රතු මස් පිළිකාවට උදව් කරනවා

රතු මස් ආහාරයට ගැනීමෙන් එම මස් වර්ග ආහාරයට නොගන්නා අයට වඩා පිළිකා ඇතිවීමේ අවදානමක් තිබෙන බව අලුත්ම පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා.


රතු මස් ආහාරයට ගන්නා සහ රතු මස් ආහාරයට නොගන්නා කණ්ඩායම් දෙකක් තෝරාගෙන කළ පරීක්ෂණයකින් මේ බව ඔප්පූ වි තිබෙන අතර අද එම පරීක්ෂණ තත්ත්වය ලෝකයම පිළිගෙන ඇති කරුණක් වී තිබෙනවා.

මොනවාද මේ රතු මස් කියලා ඔබටත් දෑන් ප්‍රශ්නයක් මතුවෙලාද?

රතු මස් කියන්නේ ලේ පැහැයෙන් දිස්වෙන අප සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා මස් වර්ගවලටයි. හැබැයි මෙහි පූංචි වෙනසක් තිබෙනවා. ඒ කියන්නේ රතු පැහැය වෙනස් වීම මත මෙහි බලපෑමත් වෙනස් වෙනවා.

සාමාන්‍ය රතු පැහැයට තිබෙන මාළුවලට වඩා තද රතු පැහැයක් ගත් කෙලවල්ලා මාළු බලමාළුවලට මේ පිළිකාකාරක ගතිය වැඩි බවයි පැවසෙන්නේ.

මෙහෙම තත්ත්වයක් ඇතිවෙන්නේ ඇයි කියල පරීක්ෂණ කණ්ඩායම් තව දුරටත් තම පරීක්ෂණ කරගෙන යනවා.
දෑනට සොයාගෙන ඇති එක් කරුණක් තමයි මෙම පිළිකා කාරක, සත්ත්ව ප්‍රෝටිනවල තිබෙන බව.
දෙවන කරුණ හැටියට ඔවූන් පෙන්වා දෙන්නේ පොදුවේ භාවිත කරන රසායනික ද්‍රව්‍ය කෙළින්ම සතුන්ගේ ශරීරගත වෙලා ඔවූන්ගේ මේද තටිටූවේ තැන්පත් වීමෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව.

රසායනික ද්‍රව්‍යවල භයානක තත්ත්වය ශාක ආහාරවලටත් බලපාන අතර ශාක ආහාරවලට වඩා රසායනික ද්‍රව්‍ය සත්ත්ව ආහාර තුළට හොඳින්ම ගමන්ගන්නා බවකුයි ඔවූන් පෙන්වා දෙන්නෙ.්

මේ නිසාම දෑන් ලෝකයේ බොහෝ රටවල් රසායනික නැති ආහාරවලට නැඹූරු වීමක් දක්නට ලැබෙනවා. කාබනික පොහොර යොදා ගනිමින් එළවළු පලතුරු වැවීමේ නිරත වී සිටිනවා.

ඒ විතරක් නොවෙයි දෑන් ලෝකයේ දියූණූ රටවල ආහාරය සඳහා සතුන් හදනවිට ඔවූන්ටත් රසායනික නැති ආහාර ද්‍රව්‍ය ලබාදීමට ඔවූන් පූරුදු වී සිටිනවා.

අද ලෝක මටිටමින් පිළිගෙන ඇති දෙයක් තමයි තමාගේ ආහාරය සඳහා වඩාත්ම සූදුසූ ගෙවත්තෙන් ගමේ පොලෙන් ලබා ගත හැකි රසායනික නොයෙදූ ආහාර බව.

ඇත්තෙන්ම පිළිකා වැනි භයානක අවධානමක් ඉදිරියේ අපට නිරෝගී දිවියක් ගත කිරීමේ හැකියාව මහ ඉහළින්ම අප සතුව තිබෙනවා.

කොස්, දෙල්, අල බතල වගේම වැටට පැලවෙන පලාවර්ගත් නිරෝගී දිවියක් සඳහාම බව අමතක කරන්නට එපා.

මේ කරුණත් හොඳින් මතකයේ තබාගන්න. අද එංගලන්තය කෙටි කෑමවේල් (ස්නැක්) සඳහා රසායනික නැති පලතුරු භාවිත කරන්නට උපදෙස් ලබාදී තිබෙනවා.

ඉහළ මිල ගණන් ගෙවා අපේ දරුවන්ට ලොකු ලොකු ආහාර වර්ග ලබාදීමට නොහැකි යයි කොයිම වෙලාවකවත් ලත වෙන්නට එපා. ගමේ ගොඩේ වැවෙන එළවළු පලතුරු ඊටත් වඩා හරිම ගුණදායකයි. ඒවා නිරෝගී ජීවිතයක් සඳහාම බව අමතක කරන්නට එපා.




වෛද්‍ය ප්‍රසන්න කුරෙ
අධ්‍යක්ෂ ගොවි කටයූතු පර්යේෂණ හා පූහූණූ කිරීමේ ආයතනය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment