වැඩි සැලකිල්ල නිසාම ජීවිතයට එකතු වී ඇති "කිල්ල"

කිල්ල අපිරිසිදුතාව යන අරුත දේ. ජ්‍යෙතිෂ්‍ය හා තදින් බැඳී පවතින්නකි. විෂබීජ තත්වයට කිල්ල විද්‍යාත්මක සත්‍යයි. පොදු ජනයා අතර අදෘශ්‍යමාන බලවේගයක්ද කිල්ලට ආරෝපණය වී ඇත. අපල උපද්‍රවවලින් සහනයක් පතා සිදු කරන ආරක්ෂා කිරීම් බල බිඳීම කිලිවලට හසූවීමෙන් සිදු වේ.


අවමංගල නිවස කිලිය. බෝවන රෝග ඇති නිවස ආදී විෂබීජ බහූල තැන් කිලි ලෙස සලකා එම නිවෙස්වලින් ආහාරපාන ලබා නොගැනීම ආදී පිළිවෙත් අනූගමනය කරයි. ආහාරපාන ලබාගැනීම් කිල්ලට හසූවීම ලෙසද සැලකේ. ආහාරපාන ලබා නොගන්නේ පේ්‍රත ආත්මයන් ඒවාට බැල්ම හෙළීම නිසා බව ජනයා අතර මතයක් වේ. තවද මිය ගිය ප්‍රාණියාගේ ආත්මය දින 7 ක් පවතින බවද විශ්වාසයයි.


සත්‍යතාව නම් රෝගකාරක විෂබීජ ආහාරපාන තුළ වැසීමට ඇති ඉඩ ප්‍රස්ථා බහූල වීමයි.


වසූරිය ආදී බෝවන රෝගයකින් මිය ගිය පූද්ගලයකුගේ අවමගුල් ගෙදර එහි විෂබීජ තිබීම දෑක්විය හැකිය.


ඔසප් ස්ත්‍රී, මල්වර දෑරිය, වැදුම් ස්ත්‍රිය , කොටහළු ගෙදර කිලි ඉහත මෙන් දෑක්විය හැකි නොවේ. වැදුම් ස්ත්‍රිය විෂබීජ සහිත වූවද ඔසප් ස්ත්‍රිය, මල්වර දෑරිය එලෙස විෂබීජ සහිත යැයි සැලකීම යූක්ති සහගත නොවේ. ඔසප් වීමේදී සිදුවන්නේ පිරිසිදු රුධිරය පිටවීමකි.


රුධිරය පිටවීම මූල්වර සිදුවීම මල්වරයයි. ආහාර පාන, ගැනීමෙන් හෝ ස්පර්ශ කිරීමෙන් හෝ ආඝ්‍රාහනය වීමෙන් විෂබීජ ශරීරගත වන්නට පූළුවන්. මල්වර යූවතිය, ඔසප් ස්ත්‍රිය, විෂබීජ කාරක සහිත නොවේ.


ඉන්දීය සම්භවය ජ්‍යොතිෂය ලබා ඇති නිසා ඉන්දීය බමූණූ මත අනූව ස්ත්‍රිය පහත් කොට සලකයි. ඇය පහත්කොට සැලකීම සඳහා ඉහත කරුණූ යොදා ගනිමින් ඇය කිලි ලෙස සලකා යාග හෝම සඳහා සහභාගි කර නොමැත. අද ද දෙවියන් උදෙසා කරනූ ලබන පූද පූජාවලදී එම මත එලෙසම සලකා ක්‍රියා කරනූ ලබයි. පත්තිනි මෑණියන් උදෙසා පවත්නූ කිරි දානයට ඔසප් ස්ත්‍රි්‍රය සහභාගි කර නොගනී. ඇය නා පිරිසිදු වීමෙන් පසූව සහභාගි කර ගනූ ලබයි.


මළ ගෙදරක මළ සිරුරේ හිසට උඩින් පොල් තෙල් පහනක් දල්වනූ ලබයි. කිලි දොස් හැරීමට යැයි ජනයා අතර මතයක් වූවද විද්‍යාත්මකව සිදුවන්නකි. විෂබීජ කාරක බැක්ටීරියා අවට වාතයේ වර්ධනය වීමට ඇති ඉඩ ප්‍රස්ථා අවම කර දෑමීමයි. ගොක් කොළ භාවිතය මගින් විෂබීජ උරාගැනීමේ හැකියාවක් වේ.


බෝවන රෝග ඇති නිවාස වලද කොහොඹ කොළ භාවිත කරනූ ලබන්නේ ද ඒ හේතුවෙනි. දුම්මල ඇල්ලීම මගින්ද විෂබීජ විනාශ කර දමයි.


කිලි ආහාර පාන ගැනීමෙන් වැලකී සිටීම ද ජනයා අතර පවතින මතයකි. කිලි ආහාර ලෙස විෂබීජ සහිත සත්වයන්ගේ මාංශ වර්ග දෑක් වේ. උදාහරණ ලෙස ඌරුමස්, ඌරුතෙල්, දෑක්විය හැකිය.


ඌරාගේ ආහාර අපිරිසිදු දැය. නිසියාකාරව පිසීම සිදු නොකර ඌරුමස් ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග සෑදේ. ආරක්ෂාවක් කර සිටියෙකු වූයේ නම් එය සිදුවූයේ ආරක්ෂාව බිඳ වැටීමනේ යැයි සිතුවද සත්‍ය නම් ඌරුමස් තුළ බැක්ටීරියා වැනි ජීවීන් ග්‍රහනය බහූලවීමයි. එම බැක්ටීරියා සිරුර ලෙඩ කරයි "රා" අකුරින් අවසන් වන සත්ස්‍ය විශේෂ කිලි ආහාර වේ. එම මත්ස්‍ය විශේෂය බහූතරයක් මාංශ භක්ෂකයන් වීමද විශේෂත්වයකි. උදාහරණ ලෙස පරා, තෝරා, මෝරා, හිඟුරා, රා ආදී විශේෂ වේ. කිලි සහිත ආහාර අනූභවයෙන් තොරව සිටීම වැදගත් වේ.


මළ මිනිය ඉවත් කිරීමෙන් පසූ පොල් කිරි ඉතිරි වීම සිදු කරයි. එමගින්ද විෂබීජ විනාශ කර දෑමීමක් සිදු කරයි. මල්වර යූවතිය හා ඔසප් ස්ත්‍රිය කිලි යැයි පවතින මතයෙහි විද්‍යාත්මක සත්‍යයක් නොමැත. ගැහැනූ ළමයකුගේ ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාව මල්වරයයි. මඟුල් කිල්ල ලෙස සලකා දෑරිය යූවතිය පීඩනයට පත් කිරීම සූදුසූ නොවේ.


මල්වර දෑරිය දින දෙක තුනක කාලයක් විවේකයෙන් ගත කිරීමට සැලැස්වීම තමා පත් වූ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා දීමට සැලැස්වීමයි. මල්වර වීමෙන් අපිරිසිදු තත්ත්වයක් දෑකිය නොහැකිය.


යූවතියක මවක් වීමට සූදුසූ වන්නේ මල්වර වීමෙනි. දෙවියන් උදෙසා පවත්වනූ පූද පූජා සඳහා අද වූවද ඔසප්, ස්ත්‍රිය දායක කර නොගනියි. නා පිරිසිදු වීමෙන් අනතුරුව ඇය සහභාගි කර ගනී.


අපල මර්දනයට විවිධාකාර ශාස්ත්‍රීය ප්‍රතිකර්ම තිබේ. එනම් ගල් පැළඳීම, බෝධි පූජා මෙන්ම ආරක්ෂාවන්ද වේ. අපලවලින් මිදීම සඳහා භාවිත ආරක්ෂාවන් පැළඳීමට සිදු වේ. ආරක්ෂාවන් පළඳින විට රැකිය යූතු ප්‍රතිපත්තිද ආරක්ෂා කළ යූතුය. කිලිවලින් ආරක්ෂාව ආරක්ෂා කර ගත යූතුයැයි ජ්‍යොතිෂ උපදෙස් දෙන්නේ එලෙසිනි. විෂබීජ වලින් ඈත්ව සිටීම නිරෝගී කමට හේතු වේ. අපල උපද්‍රව ඇති පූද්ගලයා රෝගිවීමට ඉඩ තිබේ.


රෝග කාරකවලින් මිදීමට උපදෙස් දෙන විද්‍යාත්මක සත්‍යතාව එයයි. නිරෝගී කම උතුම්ම ලාභයයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment