හොඳ වාතාශ්‍රයක් නැති නිවෙස්වලින් බරපතල සෞඛ්‍ය අනතුරක්



රූමැටික සන්ධි ප්‍රදාහය වැළඳෙන වයස් සීමාවක් තිබෙනවා ද? හැදෙන්නේ කොහොමද?

බොහෝ විට මේ රෝගය හැදෙන්නේ වයස අවූරුදු 20 දක්වා ළමයින්ට පමණයි. මේ වයස් පරතර තුළ ඕනෑම වයසක ළමයකුට රුමැටික සන්ධි ප්‍රදාහය වැළඳෙන්න පූළුවන්. රෝගය බෝ කරන්නේ ස්ටේ‍රප්ටොකොකස් බැක්ටීරියාව.


ලංකාවේ ගම්බද පළාත්වල බොහෝ ගෙවල්වල බිත්ති මැටි. වහලෙට පොල් අතු. මේ ගෙවල්වල වාත කවූළු බොහෝ විට ඇත්තේ නෑ. පිරිසිදු වාතාශ්‍රයක් නිවස තුළට ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ ගෙවල් තුළ තෙතමනය නිතරම රැඳී පවතිනවා. මෙවැනි ගෙවල්වල ස්ටෙප්ට්‍රොකොකස් බැක්ටීරියාව හොඳින් වර්ධනය වෙනවා.


පැරණි ගෙවල්වලත් මේ බැක්ටීරියාව තිබෙනවා. එයට හේතුව තමයි මේ ගෙවල් සිංහල උළු සෙවිලි කරල තිබෙන නිසා වහලේ තෙතමනය නිතරම රඳා පැවතීම. මේ ගෙවල්වල බිත්ති මැටිවලින් තමයි බොහෝවිට සාදා තිබෙන්නේ. සමහර පැරැණි ගෙවල්වල වාත කවූළු බොහෝ ම කුඩයි. ඒ නිසා වාතය සහ හිරු එළිය අඩූවෙන් ගේ ඇතුළට ලැබෙන්නේ. ඒ නිසා ගේ තුළ සැම තැන ම තෙතමනය රැදී තිබෙනවා. මෙයත් ස්ටෙප්ට්‍රොකොකස් බැකටීරියාව වර්ධනය වීමට හේතුවක්. මෙවැනි නිවාසවල වෙසෙන දරුවන්ට මෙම බැක්ටීරියාව ආසාදනය වීමෙන් රූමැටික් උණ වැළඳී සන්ධි ප්‍රදාහය ඇති වෙන්න පූළුවන්.


මෙයින් පෙනෙන්නේ විශේෂයෙන් පැල්පත් වැනි කුඩා නිවාසවල සිටින දිළිඳු අයට මේ රෝගය වැළදෙනවා කියාද?

නැහැ. දිළිඳු අයට නොවෙයි. කවර තරාතිරමක හෝ නිවසක් තුළ පිරිසිදු වාතාශ්‍රය නැතිවී නිතරම තෙතමනය රඳා පවතිනවා නම් එවැනි නිවාසවල වෙසෙන දරුවන්ට මේ රෝගය වැළඳෙන්න පූළුවන්. විශේෂයෙන් බොහෝ දුෂ්කර පලාත්වල හෝ කවර හෝ පලාතක කුඩා නිවසක් වූවත් හොඳ වාතාශ්‍රයක් ලැබී වියළි පිරිසිදු තත්ත්වයේ තිබෙනවා නම් ඒ නිවසේ මෙම රෝග කාරක බැක්ටීරියාව වර්ධනය වන්නේ නෑ.


මේ රෝගයේ රෝග ලකෂණ මොනවාද?

ස්ටෙප්ට්‍රොකොකස් බැක්ටීරියාව ශරීර ගත වීම නිසා දරුවා ගේ උගුරේ ප්‍රදාහයක් ඇතිවෙන්න පූළුවන්. ඉන් සතියකට පසූ දනහිස් ඉදිමීමක් දකින්නට ලැබෙනවා. මෙම ඉදිමීම තැනින් තැනට ගමන් කරනවා. නිදසූනක් ලෙස මූල් දිනයේ දකුණූ දනහිස රතුවී ඉදිමී වේදනා සහිත ව තිබූණොත් සමහර විට ඊට පසූ දින දකුණූ දනහිස සූව වී වම් කකුලේ විලූඹට මේ තත්ත්වය ඇතිවී වේදනා ගෙන දෙන්න පූළුවන්. මේ ආකාරයට මෙම රෝග ලකෂණ තැනින් තැනට ගමන් කරනවා නම් ඒ රූමැටික ආතරයිටිස් රෝගයේ ප්‍රධාන ලකෂණයක්. මේ තත්ත්වය උදා වන්නේ උගුරේ ආසාදනය නොසලකා හැරියොත් තමයි. මේ ලකෂණ පහළ වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන්ම ගත යූතුයි.


මේ සන්ධි ඉදිමීමෙන් පෙන්නූම් කරන්නේ ළමයා ගේ හෘද ආබාධයක් රූමැටික බැක්ටීරියාව නිසා ඇතිවී තිබෙන බවයි. කුඩා දරුවෙකුට මෙවැනි දනහිස් ඉදිමීමක් වැනි ආසාදනයක් ඇතිවූණොත් ඊට සතියකට පෙර උගුරේ අමාරුවක් හටගෙන තිබූණූ බව බොහෝ විට දක්නට ලැබෙනවා.


මේ සඳහා කෙරෙන ප්‍රතිකාර මොනවාද?

රෝග ලකෂණ මතු වූ වහාම ගොඩ වෙදකම් නොකර වෛද්‍යවරයකු හමූවිය යූතුයි. වෛද්‍යවරුන්ට රෝග ලකෂණ පහළ වීමට පෙර තත්ත්වය පැහැදිලි කිරීමෙන් වෛද්‍යවරයාට රෝගය හඳුනා ගැනීමට හැකිවෙනවා. මෙහිදී වෛද්‍යවරයා රෝගී දරුවා රෝහල්ගත කිරීමට නියම කළොත් එය වහාම කළ යූතුයි. එයට හේතු රාශියක් තිබෙනවා.


රුමැටියාව නිසා හෘද කපාටවලට බලපෑමක් ඇතිවෙලා තිබූණොත් වෛද්‍යවරු නියම කරනවා දරුවාගේ වයස අවූරුදු 20 වෙන තෙක් පෙනිසිලින් ඖෂධය ලබා ගන්න කියලා. මේක තමයි හරිහැටි නොකෙරෙන දේ. දිගු කාලයක් පෙනිසිලින් ඖෂධය නොකඩවා නියමිත කාලයට ගත යූතුයි. සන්ධි ඉදිමූණූ මූල් අවස්ථාවේදී ම බැක්ටීරියාව මර්දනය කර රෝගය සූව කර ගත්තොත් හෘද ආබාධ ඇතිවන්නේ නෑ.


මෙම රෝගය නිසා හෘද කපාටවලට සිදුවන්නේ කවර හානියක් ද?

මෙහිදී හෘදයේ මයිට්‍රල් කපාටය තමයි වැඩි වශයෙන් ආසාදනයට ලක් වන්නේ.මෙහිදී සිදුවන්නේ ස්ටෙප්ට්‍රොකොකස් බැක්ටීරියාව මගින් සාදන ප්‍රතිදේහ ඇතුලූ ප්‍රොටීන් හදවතේ මයිට්‍රල් කපාටයේ තැන්පත් වෙනවා. මෙහෙම කලක් ගියාට පසූ කපාට ඝනවී එහි තිබෙන සූමූදු සූනම්‍ය ස්වභාවය නැතිවෙනවා. කපාට තුවාල වෙනවා.


රූමැටියාව වඩාත් උග්‍රවීමෙන් ස්නායූ පද්ධතියට බලපෑම් ඇති කරන්න පූළුවන් ද?

රූමැටික ප්‍රදාහයේ තවත් අවස්ථා දෙකක් තිබෙනවා. මෙයත් ළමයින් අතරෙයි දක්නට ලැබෙන්නේ. ඒ තමයි රූමැටික් කොරියා සහ රුමැටික් මොඩියූලස් කියන අවස්ථා දෙක. මෙයින් රූමැටික කොරියා කියන අවස්ථාව ළමයා ගේ ස්නායූ පද්ධතියට බලපෑමක් ඇතිවිම නිසා සිදුවන දෙයක්. මේ තත්ත්වයට ළමයා පත්වූණා ම ඔහූට ඔහූ ගේ හැසිරීම් පාලනය කර ගන්න බෑ. මේක වඩාත් හොඳින් හඳුනාගන්න පූළුවන් වන්නේ පංතියේ ගුරුවරයාටයි. මෙවන් තත්ත්වයට පත්වූ ළමයෙක් අනෙක් ළමයින්ට වඩා අසාමාන්‍ය හැසිරීම්, ඒ කියන්නේ අතපය විසි කරමින් මූහූණෙන් විසූළු හැඟීම් පළ කරන බවක් පෙන්වනවා. මෙය සිදු වන්නේ ඔහූ ගේ චර්යාවන් පාලනය කරගන්න බැරිවීම නිසා.


අනෙක් තත්ත්වය, ඒ කියන්නේ රූමැටික මොඩියූල් තත්ත්වයේ දී ශරීරයේ අතපයවල රතු පැහැති පැල්ලම් සහිත ගෙඩි ඇති වෙනවා. මේවා ඇතිවන්නේ රූමැටික උණ හට ගෙන ටික කලක් ගියාට පසූවයි. වඩාත් ම බලපාන ගැටලූව තමයි රූමැටික හෘදයබාධ.


රූමැටික හෘද ආබාධ පිරිමි දරුවන්ට වගේම ගැහැනූ දරුවන්ට ඇති වෙන්න පූළුවන්. ගැහැනූ දරුවන්ට රූමැටික හෘද ආබාධ වැළදීම පසූ කාලීන ව බලපාන්නේ කොහොම ද?


ගැහැනූ දරුවෙකුට රුමැටික සන්ධි ප්‍රදාහය හැදුණොත් වඩාත් ප්‍රවේශමෙන් ප්‍රතිකාර කළ යූතුයි. රූමැටික හෘද ආබාධ ඒ ගැහැනූ දරුවාට හට ගත්තොත් විවාහ වී දරුවන් ලැබෙන විට දරුණූ අනතුරු ඇතිවෙන්න ඉඩ තිබෙනවා. ගැබ් ගත් පසූව කරන මූලික පරිකෂණවලදී මේ ගැන දෑන ගත හැකියි. සමහර අය ගේ මයිට්‍රල් කපාට ආබාධය දෑන ගන්නා විට ප්‍රමාද වී වැඩියි. හෘද ශල්‍යකර්ම ගර්භණී අවස්ථාවේ දී කරන්න බෑ. දරුවා ලැබෙන විට මව මරණයට පවා පත්වෙන්න පූළුවන්. ඒ නිසා ගැහැනූ දරුවෙකුට රුමැටික උණ හැදුණොත් දෙමාපියන් ඒ දරුවා පූර්ණ පරිකෂණයකට ලක් කළ යූතුයි. එසේ කිරීම දරුවා ගේ අනාගතයට හොඳයි.


මෙම රෝගයෙන් වැළකී සිටීමට දෙන උපදෙස් මොනවාද?

මේ රෝගය වලක්වා ගන්න කිසිම වියදමක් යන්නේ නෑ. නිවාස තුළ තෙතමනය නැති කර හොඳට හිරු එළිය සහ වාතාශ්‍රය ලබා දී වියළි තත්ත්වයේ තබා ගැනීම මූලික පියවරයි. දෙවැන්න රුමැටික උණ හැදීමට පෙර උගුර ආසදනය වෙනවා. මෙවන් අවස්ථාවක දී වෛද්‍යවරයකුට පෙන්වා රෝගය හඳුනාගෙන නිසි වේලාවට නිසි ප්‍රතිකාර කළ යූතුයි.


ප්‍රතිකාර ගැනීමේදී වඩාත් සැලකිලිිමත් විය යූතුයි. හේතුව යම් හෙයකින් හෘදයට බලපෑමක් සිදු වී තිබූනොත් අවම වශයෙන් වසර 10ක් වත් ඖෂධ ගැනීමට සිදුවන නිසයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment