උපදංශ-ලිංගාශ්‍රිත රෝග අතුරින් තවත් එක් භයානක රෝගයක්

සමාජ රෝග සමාජයේ සැඟවී ඇතුවා මෙන්ම ඒ පිළිබඳව කතා වෙන්නේ ද ඉතා අඩූවෙනි. අද සමාජ රෝගය පිළිබඳ කෙරෙන කතා ද ඒඩ්ස් රෝගයෙන් ඔබ්බට යට යන්නේ කලාතුරකිනි. සමාජ රෝග පිළිබඳව දෑනූවත් කෙරෙන ලිපි පෙළ ඔස්සේ අද කතා කරන්නේ මෑත කාලයේ අඩූවෙන් කතා බහට ලක් වන උපදංශය නැමැති සමාජ රෝගය පිළිබඳවය.


ලිංගාශ්‍රිත රෝග අතුරින් තවත් එක් රෝගයක් වන උපදංශය බෝ කරන්නේ බැක්ටීරියාවක් ද නැත්නම් වයිරසයක් ද?

ලිංගාශ්‍රිත රෝග අතුරින් තවත් එක් භයානක රෝගයක් ලෙසට උපදංශ හෙවත් සිපිලිස් (Syphillis) හැඳින්විය හැකියි. මෙම රෝගය බෝ කරන්නේ ට්‍රිපනිමා පැලිමඩ් (Tripanima palidum) කියන බැක්ටීරියාවයි.


සූදු බිංදුම වගේ රෝගයක් ඉතාමත් ඉක්මනින් බෝවෙනවා. උපදංශත් එවැනි රෝගයක් ද ?

සූදු බිංදුම රෝගියකු සමග ලිංගික කර්තව්‍යයෙදී දින 2 ත් 5 ත් අතර කාලයකදී රෝග ලකෂණ මතුවෙනවා. උපදංශ රෝගය ලිංගිකව එක්වීමකින් පසූ දින 9 ක් 90 ත් අතර කාලයකදී රෝග ලකෂණ මතුවීමට පටන් ගන්නවා. ඉතිං මේ රෝගයත් ඉක්මනින් බෝවෙන රෝගයක්.


මේ රෝගයේ තිබෙන ලකෂණ මොනවාද?
මෙම රෝගයේ ලකෂණ අවධි 3 කදී මතු වෙනවා. එම අවධි පළමූ දෙවන හා තුන්වන යනූවෙන් හැඳින්වෙනවා. පළමූ අවධියේදී මූල්ම ලකෂණය වන්නේ ලිංගේන්ද්‍රය තුළ හෝ ඒ අවට තුවාලයක් හෝ තුවාල කිහිපයක් හට ගැනීමයි. මෙම තුවාල වෙනත් තුවාල මෙන් වේදනාවක් ඇති කරන්නේ නෑ. ස්පර්ශ කළ විට තද දෑඩි ස්වභාවයක් ගන්නවා.


මෙවැනි රෝග ලකෂණ තිබෙන නිසා ඔහූ ලිංගික චර්යාවේ යෙදෙන්නත් ප්‍රවේශම් විය යූතුයි. වේදනාවක් නොදෑනීම හා ලිංගේන්ද්‍රිය තුළ හට ගැනීමේ දී පිටතට පෙනෙන්නේ නැති නිසා නොදෑනෙන්න පූළුවන්. ඒ නිසා විශේෂයෙන් ස්තී්‍රන්ට මේ රෝගය නොදෑනීම උත්සන්න වෙන්න පූළුවන්. පිරිමින්ටත් එසේම විය හැකියි.


දෙවන අවධියේදී රුධිරය ට එක්වන රෝගකාරක බැක්ටීරියාව සිරුර පූරාම පැතිරී යනවා. මේ අවස්ථාවේදී වෙනත් රෝග ලකෂණ මතු වෙනවා.


මොනවාද ඒ රෝග ලකෂණ ?

මූල්ම අවස්ථාවේ දී ශරීරයට ඇතුළු වන බැක්ටීරියාව රුධිරය සමග ශරීරය පූරා පැතිරී යාම නිසා සමේ කුෂ්ට ඇති වෙනවා. මෙම කුෂ්ඨ රෝග ශරීරය පූරාම පැතිරෙනවා. ඒ කියන්නේ සමේ මූහූණ අත්ල පතුල ආදී තැන්වල බහූලව කුෂ්ඨ රෝගය පැතිරී තිබෙන බව දෑකීම සූලභ දෙයක්. වසා ගැටිති ඉදිමීම හෙවත් කුද්දෙටි හට ගැනීම උණ සහ හන්දිපත් වේදනාව ඇති වනවා. සමහර අයට මොළයේ මෙනින්ජි ප්‍රදාහය ඇති වී තද හිසරදය පවා ඇතිවෙනවා.

මෙවැනි රෝග ලකෂණ ශරීරයේ පහළ වෙනකොට ඒ තැනැත්තා හෝ තැනැත්තිය වෛද්‍ය ප්‍රතිකාර ගත යූතුයි. මේ රෝගය සඟවාගෙන සිටිය නොහැකි රෝගයක්.


ඔබ කිව්වා ගුප්ත අවධිය කියලා අවධියක් පිළිබඳව මොකක් ද මේ ගුප්ත අවධිය?

කලින් සඳහන් කළ අවස්ථා දෙකේදී නිසි ප්‍රතිකාර නොකළොත් එම අවස්ථාවලදී බාහිරින් පෙන්වූ ලකෂණ සැඟවී අදෘශ්‍යමාන වනවා. මේ අවධිය ඉතාමත්ම භයානකයි. සමහර විට රෝගියා සිතන්න පූළුවන් ඔහූගේ රෝගය සූව වූණා කියලා. අනෙක ඔහූ හෝ ඇය අන් අය සමග ලිංගික කර්තව්‍යයේ යෙදුණොත් රෝගය වඩාත් හොඳින් බෝවිය හැකියි. ඒ කියන්නේ නොදෑනීම ව්‍යාප්ත විය හැකියි.


ගුප්ත අවධීයේ දී තැන්නම් රෝගය සැඟවූණූ අවධීයේදී නිසි ප්‍රතිකාර නොකිරීම නිසා රෝගියාට සිදුවිය හැකි අනතුර කෙබඳුද?

ගුප්ත අවධියේ පසූවන රෝගියා ප්‍රමාණවත් ප්‍රතිකාර නොලැබීමෙන් ස්නායූ පද්ධතියේ හාදය ඇතුළු ශරීරයේ වෙනත් ඉන්ද්‍රිය ගණනාවකට උපද්‍රව ඇතිවිය හැකියි. මේ නිසා ඒ ඒ ඉන්ද්‍රියයන්ගේ ආසාදිත තත්ත්ව අනූව රෝගී තත්ත්ව ඇතිවිය හැකියි.


උපදංශය වැළදුණූ මවක ගර්භණී තත්ත්වයට පත් වූණොත් ඉපදෙන දරුවාට ඇතිවන තත්ත්වය කුමක් ද?

බොහෝ කාන්තාවන් උපදංශ රෝගය වැළදී පළමූ හා දෙවන අවධිවලදී හෝ නිසි ප්‍රතිකාර නොගැනීම නිසා ගැබ්ගත් කාන්තාවන්ට ගබ්සා වීම් සිදුවිය හැකියි.


ගබ්සාවක් සිදුනොවී කළලය මේරුවොත් මළදරු උපත් ඇතිවිය හැකියි. යම් විදියකින් නිරුපද්‍රිත ව දරුවකු බිහිවූණොත් උපදින දරුවා උපදංශ රෝග ලකෂණ සහිතව උපදින අවස්ථා තිබෙනවා. මෙම අවස්ථාවක් සහජ උපදංශ යනූවෙන් හඳුන්වනවා. සහජ උපදංශයේ දී දරුවා ඉපදී මාස කීපයකට පසූ රෝග ලකෂණ ශරීරයෙන් පෙන්නූම් කරනවා.


ගර්භණී මවක් පරිකෂාවට ලක් කිරීමෙන් උපදංශ රෝගය වැළදී තිබෙනවාද නැද්ද යන්න වග සොයා ගැනීමට හැකියාවක් තිබේ ද?

සෑම ගර්භණී මවක්ම සිය ප්‍රථම පූර්ව ප්‍රසව සායනයේ දී පරිකෂාව ට ලක් කිරීමෙන් උපදංශ රෝගය වැළදී තිබේද නැද්ද යන සොයා ගැනීමට පූළුවන්. මෙම පරීකෂණය හඳුන්වන්නේ VDRL කියලා. වෛද්‍යවරයකු තමයි කළ යූතු පරිකෂණ තීරණය කරන්නේ. ගර්භණී කාන්තාවක් ඇගේ ගර්භණි සමයේ අවසන් තුන් මාසය තුළ නැවත වරක් පරිකෂා කරවාගෙන ප්‍රතිකාර ගැනීම ඉතාමත් වැදගත්.


මෙවැනි පරීකෂණ රජයේ රෝහල්වල සිදු කරනවාද ?

ඔව්. රජයේ සෑම පූර්වප්‍රසව සායනයක දීම නොමිලේ පරිකෂා කරවා ගත හැකියි. මෙයින් අදහස් කරන්නේ නිසි ප්‍රතිකාර ලබා දීම මගින් ඇතිවිය හැකි උපද්‍රව වළක්වා ගැනීමයි. මෙවන් රෝගයක් වැළඳී ඇති අවස්ථාවක දී කළ යූත්තේ වහාම පළපූරුදු වෛද්‍යවරයකු හෝ රජයේ රෝහලක් වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාර ගැනීමයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment