග මාර්ගයෙන් වන හානි වැළැක්වීමට නිය පිරිසිදුව තබා ගත යූතු වෙයි. එමෙන්ම නිය හොඳින් ආරක්ෂා කිරීමද අවශ්‍යය. නිය මනා පෙනූමෙන් තබා ගැනීමට නිය වියළි නොවිය යූතුය. නියේ සංයූතියෙන් සියයට 16 ක් ජලය අඩංගු වේ. එම තත්ත්වය පවත්වා ගත යූතුය. තෙත් බව ඊටත් වඩා අඩූවූවහොත් නිය කැඩී යෑමට හෝ ගැලවී යෑමට ඉඩ ඇත. 17 හැවිරිදි අයෙකුට වඩා 80 වියැති අයෙකුගේ අතේ නිය වියැළේ. රැලි වැටෙි. වැඩීම ඉතාම හෙමින් සිදුවේ. නියවලට විය හැකි බරපතලම හානිය සිදුවන්නේ නිය තෙත් ගතියෙන් තිබී වියළි තත්ත්වයට පත් වන අවස්ථාවේදීය. නිය තෙත් ගතියෙන් පවතින විට එහි අන්තර් කෝෂවල පවත්නා ග්ලු මෘදුව පවතී. නිය වියළි තත්ත්වයට පත්වන විට එකී ග්ලු ඉතිරිලා යයි. මෙම තෙත් ගතියෙන් වියළි තත්ත්වයට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය දිනකට කීප වතාවක් සිදු වේ.


ඔබේ ජීවන රටාව කුමක් වූවත් මනා සෞඛ්‍ය පිළිවෙතේ ආරක්ෂා කිරීමට නිතර නිතර ඔබේ අත් සේදීම අවශ්‍ය වේ. ඉහත කී තෙත් බව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ඊට සූදුසූ කී්‍රම් හෝ ආලේපනයක් ගැල්වීම අවශ්‍යය. ඔබ නේල් පොලිෂ් ගල්වනවා නම් හොඳින් අතුල්ලා ගැල්වීම කළ යූතුය. එම පොලිෂ් වර්ග භාවිත කිරීමෙන් නිය ආවරණය වී ආරක්ෂාව සැලසීම සිදු කරයි.


තදින් කුණූ ඉවත් කරන ද්‍රව්‍ය වතුරට මිශ්‍ර කර පාවිච්චි කිරීමෙන් නියවලට අනතුරු කැඳවයි. නිය කෝෂ අභ්‍යන්තරයෙහි ඇති ග්ලු විනාශ කිරීමට මෙම ක්‍රියාවලිය බලපායි. එවැනි අවස්ථාවලදී අතේ හෝ නියවල එකී මිශ්‍රණ නොගෑවෙන පරිදි රබර් ග්ලවූස් භාවිත කිරීම ඉතාමත් අවශ්‍යයි.


නියවලට සිදුවන අනතුරු නම් නිය ඇදීම, පැලීම, රැලි වැටීම, සූදු පැල්ලම් ඇති වීම් ආදියයි. මේවා සිදුවන්නේ පෝෂ්‍ය පදාර්ථ හිඟ වීම නිසා නොව, නිය තදින් වැදීම, ඝර්ෂණය වීම, සීරිම, කම්පියූටර් කී බෝඩ් එකක නිතර නිතර ගැටීම ආදී කරුණූ නිසාය.


අපගේ ජීවිතයේ කවර හෝ කලකදී නිය ආබාධ ඇතිවීම ස්වාභාවිකය. ඒවා ප්‍රතිකාර මගින් හෝ කාලයාගේ ඇවෑමෙන් නැති වී යයි. කාණූ හට ගැනීම හෙවත් දාර හට ගැනීම නිය ආබාධ අතරින් ප්‍රධාන තැනක් ගනී. අනතුරක් සිදුවීම නිසා හෝ අසනීප වීම හේතුවෙන් ඖෂධ භාවිතය නිසා නිය පොතුවල සිරස් අතට දාර හට ගැනීමට පූළුවන. මේවා මාස 3 ක් හෝ 5 ක් අතර කාලයකදී සමහර විට වසර 2 ක් දක්වා වූ කාලයක් තුළදී මඟහැරී ස්වාභාවික තත්ත්වයට පත් වීමට පූළුවන්. නිය එල්ලා වැටීමද තවත් ආබාධයකි. නියට යම් යම් හානි පැමිණීමෙන් හෝ අධික වියළි බව ඇති වීමෙන් මෙය ඇති වේ. මෙයට මැරුණූ නිය ඉවත් කර දෑමිය යූතුය. එසේ නොකළහොත් නිය මූලට අනතුරු සිදු විය හැක.


නිය මත සූදු ලප ඇතිවීමද තවත් ආබාධයකි. මේවා ඇති වන්නේ නිය මූල ආශ්‍රිතව සිදුවන අනතුරු නිසාය. සිදුවූ අනතුරු හේතු කොටගෙන කෙරටීන් නිෂ්පාදනය අඩපණ වීමෙන් මෙය සිදු වේ. සමහර අවස්ථාවන්හිදී නිය සූදු පැහැයට හැරේ. මේ තත්ත්වය ඇතිවන්නේ අනතුර හෝ තුවාලය හේතු කොටගෙන නිය මූල සමග ඇති සම්බන්ධතාව බිඳී යෑමෙනි. තවද පූස් හට ගැනීමෙන්ද මෙය සිදු විය හැක. අනතුරක් නිසා මෙය සිදු වී ඇත්නම් මාස කීපයක් ගතවීමෙන් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වේ. පූස් හට ගැනීමෙන් මෙය සිදුවූයේ නම් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගත යූතුය.


ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි
පද්මිණී රාමනායක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment