කකුළේ සම පැලෙනවා, ඉරි තැලෙනවා-සම පැලෙන්නේ සමේ තෙල් නැති නිසයි

කකුළේ සම පැලෙනවා, ඉරි තැලෙනවා ලෙස අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ රෝගී තත්ත්වයක්. විශේෂයෙන්ම කකුලේ සමේ ඉතාම ඝනකම් වූ විලුඹ තමයි මෙයට බලපාන්නේ. එමෙන්ම කකුලේ යටි පතුලේ ඕනෑම ස්ථානයක් මෙලෙස පැලීමට ලක් වෙන්න පූළුවන්.

මෙහි ප්‍රධාන රෝග තත්ත්ව දෙකක් තියෙනවා. සමේ වියළි බව වැඩිවීම නිසා ඇතිවන රෝග තත්ත්වය. කකුළේ විලූඹේ සම ඝනකම් නිසා සම පැලෙනවා. ඒ වගේම වියළි තැන් ඉරි තලනවා. මෙම තත්ත්වයට සරල විදිහට ප්‍රතිකාර කරන්න පූළුවන්.


සම වියළෙන්නේ සමේ තෙල් ගතිය අඩූ නිසාවෙන්. එම නිසා සමේ තෙල් රඳවා ගැනීම කළ යූතුයි.


අපි සාමාන්‍යයෙන් වෙලෙඳ පොළේ තියෙන ක්ෂාරිය ද්‍රව්‍ය පාවිච්චි කිරීමේදී එහි ඇති පී එච් (ඡ්‍ය- අගය 9 - 10 අතර නිසා සමේ තෙල් ගතිය ඉවත් වෙනවා. සම පැලෙන සම ඉරි තලන විලූඹ පැලෙන අය ක්ෂාරිය සබන් වර්ග ගෑමෙන් වළකිනවා නම් ගොඩක් හොඳයි. සබන් ආදේශක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මේවායේ ඡ්‍ය අගය 5 - 7 ක් විය යූතුය.


මේ සඳහා ද්‍රව සබන් වර්ග, කී්‍රම් සබන් වර්ග පාවිච්චි කළ හැකියි. නමූත් ඇතැම් අය ද්‍රව සබන් වර්ග පාවිච්චි කරන්න කැමති නැහැ. මොකද ඒවායේ පෙණ නොනගින තත්ත්වයක් නිසා. මම හිතන්නේ එහි වඩා සත්‍යතාවක් නැහැ.


සම පැලෙන අයට යම් කිසි තෙතමනය රැක ගැනීමේ බෙහෙත් තමයි සූදුසූ වෙන්නේ. මොයිස්චරයිසර් කී්‍රම් එකක් පාවිච්චි කිරීමෙන් සම පැලීම සම්පූර්ණයෙන්ම සූවකරගන්න පූළුවන්. මොයිස්චරයිසර් වර්ග ගණනාවක් තියෙනවා.


එකක් තමයි සම මත ආවරණයක් ලෙස ක්‍රියා කරන මොයිසිචරයිසර් වර්ග. මෙය අපි හඳුන්වන්නේ ඔක්ලියෝසිස් මොයිස්චරයිසර් යනූවෙන්. මෙය සම මත තෙල් සහිත ආවරණයක් ලෙස ක්‍රියා කරනවා.


අනෙක තමයි සමමතට තෙතමනය අවශෝෂණය කර ගැනීමට ක්‍රියා කරන මොයිස්චරයිසර් වර්ග. මෙය අපි හඳුන්වන්නේ හියූමැක්ටන්ටි මොයිස්චරයිසර් යනූවෙන්. මෙය වාතයේ ඇති ජල වාෂ්ප සම මතුපිට තැන්පත් කිරීම සහ තෙතමනය රැක ගැනීම කරනවා.


වැස්ලින් සහ හිමෝසිෆයින් ඔයිල් සම්පූර්ණයෙන්ම තෙල් තත්ත්වයක් ඇති කී්‍රම්. ඉමයිල්සිෆයින් ඔයිල්මන්ටි ගත්තොත් තෙල් සහ කී්‍රම් අතර තත්ත්වයක් වෙනවා. ඇක්වින් කී්‍රම් තෙල් සහ වතුර අතර තත්ත්වයක්. මෙම කී්‍රම් වර්ග සියල්ල සම මතුපිට ආවරණයක් ලෙස ක්‍රියා කරනවා.


හියූමැක්ටන්ටි මොයිස්චරයිසර් ලෙස හඳුන්වන්නේ සියයට දහයේ යූරියා කී්‍රම් සහ ලැක්ටික් අම්ලය අඩංගු කී්‍ර්ම් වර්ගයි. වෛද්‍ය උපදෙස් අනූව නිර්දේශ කරන කී්‍රම් වර්ගය පාවිච්චි කිරීමෙන් සමේ පැලීම සම්පූර්ණයෙන්ම නවත්වා ගත හැකි වෙනවා.



අසෝක කමලදාස
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment