ආහාර රස කරගන්න නිවසේදීම සෝස් හදා ගනිමූ

නොයෙකුත් රසකාරක යෙදූ සෝස් වර්ග ඕනෑ තරම් වෙළෙඳ පොළේ තිබෙනවා. ඒවායේ කෘත්‍රිම දේ නැහැයි කියන්නේ කොහොමද? ඇයි අපිට බැරි සෝස් ටිකක් නිවසේදීම හදාගන්න.
සියඹලා වාරයට සියඹලා සෝස් ටිකක් හදලා තියාගමූ. වියදමකුත් නැහැ. රසයත් හොඳයි ගුණයත් වැඩියි.

සියඹලා සෝස්අවශ්‍ය ද්‍රව්‍යසියඹලා ග්‍රෑම් 200 කෑලි මිරිස් තේ හැඳි ඃ ලුණූ තේ හැඳි ඃ සීනි මේස හැඳි ඃ ඉදුණූ අමූමිිස් කරල් 2 (ගම්මිරිස් ඇටයක තරමට කපන්න)

සාදාගන්නා ආකාරය
සියඹලා හොඳින් පිරිසිදු කර එය සෝදමින් යූෂය පෙරාගන්න. එය පෙරා ලිපේ තබා උතුරවන්න.

උඩට එන පෙන ඉවත් කරන්න. ඒ උඩට එන්නේ අපවිත්‍ර කොටසයි.

ඉතිරි කොටස මදගින්නේ හින්දන්න.

උකුවන විට ඉදුණූ මිරිස් කෑලි හැර අනිත් සියලු දේ දමා තරමක් උකුවන තුරු හින්දන්න.

ලිපෙන් ඉවතට ගන්න විනාඩියට කලින් ඉදුණූ මිරිස්ටික දමා ලිපෙන් ඉවතට ගන්න.

මෙම සෝස් වර්ගය සෑහෙන කලක් තබා ගත හැකියි. ශීතකරණයක තැබීම වඩාත් සූදුසූයි.


දිවූල් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය ඃ
දිවූල් ගෙඩි 2 සීනි මේස හැඳි 2 ගම්මිරිස් ඇට කෑලි දෙකට තුනට සිටින සේ කඩා තේ හැඳි ඃ ලුණූ තේ හැඳි 2 සිහින්ව කපාගත් බැඳගත් කරපිංචා මේස හැඳි 2 කෑලි මිරිස් තේ හැඳි ඃ

සාදාගන්නා ක්‍රමය
දිවූල් ටික දෙතුන් වරක් පොඩිකර සෝදා පෙරාගන්න. ලිපේ තබා හිදෙන්නට හරින්න. හිදෙන විට උඩට මතුවන පෙන ඉවත් කරන්න. අනිකුත් සියල්ල එකට දමා මදගින්නේ උකුවන විට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හැර සෝස් එකක් වශයෙන් පාවිච්චි කරන්න.


ළුෑනූ සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය ඃ
සිහින්ව කපාගත් ළුෑනූ ග්‍රෑම් 200 පිටි ආකාරයට කොටාගත් උම්බලකඩ කුඩූ මේද හැඳි ඃ කෑලි මිරිස් තේ හැඳි ඃ සියඹලා යූෂ මේස හැඳි 4 ලුණූ තේ හැඳි ඃ තෙල් මේස හැඳි 2 කරදමූංගු ඇට 2 කරාබූ නැටි 2 හිනියට කපාගත් කරපිංචා තේ හැඳි ඃ සීනි තේ හැඳි ඃ


සාදාගන්නා ක්‍රමයභාජනයක් ලිප තබා තෙල් ටික දමා ළුෑනූ රම්පෙ කරපිංචා, කරදමූංගු, කරාබූනැටි මදගින්නේ රන්වන් පාටට බඳින්න.
බැදෙන විට කෑලි මිරිස් අම්බලකඩ කුඩූ ලුණූ දමා මදගින්නේ තරමක් බැද සියඹළා දමා උතුරන විට ලිපෙන් ඉවතට ගන්න.

නිවූණූ පසූ බ්ලෙන්ඩර් කර ගන්න.

බෙලි සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය ඃ බෙලි ගෙඩි 2 (ඉදුණූ )

කහ තේ හැඳි ඃ/4 සීනි මේස හැඳි ඃ දෙහි ගෙඩි 2 යූෂ ලුණූ තේ හැඳි ඃ ඃ/2 ගම්මිරිස් කුඩූ තේ හැඳි ඃ කෑලි මිරිස් තේ හැඳි ඃ/2 සිහින්ව කපා බැදගත් කරපිංචා මේස හැඳි ඃ


සාදාගන්නා ආකාරය
බෙලි ගෙඩිය පිටින් තම්බා මදය ඉවත් කර දෙතුන්වරක් වතුර දමා යූෂ පෙරා ගන්න.

යූෂය දියාරුවට තිබිය යූතුය. ලාටූ ගතිය නිසා.

මිශ්‍රණය ලිප තබා උතුරන විට එන ලාටූ පෙන ඉවත් කරන්න.

ඉන්පසූ ගම්මිරිස්, දෙහි හැර අනිත් සියලු දේ දමා මදගින්නේ හින්දවා ගන්න.

ලිප නිවා හෝ මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන දෙහි සහ ගම්මිරිස් දමා නිවූණාට පසූ ආහාරයට ගන්න.

කරපිංචා සම්බෝලය
අවශ්‍ය ද්‍රව්‍ය ඃ ලපටි කරපිංචා ග්‍රෑම් 200

උම්බලකඩ කුඩූ ඉතාම සිහින්ව කොටා ගන්න.

එයින් මේස හැඳි ඃ

සිහින්ව කපාගත් ළුෑනූ මේස හැඳි 2

සිහින්ව කපාගත් අමූමිරිස් තේ හැඳි ඃ

සිහින්ව කපාගත් සූදුළුෑනූ තේ හැඳි ඃ

ලුණූ තේ හැඳි ඃ

දෙහි යූෂ තේ හැඳි 2


සාදාගන්නා ක්‍රමය
දෙහි යූෂ නැතිව මේ සියල්ල එකට මිශ්‍ර කර බ්ලෙන්ඩ් කරන්න. දෙහි යූෂ අවසානයට දමා තුනී කරන්න.

මෙය උයන්න එපා. මිශ්‍රණය ශීතකරණයේ දමන්න. උණූකර නිවාගත් වතුර ටිකක් බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කර ගැනීම පහසූ කර ගන්න





පබිලිස් සිල්වා
අධ්‍යක්ෂක ආහාර ප්‍රවර්ධක
ගල්කිස්ස මහ හෝටලය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment