කොණ්ඩය හැඩකරන්න ජෙල් ගාන්නෙ බලාගෙනයි

කාන්තාවක් පිරිමියෙක්ව ලස්සන කරන අංග වලින් කොණ්ඩයට හිමිවන්නේ සූවිශේෂ තැනක් බව අමූතුවෙන් ලියන්නට අවශ්‍ය නැහැ. කොණ්ඩය හැඩනම් මූණත් හැඩවේ. ඒ නිසාම එයට විවිධ මෝස්තර එක් කරන්නට අප බොහෝ දෙනෙක් උත්සූක වේ. එහෙත් කොණ්ඩයට මෝස්තර එකතු කරන්න සකස්කරන්න කලින් මේ ලිපියත් කියවන්න.


ජෙල්, ස්ප්‍රේ, ක්‍රීම්, මූස් යොදාගෙන කොණ්ඩය හැඩ වැඩ කරන බව අපි දනිමූ. ඒත් ඒවා භාවිතා කළ යූතු ආකාරය ගැන දෑනගෙන අවබෝධයෙන් මිස ගාන්නන් වාලේ ගෑමෙන් ඔබ අප නැති කරදර වලට මූහූණ දෙන බව අප හොඳින් තේරුම් ගත යූතුයි.


මා එසේ කියන්නේ ඇයි කියා මොහොතක් විමසා බලමූ.


අද කාන්තාවන් වගේම තරුණ පූතුන් ජෙල් හිස ගැල්වීමට උනන්දුවක් ආශාවක් දක්වනවා අප කොතෙකුත් දෑක ඇත. නමූත් කෙටි කොණ්ඩයට ජෙල් ගැල්වීමෙන් පසූ එය නොසෝදා නිදාගැනීමෙන් හිස කෙස්වලට ඇතිවන හානිය ගැන ඔබ මොහොතක්වත් හිතුවාද? තරුණ පූතුන් වැඩ වැඩිකම නිසා හෝ නොසැලකිල්ල නිසා මෙසේ සෝදන්නෙ නැතිව නිදාගන්නවා විය හැකියි. ජෙල් තවරාගෙන නිදා ගැනීම නිසා හිසකෙස් දුර්වර්ණ වෙන්නට පූළුවන්. ඉස්හොරි හැදෙන්න ඇති ඉඩකඩ වැඩියි.


අකලට හිසකෙස් සූදුවෙනවා, වගේම කෙස් මූල දිරා යන්නටත් ඇති ඉඩකඩ වැඩියි.


ඒ නිසා ජෙල් ගැල්වූ පසූ හොඳින් සෝදා දමන්නට කොට කොණ්ඩය සහිත ඔබ වගබලා ගත යූතුවෙයි. මෙතනදී මට එකක් කියන්නට ඇත. එනම් ජෙල් ගැල්වීමේදී වැඩි අවදානම් තත්ත්වයකට මූහූණ දෙන්නට සිදුවන්නේ කෙටි කොණ්ඩය ඇති අයයි. කාන්තාවන් නම් ජෙල් ගල්වන විට හිස් කබලේ ගල්වනවා අඩූයි. කෙස්වල තවරා සෝදා හැරීම සිදුකෙරෙයි.


ඒ නිසා ඇයගේ හිසකෙස් සූදුවෙන්නටත් කෙස්මූල දිරායන්නටත් ඇති ඉඩකඩ අඩූයි.


ඒ නිසා ජෙල් ගැල්වීමේදී තරුණ පූතුන් සැලකිල්ලෙන් කොණ්ඩය රැකගනිමින් ඒ කටයූත්ත කරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment