ප්‍රමිතියක් ඇති සිමෙන්ති තෝරා ගන්නේ කොහොම ද?

නිවාස ඉදි කිරීමේ දී බොහෝ ගෙහිමියන් ඉදි කිරීමට යෝග්‍ය සිමෙන්ති වර්ගය තෝරා ගැනීමට අපොහොසත් වන්නේ ඒ සඳහා ප්‍රමාණවත් දෑනූමක් නොමැති වීමෙනි. මෙයින් සිදු වන්නේ නිකරුණේ මූදල් අපතේ යාමක් සහ නිසි ශක්තියක් නොමැති ගොඩනැගිල්ලක් හෝ නිවසක් ඉදි වීම ය.

ඉදි කිරීමට බලාපොරොත්තු වන ගොඩනැගිල්ලේ ස්වභාවයට සරිලන සිමෙන්ති වර්ග තෝරා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව විමසා බැලීමට අප අදහස් කළේ මේ අනූව ය. මේ සඳහා අපි ශී්‍ර ලංකා ප්‍රමිති ආයතනයේ කපිල අබේවර්ධන සහ නිහාල් ජයසේකර යන ප්‍රමිති ඉංජිනේරුවරුන් දෙපළ හමූ වී අදහස් විමසීමක් කළෙමූ.


මේ ඔවූන් දෙපළ අප හා දෑක්වූ අදහස් ය.


ශී්‍ර ලංකාවේ ගොඩනැගිලි ඉදි කිරීම් ශීඝ්‍රයෙන් සිදු වෙනවා. මෙම ඉදිකිරීම්වලින් බොහෝමයක් නිවාස, නිවාස ඉදි කිරීමේ දී බොහෝ විට නිසි ප්‍රමිතියක් ඇතිව සිමෙන්ති භාවිත කරන්නේ නෑ. ඒ නිසා නිකරුණේ මූදල් කන්දාරාවක් අපතේ යනවා. මෙයට හේතුව ඉදි කිරීමට සූදුසූ සිමෙන්ති වර්ගය තෝරා ගැනීමට නොහැකි වීමයි.


මේ වන විට සිමෙන්ති වර්ග 4ක් වෙළෙඳ පොළේ තිබෙනවා. මේ වර්ග 4 යොදා ගන්නා අවස්ථා ද වෙනස් වෙනවා. ශී්‍ර ලංකාවේ මෑතක් වනතුරු ම බොහෝ ඉදි කිරීම් සඳහා යොදා ගනූ ලැබූවේ සාමාන්‍ය පෝටිලන්ඩි සිමෙන්ති නම් වර්ගයයි. අද වන විට පෝටිලන්ඩ් සිමෙන්ති භාවිතය ක්‍රමයෙන් බැහැර කර තිබෙනවා. මෙයට ප්‍රධාන හේතු දෙකක් දක්වන්න පූළුවන්. ඉන් පළමූවැන්න තමයි පෝටිලන්ඩ් සිමෙන්ති නිෂ්පාදනයේ දී අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායූ ගෝලයට නිකුත් කිරීම. දෙවැන්න මෙම සිමෙන්ති නිපදවීමට ගන්නා ක්ලින්කර් නම් ස්වාභාවික අමූද්‍රව්‍යය පරිසරයෙන් ක්‍රමයෙන් කෂය වී යාම. සාමාන්‍යයෙන් පෝටිලන්ඩ් සිමෙන්ති නිපදවීමේ දී ක්ලින්කර්, බර අනූව 95%ක් සහ ඉතිරිය සඳහා තාප බලාගාරවලින් අපද්‍රව්‍ය වශයෙන් නිකුත් වන ගල් අඟුරු අපද්‍රව්‍ය යොදාගන්නවා.


මෙසේ පෝටිලන්ඩ් සිමෙන්තිවලින් පරිසර දුෂණ ක්‍රියාවලිය වේගවත් වන නිසා ශී්‍ර ලංකාවට වෙනත් සිමෙන්ති වර්ග දෙකක් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි පෝටිලන්ඩ් පෝසලෝනා සිමෙන්ති සහ පෝටිලන්ඩ් ස්ලැග් සිමෙන්ති. මෙයිින් පෝසලෝනා සිමෙන්තිවලට ගිනිකඳු පිපිරි ඉවත යන අළු යොදා ගන්නවා. ස්ලැග් සිමෙන්තිවලට යපස් අරගෙන ඉතුරු වන අපද්‍රව්‍ය තමයි ගන්නේ. මේ සිමෙන්ති වර්ග දෙකට ම ක්ලින්කර් භාවිත කෙරෙනවා. පෝසලෝනා සිමෙන්ති සඳහා ක්ලින්කර් බර අනූව 65%ත් 95%ත් අතර ප්‍රමාණයක් භාවිත කරනවා. ස්ලැග් සිමෙන්ති සඳහා ක්ලින්කර් භාවිත කරන්නේ බර අනූව 6%ත් 35%ත් අතර ප්‍රමාණයක්. වෙනත් ද්‍රව්‍ය ඒ කියන්නේ ගල් අඟුරු අපද්‍රව්‍ය බර අනූව 5%ක් පමණ මිශ්‍ර කරනවා. මේ සංයූති දෙක පිළිබඳව විමසීමේ දී ක්ලින්කර් ඉතා ම් අඩූවෙන් භාවිත වන බව පේනවා. එනිසා මේ ක්‍රියාවලියේ දී වායූගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩූයි. එනිසා මෙම සිමෙන්ති දෙවර්ගය සෑදීමේ දී සිදු වන පරිසර දුෂණය ඉතා ම අඩූයි.


තවත් සිමෙන්ති වර්ගයක් තිබෙනවා. ඒ සිමෙන්ති වර්ගය හඳුන්වන්නේ පෝටිලන්ඩ් ලයිම්ස්ටෝන් කියලා. මෙම සිමෙන්තිවලින් පරිසර දුෂණය බෙහෙවින් අඩූ වෙලා තිබෙනවා. සාමාන්‍ය පරිසර පද්ධති තුළ ගොඩනැගිලි ඉදිකිරීමේ දී කොන්ක්‍රිටි දෑමීම සඳහා වඩාත් සූදුසූ සිමෙන්ති වර්ගය තමයි පෝටිලන්ඩ් ලයිම්ස්ටොන් සිමෙන්ති. මෙම සිමෙන්තිවලින් වැඩ කිරීම ඉතාමත් පහසූයි. මෙම සිමෙන්ති නිපදවිමේ දී ක්ලින්කර් බර අනූව 85%ත් 95%ත් අතර භාවිත කරනවා. හූණූගල් බර අනූව 15%ක් පමණ භාවිත වෙනවා. වෙනත් ද්‍රව්‍යයන් සූළු ප්‍රතිශතයක් මිශ්‍ර කෙරෙනවා. මේ සිමෙන්ති වර්ගය ලෝකයට අලූත් සිමෙන්ති වර්ගයක්. තවමත් හරිහැටි පිළිගැනීමට ලක්වෙලා නැහැ. පිළිගගැනෙමින් පවතිනවා.


අපේ රටෙි බහූලව භාවිත වන සිමෙන්ති වර්ගයක් තමයි පෙදෙරේරු සිමෙන්ති නැත්නම් මේසන් සිමෙන්ති. මේවා බොහෝ විට කපරාරු කිරීම් සඳහායි යෝග්‍ය වන්නේ. ගඩොල් ගල් බැඳීම සඳහාත් යෝග්‍යයි. මේ සිමෙන්ති සඳහා ක්ලින්කර් භාවිත කර තිබෙන්නේ බර අනූව 40%කටත් අඩූවෙන්. ඉතිරි සියලූ ද්‍රව්‍ය හූණූගල්. මෙම සිමෙන්ති ශක්තියෙන් අඩූ නිසා කොන්ක්‍රිටි දෑමීම සඳහා භාවිත කරන්නේ නෑ. බොහෝ දෙනා විශෙෂයෙන් මේසන් බාස්වරුන් මෙම සිමෙන්ති වැඩ කිරීමට පහසූ නිසා කොන්ක්‍රිටි දෑමීම සඳහාත් යොදා ගන්නවා. එයින් සිදුවන්නේ ශක්තියෙන් අඩූ ගොඩනැගිල්ලක් ඉදි වීමයි. ගල් බැඳීම හා බදාම කපරාරු කිරීම සඳහා පමණයි මේවා සූදුසූ. ගඩොල්වලටත් වඩා ශක්තියෙන් වැඩි මේ සිමෙන්ති සාමාන්‍ය පෝටිලන්ඩ් සිමෙන්තිවලට වඩා සිනිඳු ස්වභාවයක් ගන්නවා. ඒනිසා ගල්වල සිදුරු මෙන්ම කුස්තුරවලට හොඳින් කා වදින නිසා ගල් බැම්මට හොඳින් බැඳෙනවා. ඒ වගේ ම කපරාරු කිරීමේ දී බිත්තියේ අවශ්‍ය හැඩය සකස් කිරීම ඉතා ම පහසූයි. සිනිඳු බව වැඩි නිසා වැඩ කිරීමට ඉතා ම පහසූයි. සාමාන්‍ය පෝටිලන්ඩ් සිමෙන්ති බදාම සඳහා ගැනීමේ දී හූණූ සමග මිශ්‍ර කරනවා. මේ පෙදරේරු සිමෙන්තිවලට හූණූ එකතු කිරීමක් අවශ්‍ය වන්නේ නෑ.


මූහූදුබඩ පලාත්වල ඉදිකරන ගොඩනැගිලි දෑඩි පාරිසරික බලපෑම්වලට ඔරොත්තු දෙන අන්දමට ඉදි කළ යූතු වෙනවා. විශේෂයෙන් ලවණතාව මෙවැනි පරිසරවල අධික නිසා දිරාපත් වීම වේගයෙන් සිදු වෙනවා. ඒ නිසා මූහූදුබඩ පළාත්වල ගොඩනැගිලි ඉදි කිරීමේ දීත් ඒ සඳහා ම විශේෂයෙන් නිපදවූ සිමෙන්ති වර්ග තෝරා ගත යූතුයි. ශී්‍ර ලංකාවේ එවැනි පරිසර පද්ධති සඳහා වඩාත් යෝග්‍ය වන සිමෙන්ති වර්ගය තමයි බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් සිමෙන්ති. මෙම සිමෙන්තිවලට ජලය මිශ්‍ර කිරීමේ දී උත්පාදනය වන තාපය ඉතා අඩූ නිසා දෑඩි පාරිසරික බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති වී තිබෙනවා.


මේ සිමෙන්ති වර්ගවල සංයූතිය එකිනෙකට වෙනස් වන නිසා ගුණාත්මක බවේ ද වෙනසක් තිබෙනවා. මෙම ගුණාත්මක බවේ වෙනස්කම් තිබෙන නිසා සවි වීමේ දී ගත වන කාලය ද වෙනස් වෙනවා. ඒ අනූව සාමාන්‍ය පෝටිලන්ඩ් සිමෙන්ති බදාම මිනිත්තු 30ත් පැය 10ත් අතර කාලයක දී සවි වෙනවා. බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් සිමෙන්ති සහ පෝටිලන්ඩ් ලයිම්ස්ටෝන් සිමෙන්ති යන දෙවර්ගයේ ම බදාම මිනිත්තු 45ත් පැය 10ත් අතර කාලයක දී සවි වෙනවා. පෙදරේරු සිමෙන්ති නැත්නම් මේසන් සිමෙන්ති බදාම මිනිත්තු 60ත් පැය 10ත් අතර කාලයක් තුළ ද සවි වෙනවා.


සිමෙන්ති බදාම සවි වීමට ගන්නා කාල පරාසය පිළිබඳව ගෙහිමියන් මෙන්ම මේසන් බාස්වරුන් ද විශේෂයෙන් දෑනූවත් විය යූතු වෙනවා. එයට හේතුව තමයි කොන්ක්‍රිටි දෑමූ පසූ ජලය මූසූ කිරීමේ දීත් කොන්ක්‍රිටි ෂටරීන් ගැලවීමේ දීත් මෙම කාල පරාසයට අනූව කටයූතු කළ යූතු වීම. නියමිත කාල පරාසයෙන් මඳක් පසූ වී ෂටරින් ලෑලි ගැලවීමේ දී කොන්ක්‍රිටි තටිටූවට හානියක් සිදු වන්නේ නෑ.


ශී්‍ර ලංකාවට සිමෙන්ති ගෙන්වීමේ දී හා සිමෙන්ති නිපදවීමේ දී ශී්‍ර ලංකා ප්‍රමිති ආයතනය විසින් විවිධ සිමෙන්ති වර්ග සඳහා ීඛී ලාංඡනය ලබා දෙනවා. මෙම ීඛී ලාංඡනයට යටින් එම සිමෙන්ති වර්ගයට අයත් ප්‍රමිති අංකය සඳහන් වෙනවා. (වගුව බලන්න) මෙසේ මේ ආකාරයට ප්‍රමිති අංක සහිත ලාංඡනය ලබාදෙන්නේ මෙරට වෙළෙඳාම සඳහා තිබෙන සිමෙන්ති වර්ග සදාහායි. වෙළෙඳාම සඳහා ගෙන්වූ හෝ නිපදවූ කිසියම් සිමෙන්ති වර්ගයක නියමිත ප්‍රමිතියක් නැත්නම් එම සිමෙන්ති සඳහා ීඛී ලාංඡනය සහිත ප්‍රමිති අංකය ලබාදෙන්නේ නෑ. ීඛී ලාංඡනය සහිත ප්‍රමිති අංකය ලබාදුන් පසූ සිමෙන්ති වෙළෙඳ පොළේ තිබෙන විට අහඹූ ලෙස තෝරාගත් නියැදි පරිකෂාවට ලක් කරනවා. එසේ පරීකෂාවට ලක් කරන විට නියමිත ප්‍රමිතියට නිෂ්පාදනය නොකර තිබූණොත් ප්‍රමිති අංකය අවලංගු කිරීමට ශී්‍ර ලංකා ප්‍රමිති ආයතනයට බලය තිබෙනවා.


යම් සමාගමක් මෙරටට සිමෙන්ති ගෙන්වනවා නම් ගෙන්වීමට පෙර නියැදි පරීකෂාවට ලක් කර නියමිත ප්‍රමිතියට ඇති දෑ යි සොයාබැලීමක් කළ යූතුයි.


ඉදි කිරීම් සඳහා ම ගෙන්වන සිමෙන්තිවලට ප්‍රමිති අංකයක් ලබා ගැනීම අවශ්‍ය වන්නේ නෑ. එයට හේතුව තමයි ඉදි කිරීම් සඳහා යෝග්‍ය වන සිමෙන්ති බාහිර වෙළෙඳ පොළ වෙළෙඳාම සඳහා නොතැබීම.


මෙහි දී විශේෂයෙන් කිව යූතු දෙයක් තමයි කිසියම් නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදි කරන විට එය ඉදි කරන ප්‍රදේශයේ හෝ පළාතේ පරිසර තත්ත්වය, ඉදි කරන්නේ කුමක් ද, කවර කටූත්තක් සඳහා ද යන්න පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය වන බව.


මෙරට ඉදි කිරීම් සඳහා මෙම ප්‍රමිති අංක අනූව සිමෙන්ති තෝරාගැනීම මූදල හා භාණ්ඩ නාස්තිය අවම කර ගැනීමට ආධාරකයක් වනවා නොඅනූමානයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment