නීති විරෝධී ගබ්සාවන් සිදු කරන්නේ විද්‍යානූකූල ක්‍රමයට නොවෙයි


2004ඃ9ඃ04 දින මාස තුනක් සම්පූර්ණ වූන කළලයක් ගබ්සා කරවා ගත්තා. එම සිද්ධිය වී දින හතක් ගෙවූණාට පසූ මගේ උදරයේ වේදනාවක්, පියයූරුවල වේදනාවක් හටගෙන ඇත. මගේ ඔසප් චක්‍රය ක්‍රමාණූකූලව සිදුවෙයි. මෙය මාසික ඔසප් චක්‍රය ආසන්න දිනවලදී සිදුවෙයි. මේ බව පවසා බෙහෙත් ගැනීමට වෛද්‍යවරයෙකු හමූවීමට ගිය අතර එම වෛද්‍යවරයාගේ අදහස වූයේ මට ග්‍රැස්ට්‍රික් ඇති බවයි. ඒ සඳහා ඔහූ ඖෂධ නිර්දේශ කළා. ඒ අනූව මම වෛද්‍ය උපදෙස් අනූව එම ඖෂධ භාවිත කළ ද මගේ රෝගී තත්ත්වය නම් සූවවූයේ නැත. 2005ඃ06ඃ04 වන දින මූත්‍රා පරීකෂණයක්ද කරවා ගත් අතර එයින් කියවූණේ මට රෝගී තත්ත්වයක් නොමැති බවයි. එමෙන්ම මෙම වේදනාකාරී තත්ත්වය නිසාත් ගබ්සාවක් කරගත් නිසාත් මට දරු උපතක් අහිමි වේ යැයි බියෙන් පසූවෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස් දක්වන්න.
------------------------------------------------------------------------------------------------

නීති විරෝධී ගබ්සාවන් කරන්නේ ගැබ් ගෙළ තුළින් ගර්භාෂය තුළට යවන උපකරණ මගින් කළලය ඉවත් කිරීමෙනූයි. මෙය සිදුකරනූ ලබන්නේ විද්‍යානූකූල නොවන තත්ත්වක් තුළයි. මේ නිසා ගර්භාෂය තුළ ආසාදන ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. මෙම ආසාදනයන් පැලෝපීය නාල තුළින් උදරය තුළට ද ඇතුල්විය හැකියි. මෙමගින් ඇතිවන ප්‍රදාහයන් නිසා බොහෝ කාලයක් යනතුරු යටි බඩේ වේදනාව පැවැතිය හැකියි. උදර වේදනාව විශේෂයෙන් ආර්ථවය වෙනස්කම් සමග මෙහි ප්‍ර්‍රධාන රෝග ලකෂණය වේ.

එමෙන්ම මේ ප්‍රදාහයන් නිසා පැලෝපීය නාල අවහිරවීමක් සිදුවිය හැකියි. මෙය ඉදිරියේදී දරු ගැබක් ඇතිවීමටත් බාධාවක් විය හැකියි. ඒ කෙසේ වූවත් ඔබ දක්වන රෝග ලකෂණ පවසා ප්‍රසව හා කාන්තා රෝග වෛද්‍යවරයෙකුගෙන් ප්‍රථිකාර ගැනීම වැදගත් බව අපගේ හැඟීමයි. මන්ද ඔබ පරීකෂාකර ප්‍රතිකාර කිරීම අවශ්‍යයයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment