සැමියාගේ පිරිසිදුකම ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?

ඔබේ සැමියාගේ අවධානයට අනිවාර්යයෙන්ම යොමූ කළ යූතු ලිපියකි
අඹූසැමියන්ගේ පිිරිසිදුභාවය නිවසට හා ඔවූන්ගේ දූ දරුවන්ටද බලපානූ ඇත. නිරන්තරයෙන්ම පිරිසිදුකම ගැන සිතන්නන්ගේ නිවාසයන්ද බොහෝ පිළිවෙළට හා අලංකාරව තිබේ. එයට අමතරව නිවසට පැමිණෙන ආගන්තුකයන්ද ඔබේ නිවසින් ආහාර පානාදිය ලැබීමට සේම එහි කල් ගෙවීමට ප්‍රිය වේ.


බොහෝ කතුන් පිරිසිදුව හා අලංකාරව සිටීමට ප්‍රිය බව පිළිගත් පොදු මතයකි.
සෞඛ්‍ය හා පිරිසිදුකම ගැන කතා කරද්දී බොහෝ පිරිමින් එහිදී වරදකරුවෝ වෙති.

ලෝක ප්‍රකට ක්ෂූද්‍රජීව විද්‍යාඥයකු හා ග්‍රන්ථ කතුවරයකු වන ස්ටීව් ඩේවිස් පවසයි. ඔහූ පවසන පරිදි එවන් අපිරිසිදු පිරිමියකු සමග සමීපව ජීවත් වෙද්දී ඔවූන්ගේ බිරියන්ගේ සෞඛ්‍ය සූරක්ෂිතභාවයට එය බලපානූ ඇත.


බිරිඳක ලෙසින් ඔබට ඔබේ පිරිසිදුකම ගැන සිතන්නා සේම සැමියාගේ පිරිසිදුකම ගැනද අතිරේක අවධානයක් යොමූ කළ යූතුය. මෙහිදී ඔබේ අවධානය වඩාත් යොමූ කළ යූත්තේ ඔහූගේ වඩාත් නරක පූරුදු කිහිපය කෙරෙහිය.

අවයව අමතක කිරීම

පිරිමි අවයවයන්හි පිරිසිදුකම කෙරෙහි බොහෝ පිරිමින් අවදානය යොමූ නොකරයි. බොහෝ විට පෙරසම ඇතුලත නිසියාකාරව පිරිසිදු කල නොහැකි බැවින් ලිංගික එක්විමකදී බිරිදට විෂබීජ ඇතුල් වීමේ හැකියාව අධිකය,බැක්ටීරියා ක්‍රියාකාරිත්වයන් ඇතිවී ආසාදන තත්ත්වයක් ඇති කරයි.


පූරුදු කළ යූතු දේ
දිය නෑම සිදු කරන සෑම විටෙකදීම තම ලිංගේන්ද්‍රිය හොඳින් සේදීමට පෙළඹීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම එම කොටස නිවැරදිව පසූපසට ගැනීමට ඔහූට නොහැකියාවක් වේ නම් සාමාන්‍ය වෛද්‍යවරයකු හමූවී චර්ම ජේදනයක් (සුන්නත්) කර ගැනීම සිදුකරගත යූතුය.


පයේ නියපොතු කැපීම
ඇතැම් පිරිමින් මේස් යූවළක් දින කිහිපයක් පැළඳීමද ඔබේ සෞඛ්‍යයටද බලපානූ ඇත. එනම් නියපොතු කැපීමේදී යම් කොටසක් වැඩිපූර කැපී තිබේ නම් මෙ අපිරිසිදු මේස් හේතුවෙන් පයෙහි දිලීරයක් සෑදීමට හැකිය.

එයට අමතරව මෙම දිලීර තත්ත්වය ඔහූ තම පයෙහි නියපොතු කපා ඒ මේ අත දෑමීමෙන්ද ඇති වේ. විශේෂයෙන්ම පිරිමින් නියපොතු කැපීම නිදි යහන මත හිඳිගෙන කරන අතර එයින් දිලීරයක් යහන මතද පැතිරේ.


පූරුදු කළ යූතු දේ
සැමවිටම සැමියාට නියපොතු කපා එය කඩදාසියකට රැස් කර ඉවතට විසි කිරීමට පූරුදු කරන්න. එමෙන්ම එක් දිනකට එක් මේස් යූවළ බැගින් රැකියාවේ යෙදෙන දින ගණනට අවශ්‍ය මේස් ඔහූට ලබා දෙන්න. නැතිනම් දිනපතා මේස් සෝදන්න. එවිට දෙපාවල කැසිල්ල සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය නොවේ.


වැසිකිළි භාවිතයේදී
පිරිමින් වැසිකිළි භාවිතයේදී එය නිවැරදිව පිරිිසිදු කිරීමක් සිදු නොකෙරේ. විශේෂයෙන්ම නිවැරදිව පිරිසිදු නොකළොත් කොමඩ් හි හිඳ ගන්නා කොටසෙහි බැක්ටීරියාවන් පැතිර යෑමක් සිදුනොවේ. බොහෝ අවස්ථාවලදී එම හිඳ ගන්නා කොටසේ යටි පැත්ත විෂබීජ නාශක යොදා පිරිසිදු නොකළොත් සැල්මනෙල්ලා හා කැම්පිලොක්ටර් වැනි බැක්ටීරියාවන්ට ඔබද ගොදුරු වීමට හැකිය.


පූරුදු කළ යූතු දේ
භාවිතයෙන් පසූව කොමඩ්හි හිඳ ගන්නා කොටස ඔසවා එය ජලයෙන් පිරිසිදු කිරීමට ඔහූට උපදෙස් දීම අවශ්‍ය වේ. එයට අමතරව වැසිකිළි භාවිතයෙන් පසූව සබන් දමා දැත් සේදීමද අවශ්‍ය වේ.


දැත් නොසේදීම
මෑතකදී කළ අධ්‍යනයකදී වැසිකිළි යෑමෙන් පසූව සබන් දමා දැත් සෝදන්නේ පිරිමින්ගෙන් සියයට 63 ක් පමණක් බව සොයා ගති. නමූත් දැත් යනූ ප්‍රබල බැක්ටීරියාවන්ට රැඳි සිටීමට අවශ්‍ය උණූසූම හා තෙතමනය ඇති අවයවයකි. එහෙයින් නිවැරදිව දැත් නොසෝදා යම් පිරිමියකු තම ලිගුව අතින් ඇල්ලීම රෝග රැසකට හේතුවන බැක්ටීරියාවන් ඒ මත රැඳවීමක්ද වේ.


පූරුදු කළ යූතු දේ
සැමවිටම සබන් හෝ විෂබීජ නාශකයක් යොදා දැත් සේදීමට ඔහූව පොළඹවන්න.


තෙත තුවා
සාමාන්‍ය මනූෂ්‍යයෙකුගෙන් පැයකට සමෙහි ෙසෙල මිලියනයකට අධික ප්‍රමාණයක් ඉවත්වේ. එම ෙසෙලයන් රැඳෙන්නේ අප භාවිත කරන තුවායෙහි වන අතර බැක්ටීරියාවන් වැඩෙන්නට එය කදිම තෝතැන්නක් බවටද පත්වේ. විශේෂයෙන්ම තුවාය සැමවිටම තෙත්ව තිබියදී එය බැක්ටීරියා වර්ධනයට කදිම පරිසරයක් බවට පත් වේ.


පූරුදු කළ යූතු දේ
සැමවිටම සැමියා තුවාය භාවිතයෙන් පසූව රෙදිවැලට දෑමීමට බල කරන්න.


සරම් භාවිතය
පිරිමින් අන් අයගේ සරම් හෝ කොට කලිසම් වලින් සැරසීමට කිසිදු චකිතයක් පළ නොකරයි. එකම පවූලේ සාමාජිකයන්ගේ හෝ මිතුරන්ගේ සරම් හා කොට කලිසම් ආදියෙන් සැරසීමද සෞඛ්‍යයට ද අහිතකර වූවකි. මන්ද විවිධ සමේ රෝග ආදිය එයින් පැතිර යෑමට හැකිය. විශේෂයෙන්ම ලිංගේන්ද්‍රය ආශ්‍රිත චර්ම රෝග පැතිරීම සඳහා එය බලපායි.


පූරුදු කළ යූතු දේ
ගමන් බිමන් හෝ නෑ හිත මිතුරෙකුගේ නිවසට යද්දී සැමවිටම සැමියාට තමාගේම සරම් හා කොට කලිසම් ගෙන යෑමට පූරුදු කරන්න. ඒ සඳහා ඔහූගේ ගමන් බෑගයට එය අමතක නොකර ඇතුළත් කරන්න.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment