ළමයින් ගේ මානසික වර්ධනය අඩාල වන්නේ ඇයි ?


ළමයින් ගේ මානසික තත්ත්වය දුර්වල වීම  නිසා එදිනෙදා කටයූතු විමසීමකින් යූක්ත ව සිතා බලා ක්‍රියා කිරීමේ හැකියාව අහිමි වී යයි. මෙය මන්දබූද්ධිකතාව ලෙස ද හඳුන්වා ඇත. ළමයකු ගේ මානසික වර්ධනයට බලපාන ප්‍රධාන හේතු සාධක ත්‍රිත්වයක් හඳුනාගෙන ඇත.


1. ජානමය බලපෑම


2. පෝෂණ තත්ත්වයන්


3. පාරිසරික තත්ත්වයන්


මෙම කරුණූ ළමා මනසේ වර්ධනයට අහිතකර ලෙස ක්‍රියා කළ විට බූද්ධි මටිටමින් අඩූ දරුවන් වර්ධනය වෙයි.


ළමා මනසේ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපාන ජානමය කරුණූ කවරේද?

වර්ණදේහ ආබාධ මේ අතර ප්‍රධාන වෙයි. දෑනට මන්දබූද්ධික තාවයට බලපාන සූලබ ම හේතු සාධකය ඩවූන්ස් සහලකෂණය වෙයි. මීට අමතරව ටර්නස්, ක්ලයින්ෆෙල්ටර් වැනි සහලකෂණ පවතින විට ද මානසික වර්ධනය දුර්වල වෙයි. මෙවැනි තත්ත්වයන් නෑනා - මස්සිනා ඥාතී විවාහවලිිින් උපදින දරුවන්ට බොහෝ විට උරුම වෙයි.


ෆ ළමා මොළයේ වර්ධනයට ගර්භනී අවධීයේ දී වැළඳෙන රෝගී තත්ත්ව බලපාන්නේ ද?

ගර්භනි අවධියේ පළමූ මාස 3 කාලසීමාව තුළ දී මවට වැළඳෙන බොහෝ රෝග කළලයේ වර්ධනයට අහිතකර ලෙස බලපායි. රුබෙල්ලා, සිපිලිස්, සයටො මෙගලෝ වෛරසය, මේ අතර ප්‍රධාන වෙයි. එසේම ගර්භනි අවධීයේ දී අධි රුධිර පීඩනය, අධික රුධිර වහනය, විකිරණ පරිකෂණයන්ට නිතර ලක්වීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය, ඇතැම් පිළිකානාශක සහ තයිරෝඩ් හෝර්මෝන නිපදවීම අඩූ කරන ඖෂධ ලබා ගැනීම ද මොළයේ වර්ධනයට අහිතකර ලෙස බලපායි.


මවට තයිරොයිඩ් හෝර්මෝනය නිපදවීම අඩූවෙන් සිදු වන විට එය උපත ලබන දරුවාට බලපාන්නේද?

මන්දබූද්ධික දරුවන් ඇති වීම වලක්වාගත හැකි ප්‍රධානම ක්‍රමයකි, ගර්භනී මව නියමිත තයිරෝඩ් හෝර්මෝන මටිටමක් පවත්වා ගැනීම, තයිරොයිඩ් නිපදවීම අඩූවන්නේ නම් එය කළලයට ද දෑඩි ලෙස බලපාන අතර එබැවින් සැකයක් පවතින සෑම විට ම වෛද්‍ය පරිකෂණවලින් අනතුරුව මව නියමිත තයිරොක්සීන් පෙති ලබා ගැනීම ඉතා වැදගත් වෙය.ි


* ළමා මනසෙහි වර්ධනයට පාරිසරික තත්ත්ව බලපාන්නේ කෙසේ ද?

ළමයා උපත ලැබූ මොහොතේ පටන් ගත කරන දෙමාපියන් සෙවණේ, නැදැ හිතමිතුරන් අතර, පෙර පාසලේ, පාසලේ යන මේ සෑම පරිසර තත්ත්වයක් ම ළමා මනසට දෑඩිව බලපායි.


ළමයාට සෑම විටම දෙමාපිය ආදරය කරුණාව ලැබිය යූතුය. අනතුරුවලින් ළමයා ආරකෂා කරගත යූතුය. ළමයාගේ හැසිරීම, අවශ්‍යතා හඳුනාගත යූතුය, ළමයාට ගරු කළ යූතුය, ලිංගික කරුණූ ව්‍යාපාර කරුණූ පවූලේ ගැටලු ආදිය දරුවා ඉදිරිපිට කතා නොකළ යූතුය. ළමයාගේ ඇතැම් හැසිරීම් ඉවසිය යූතුය. සෑම විටම වේවැලක් අතින් ගෙන දඬූවම් කිරීමට උත්සාහ නොකළ යූතුය, දෙමාපියන්ට මනා සමාජ පෞරුෂත්වයක් තිබිය යූතුය.


දෙමාපියන් වෙන් වීම, නිතර ගැටූම් ඇති කර ගැනීම, ළමා මනසට ඉතා අහිතකර ලෙස බලපායි. මීට අමතරව පවූලේ සාමාජිකයන් අතර ගැටලු ඇති වීම, මන්ද බූද්ධික දෙමාපියන් සිටීම, කුඩා අවධියේදී ම ලිංගික අපචාරවලට ගොදුරු වීම, සමාජයෙන් කොන් කිරීම තවදුරටත් දරුවා ගේ මානසික වර්ධනය දුර්වල කර දමයි.


* පෝෂණය නියමිත පරිදි ලැබීම ළමා මනසට අවශ්‍ය වන්නේ ද?

නිරෝගී මනසක් ගොඩ නැගීමට නිරෝගී සිරුරක් වැදගත් වෙයි. මේ අනූව නියමිත පෝෂණ පදාර්ථවලින් යූත් සමබල ආහාර වේලක් ලබා ගත හැකි නම් රෝගාබාධවලට ගොදුරු වීම අඩූ වන අතර ශරීරයේ හෝර්මෝන සහ පරිවෘත්තීය ක්‍රියා අවශ්‍ය පරිදි සාර්ථක ව සිදු වෙයි. මෙවිට මානසික සතුට, යහපත් බව මොළයේ ෙසෙලවල වර්ධනයට ඉවහල් වෙයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment