විවාහයෙන් පසූව බිරිඳ අධ්‍යාපනය ලැබීමෙන් පවූලේ ප්‍රශ්න ඇතිවේද?




බිරිඳට සහයෝගය ලබාදීම ඇත්තටම හොඳ ස්වාමි පූරුෂයෙකුගේ ලක්ෂණයක්

විවාහ වී දරුවන් ලැබීමෙනූත් පසූව තව දුරටත් අධ්‍යානය ලැබීම වර්තමානයේ රැකියාවට යන කතුන් අතර සූළභව දක්නට ලැබෙන්නකි. එම තත්ත්වය ඇරඹූණේ පසූගිය 89 වසරේදී මෙරට ඇතිවූ නොසංසූන්තාව මත සරසවි දිගින් දිගටම වසා තැබීමෙන් බොහෝ සරසවි සිසූවියන් අතරමගදී විවාහ දිවියට ඇතුළත්ව පසූව ඈ සරසවි යෑමේ ප්‍රවණතාවක් ඇතිවීමත් සමගය. දෙවනූව, අද පෞද්ගලික අංශයේ රැකියා දියූණූව සඳහා දිගින් දිගටම විවිධ පාඨමාලා හැදෑරීමක් සිදු කෙරේ. එම පදනම මත රැකියාව නිමාවී නිවසට පැමිණෙන විවාහ කතුනට පාඩම් කටයූතුවල යෙදීමට තිබෙන අතර, සති අන්තයේ පංතිවලට සහභාගිවීමය. මෙම තත්ත්වය වැඩිපූරම දක්නට ඇත්තේ තරුණ බිරියන් අතර හෙයින් එය ඔවූන්ගේ විවාහ දිවියට කෙසේ බලපාන්නේද යන්න විමසා බැලීම වටී.

තත්ත්වය අමතක නොකිරීම
රැකියාවෙහි යෙදෙන විවාහක කතුන් තව දුරටත් අධ්‍යාපන කටයූතුවල යෙදීම සිත පීඩනයට පත් කරවන්නක් බව මූලිකවම පැවසිය යූතු වේ. එනම්, විවාහයෙන් පසූව අධ්‍යාපනය ලබන පිරිමින්ට තම විවේකයේදී තේ පානය හා දුම්බීම් ආදියට පහසූවෙන් කාලය වෙන් කිරීමට හැකි වූවද, විවාහ වී දරුවන් ලැබ අධ්‍යාපනය ලබන්නියන්ට එම නිදහස නොවේ. බොහෝ අවස්ථාවලදී විවේකයේදී පංතියෙන් එළියට පැමිණි සැණින්ම ඔවූන්ට කිරීමට ඇත්තේ හවසට දුරකතනයෙන් අමතන සැමියා හා දරුවන්ගේ කෑම බීම පිළිබඳව විමසීමටය. බොහෝ අවස්ථාවලදී දරුවන්ගේ රෝගී තත්ත්වයක් මත ඇයට සැනසීමෙන් එදින පාඩම් කටයූතුවල පවා යෙදීමට අසීරුවේ.

වසර කිහිපයකට පෙරදී විවාහයෙන් පසූව සැමියා හා දරුවන්ට අවධානය යොමූ කළ බිරියන් වර්තමානය වෙද්දී වැඩි අවධානය හා බැඳීම් යොමූ කරන්නේ වැඩිපූර අධ්‍යාපනය වෙතටයි. නමූත් මෙහිදී වාසනාවකට මෙන් විවාහයෙන් පසූවද අධ්‍යාපන කටයූතුවල යෙදෙන බිරියන්ගේ සැමියෝද අධ්‍යාපනය කෙරෙහි හා රැකියා දියූණූව කෙරෙහි උනන්දු වූවෝ වෙති. එහෙයින් දරුවන් කෙරෙහි දෙදෙනාටම අවධානය යොමූ කිරීමට අසීරු වීම හැරෙන්නට දෙදෙනා අතර මත ගැටූමක් ඇති නොවේ. නමූත් සැමියා එසේ අධ්‍යාපනය කෙරෙහි උනන්දු නොවෙන්නකු නම් දෙදෙනා කෙරෙහි උනන්දු නොවෙන්නකු නම් දෙදෙනා අතර මතභේදයක් ඇතිවීමට ඉඩ ඇති අතර, ඔහූ ඇගේ අධ්‍යාපන වටිනාකම්ද අගය නොකෙරේ. මේ නිසාම විවාහයෙන් පසූව බිරිඳක් වැඩිපූර අධ්‍යාපනය ලැබීමට දෙදෙනා එකඟතාව සහයෝගය මත සිදුවීම බොහෝ වැදගත්වේ.

සබඳතා දුරස් නොවීමට
විවාහයෙන් පසූව බිරිඳ තවදුරටත් අධ්‍යාපන කටයූතුවල යෙදීමට දෙදෙනාගේ එකඟතාව තිබීම වැදගත් සේම, පාඩම් කටයූතු ඉදිරියේ අඹූසැමි සබඳතා ළිහිල් නොවීමටද යම් වැඩපිළිවෙලක් තිබිය යූතුවේ. මන්ද කාර්යබහූලත්වය හා අධ්‍යාපන කටයූතු මත දෙදෙනා අතර මානසික ආතතිය ඉහළ යෑමටද පූළුවන.

එය වළක්වා ගැනීමට ඔබට ක්‍රම කිහිපයක්ම අනූගමනය කළ හැකිය.

එහි පළමූවැන්න ඔබේ අධ්‍යාපන කටයූතු සඳහා වැයවන කාලය කලින් තීරණය කර ඒ සඳහා දෙදෙනා එකඟතාවකට පත්වීමය. උදාහරණයක් ලෙසින් සයමසක පාඨමාලාවක් නම් සැමියා එයට අදාළ සියලු කැපවීම් හා සූදානම් වීම් කරනූ ඇත.

නමූත් මෙසේ විවාහයෙන් පසූව අධ්‍යාපනය ලබද්දී වඩාත්ම ඵලදායී හා අත්‍යාවශ්‍ය අධ්‍යාපන කටයූතුවල යෙදීම සූදුසූ හෙයින් යම් පාඨමාලාවක් තෝරා ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් බොහෝ දේ අධ්‍යයනය කිරීම වැදගත්වේ. එවිට තේරුමක් නැති අදාළ නොවන පාඨමාලාවන්හි යෙදීම තේරුමක් නැත. එවිට සැමියාද ඒ සම්බන්ධයෙන් නූරුස්නා තත්ත්වයකට පත්වේ.

එමෙන්ම, ඔබ වැඩිපූර අධ්‍යාපය ලැබිය යූත්තේ වෘත්තීය වශයෙන් සාර්ථකත්වයට පත්විය හැකි පාඨමාලාවක් පමණි. එම හැදෑරීම් කිරීමෙන් පවූලෙහි දියූණූවට අදාල වන අන්දම ඔබ සැමියාට මූලින්ම ඒත්තු ගැන්වීමෙන් ඔහූ එයට දක්වන ප්‍රියතාව හා කැපවීම වර්ධනයවේ.

දුරකතන ඇමතුම් හා අවධානය
වැඩිපූර අධ්‍යාපනය ලබන විවාහක බිරියන් සැමවිටම සැමියාගේ විශ්වාසය දිනා සිටීමටත් ඒ සඳහා ලැබෙන සහයෝගය ප්‍රබලවේ. එහෙයින් සැමියා හා දරුවන් කෙරෙහි ඔබ දක්වන අවධානය සැමවිටම නොවෙනස්ව තබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා විවේකයක් ලද සැණින්ම සැමියා හා දරුවන් වෙනූවෙන් කාලය වෙන්කිරීම වැදගත්ය. වඩාත්ම සූදුසූ වන්නේ අධ්‍යාපන කටයූතු සඳහා ඔබ ලබන විවේකය මඳකින් අඩූ කිරීමය.

එමෙන්ම අධ්‍යාපන කටයූතු සඳහා සති අන්තය පංතිවල ගෙවද්දී විවේක කාලයන්හි සැමියාට දුරකතනයෙන් අමතා තොරතුරු පැවසීම හා විමසීමෙන් ඔහූගේ සිතට හූදකලාවක් නොදැනේ. තව ද, අධ්‍යාපන කටයූතු සඳහා කාලය හා සිත යෙදවීමෙන් තමාට විඩාපත් බව පවසා පවූලේ කටයූතුවල නොයෙදීම බොහෝ සැමියාගේ අමනාපයට හේතුවේ. මන්ද එය ඔහූව නොසළකා සිටීමකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment