පොරොන්දම් ගැලපීමෙන්ම දරුඵල ලැබෙන්නේ නැහැ

යූග දිවියේ පරම සූවය දරු සැප විඳීමයි. එහෙත් දරුවන් නොලැබී යෑමෙන් බොහෝ දෙනාගේ බලාපොරොත්තු සූන් වී යන අවස්ථා ඇත. පවූල් අවූල් වන්නටද පටන් ගනී.


"බලන්නකෝ අපේ පොරොන්දම් අගේට ගැලපූනා. ඒත් තවම දරු සැපක් නැහැනේ. ගමනක් බිමනක් යන්න විදිහක් නෑ. තාම දරුවන් නැද්ද අහනවා" අපට බොහෝ විට මෙවැනි කතා අසන්නට ලැබේ.


පොරොන්දම් ගැලපීමෙන් පමණක් දරුඵල ලැබේයැයි කියන්නට බැරිය. ඒ සඳහා තවත් හේතු සාධක කීපයක් ගැනම අවධානය යොමූ කළ යූතුව ඇත. විසිදාගම මහතා කියන අන්දමට නිසි වයසේදී විවාහ ජීවිතයට ඇතුළත් විය යූතුය. වැරදි කටයූතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී, නිරෝගි පූද්ගලයෙකු ලෙස ජීවත්වීමද වැදගත්ය. මස් කෑමෙන් වැළකී එළවළු පලතුරු ආහාරයට ගැනීමද තවත් වැදගත් කරුණකි. නිසි ලෙස ව්‍යායාම් කටයූතුවල යෙදී ශරීර ශක්තියද දියූණූ කරගත යූතුය. දුම්පානයෙන් මත්පැන් පානයෙන් වැළකී සිටීමත් වැදගත් කාරණයකි.


සමහර විට ස්ත්‍රිය මල්වර වූ අවස්ථාවේදී බලපාන ලද දොෂ තිබෙන්නට පූළුවන. ඒවා සොයා බලා සූදුසූ කටයතු කළ යූතුය. ස්තී්‍ර පූරුෂ කේන්ද්‍රවල පස්වැන්නේ අශුභ ග්‍රහදෝෂ ඇත්දෑයි සොයා බලා ශාන්තිකර්ම කිරීමද කළ යූතුව ඇත.


මස්මාංශ නිතර පාවිච්චි කිරීමෙන් වැළකීම රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ආහාර ගැනීමෙන් වැළකී සිටීම. ඇඟ සිසිල්ව තබන ආහාර වැඩිපූර ගැනීම යනාදි කටයූතුද අනූගමනය කරන්න.


පරම්පරාගත වඳභාවය ධාතු ශක්තිවල බෙලහීනවීම පූර්ව කර්මවල ඵලවිපාක යනාදි කරුණූද දරුවන් නොලැබීමට බලපානවා ඇත. මෙවැනි අපල උපද්‍රවවලට ශාන්තිකර්ම කර ගැනීමද සූදුසූය.


ආගම දහමේ පිහිටා සිට දරුවෙක් ප්‍රාර්ථනා කරන විටද දරු සැප ළඟා වීමට හේතුවේ. තමන්ගේ කේන්ද්‍රවල අසූබ ග්‍රහ දොෂ ඇතිදෑයි සොයා බලා සෙත්කවි කියවීම බෝධි පූජා තැබීම, ආදී කටයූතුවල යෙදීමෙනූත් දන් පින්, භාවනා වැනි කටයූතුවල නියූතු වීමෙනූත් හිත සතුටූ කරගන්න. උසස් මානසික තත්ත්වයක් ඇති කරගන්නා විට දරු සූරතල් බලන්නට වාසනාව උදාවේවි.




ජ්‍යොතිර්වේදී
ධර්මරත්න විසිදාගම

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment