අලිගැටපේරවලින් ලස්සන වෙමූ

කොළ පැහැති හෝ දම් පැහති ඉදුණූ අලිගැටපේර ගෙඩියක් දෑක්කහම ඔබේ හිතට ඇතිවන හැඟීම කෙබඳුද? රසවත්ම පලතුරක රස බලන්නට ලැබෙනවා යන සිතිවිල්ලෙන් හිත පිරී යනවාට සැකයක් නැත.

පලතුරක් විදිහට පමණක් නොව සීනි, කිරි, වතුර, පේර මදයට එකතු කර රසවත් පානයක් ලෙස ඔබට එය පානය කරන්නට පූළුවන.


අලිගැටපේර කෑමෙන් ශරීර පැහැය දීප්තිමත් වෙන බව ඔබ දෑනටමත් දන්නවාය. එහෙත් අද මම කියන්නට හදන්නේ අලිගැට පේර වලින් ලස්සන වෙන හැටිය. තලපයක් හදාගෙන මූහූණ සහ ඇස්යට ලස්සන කරගන්නා හැටිය.


මූලින්ම අලිගැටපේර ගෙඩියේ ඇති කොළපාට කොටසින් මේස හැන්ඳක් පමණ ප්‍රමාණයක් සූරා ගන්න. එයට සූදු හඳුන් කුඩූ තේ හැන්දක් එක් කරන්න. ඔබට වෙළෙඳ පොළෙන් සූදු හඳුන් කුඩූ මිලදී ගැනීමේදී අපහසූ නම් සූදු හඳුන් ගලගා උරච්චි කරගත හැකියි.


අලිගැටපේරවලටත්, සූදු හඳුන්වලටත් මී පැණි සහ යෝගටි තේ හැන්දක් පමණ එක්කාසූ කර හොඳින් මිශ්‍ර කරන්න.


සාදාගත් මිශ්‍රණය ඇස් යට හා දෙබැම මත වගේම ඊට පහළින් තවරා ඇඟිලි තුඩූ වලින් තටිටූ කරන්න. එසේ නැතිනම් ඇසට නොරිදෙන සේ පිරිමදින්න. විනාඩි දහයක් පමණ වෙලාවක් මෙසේ කර මද රශ්මිය ඇති වතුරෙන් සෝදා හරින්න. විශේෂයෙන්ම ඇස්යට කළු පැහැවූණ අයට මේ සත්කාරය වඩාත් යෝග්‍යය.


අනෙක් අතට අප සාදාගත් අලිගැටපේර මිශ්‍රණය තුළින් වියළි සමක් ඇති අයගේ සම දීප්තියෙන් බබලන්නට උපයෝගි කරගත හැකයි.


මිශ්‍රණය මූහූණේ තවරා විනාඩි විස්සක් පමණ වේලාවක් තබා මද උණූවතුරෙන් සෝදා හරින්න.


මේ සත්කාරය සතියකට වරක් කිරීමෙන් වියළි සමක් ඇති ඔබේ සම පිරිසිදු වෙනවා පමණක් නොව ආරකෂා වෙනවා.





උපදෙස් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී
ග්‍රේස් සී. ගන්කන්ද

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment