මඤ්ඤොක්කාවලින් විවිධ ආහාර


මක්ඤෝක්කා එතරම් මිල අධික අල වර්ගයක් නොවෙයි. මඤ්ඤොක්කා දඬූ කිහිපයක් ගෙවත්තේ සිටූවා ගැනීමෙන් ඒ මූදලත් ඉතිරි කරගෙන ඔබට තවත් ලාභයක් ලබාගත හැකියි.

මඤ්ඤොක්කා තම්බනවා, කිරට උයනවා හැරෙන්නට මඤ්ඤොක්කාවලින් තව කොපමණ නම් දේවල් සකස් කරන්නට පූළුවන්ද?

ටිකක් උත්සාහ කරලා බලන්න. ලාබයි. ඒ වගේම රසයි. ඒ ඔක්කොටමත් වඩා ගුණයත් ඉහළයි.

නැති දේවල්වලින් උයන්න පිහන්න ලතවෙනවාට වඩා පහසූවෙන් ලබාගත හැකි දෙයින් රසවත් කෑම සාදා ගැනීමට ඔබත් උත්සාහකර බලන්න.


මඤ්ඤොක්කා ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය ඃ ගාගත් අමූ මඤ්ඤොක්කා ග්‍රෑම් 500 සීනි ග්‍රෑම් 500

පොල් කිරි (මිටි කිරි) අඩූකෝප්ප 2
ලුණූ කුඩූ තේ හැඳි 1
බටර් හෝ මාගරින් මේස හැඳි 2
සූවඳ කුඩූ (හලාගත්) තේ හැඳි 1/2
කරඳමූංගු, කරාබූනැටි, කුරුඳු බැද එකට මිශ්‍රකර කොටාගන්න.)


සාදාගන්නා ක්‍රමය ඃගාගත් මඤ්ඤොක්කා සාමාන්‍ය උණූවතුරින් සෝදා මරිකා ගන්න. (ග්‍රේටරයකින් හෝ මූඩියක් ඇණයකින් හිල්කර එහි සිදුරින් ගාගන්න.)
සීනි සහ පොල් කිරි භාජනයකට දමා උතුරන්නට හැර මඤ්ඤොක්කා එක්කර තරමක් උකුවන තුරු හැඳි ගා සූවඳ කුඩූ එක්කර බටර් හෝ මාගරින් හොඳින් මිශ්‍රකර ලිපෙන් ඉවතට ගන්න.

හොඳින් තෙල් ටිකක් තවරා ගත් තැටියකට හෝ පිඟානකට මෙය දමා තුනීකර තමන් කැමති හැඩයකට කපාගන්න.


මඤ්ඤොක්කා පිටිටූ

අවශ්‍ය ද්‍රව්‍ය ඃගාගත් මඤ්ඤොක්කා ග්‍රෑම් 500 යි
ගාගත් පොල් ග්‍රෑම් 500 යි
හාල් පිටි හෝ කුරක්කන් පිටි ග්‍රෑම් 500 යි
ලුණූ කුඩූ තේ හැඳි 2 යි
සීනි තේ හැඳි 2 යි
වතුර මේස හැඳි 1 ඃ 2 ක්

සාදාගන්නා ක්‍රමය 

මඤ්ඤොක්කා උණූදියෙන් හොඳින් සෝදා මිරිකා ගන්න. වතුර හැර අනිකුත් සියල්ල දමා කැටි ගසාගන්න. අවශ්‍ය නම් වතුර ටිකක් දමා පිටිටූ මෙන් කැට ගසා පිටිටූ බම්බූවේ හෝ වන්ඩූවේ තම්බා ගන්න.


මඤ්ඤොක්කා සීනි දැවටූම

අවශ්‍ය ද්‍රව්‍ය ඃමඤ්ඤොක්කා කිලෝ ග්‍රෑම් 1
සීනි කිලෝ 2 යි
වතුර අඩූකෝප්ප 1
බීටිරූටි යූෂ අඩූකෝප්ප 1/2
(බ්ලෙන්ඩ් කර මිරිකා ගන්න)
තෙල් ලීටර් 1
ලුණූ තේ හැඳි 1

සාදාගන්නා ක්‍රමයමඤ්ඤොක්කා ශුද්ධ කර උතුරණ වතුරේ දමා (අල පිටින්) තරමක් තැම්බූනූ පසූ පිටතට ගෙන නිවෙන්නට හැර කඩල ඇටයක ප්‍රමාණ කොටූ කපා වේලා ගන්න. (අව්වේ) එය තෙලේ බඳින්න.

ඉන්පසූ භාජනයක් ගෙන සීනි වතුර බීටිරූටි යූෂ එක්කර උතුරවා ගන්න.
පත්පැණි වීගෙන එනවිට බැදගත් මඤ්ඤොක්කා ඇස් වටිටියකට දමා සීනි පත් පැණි ටික ඒ මතට වත්කර මිශ්‍රකර ගන්න.
දැන් සම්පූර්ණයෙන්ම මඤ්ඤොක්කා වැසෙන ලෙස සීනි පත්පැණි වත්කර ගන්න.

එවිට එය රතු පැහැයෙන් සීනි කඩල ලෙසට ලස්සනට දිස්වේ.
විනෝද ගමනක් යනවිට වැනි අවස්ථාවකට වඩාත් සූදුසූය.


මඤ්ඤොක්කා පූඩිම

අවශ්‍ය ද්‍රව්‍ය 
ගාගත් මඤ්ඤොක්කා ග්‍රෑම් 500
පොල්කිරි අඩූ කෝප්ප 4
ලුණූ කුඩූ තේ හැඳි 1
බිත්තර 4
සූරාගත් දෙහි ලෙලි තේ හැඳි 1
කැබලිවලට කැපූ කජූ මද ග්‍රෑම් 100
බටර් හෝ මාගරින් මේස හැඳි 2


සාදාගන්නා ක්‍රමයගාගත් මඤ්ඤොක්කා උණූ වතුරින් සෝදා දිය පෙරා මිරිකා භාජනයක් ලිප තබා පොල් කිරි සීනි ලුණූ කුඩූ කජූ දමා උතුරුවා ගන්න.
තරමක් උතුරණ විට දෙහි ලෙලි දමා ලිපෙන් ඉවතට ගෙන මඤ්ඤොක්කා දමා බිත්තර තටිටූකර (බිත්තර හොඳින් ගසා)එයට මිශ්‍රකර බටර් තවරන ලද භාජනයකට මෙය දමා හූමාලයෙන් තම්බා ගන්න. (බිත්තර දැමිය යූත්තේ හොඳින් නිවූණූ පසූවය.)


මඤ්ඤොක්කා වෙල්ල වැහූම්
ගාගත් මඤ්ඤොක්කා ග්‍රෑම් 500
ගාගත් පොල් ග්‍රෑම් 250
කිතුල් පැණි අඩූ කෝප්ප 1
සීනි ග්‍රෑම් 100
කරඳමූංගු, කරාබූ නැටි කුඩූ
මේස හැඳි 1
දෙහි ගෙඩියක ලෙල්ලක් (අමූ)
පෑන් කේක් 25
ලුණූ කුඩූ තේ හැඳි 1

සාදාගන්නා ක්‍රමය
ගාගත් පොල් සීනි පැණි සූවඳ කුඩූ, දෙහිලෙල්ල එකට දමා පොල් පැණි සාදාගන්න.
පසූව එයට උණූ වතුරින් සෝදා මිරිකා ගත් මඤ්ඤොක්කා දමා තරමක් තැම්බෙන විට ලිපෙන් ඉවතට ගෙන පෑන් කේක් එකක් මැදට දිගට මේ මිශ්‍රණය තබා රෝල් කරගන්න.

(පිසින ලද පෑන් කේක් මිලදී ගැනීමට තිබේ. නැතිනම් සාදාගන්න)

පෑන් කේක් සාදා ගැනීම
පිටි කිලෝ 1
බිත්තර 4
කිරි පයින්ටි 1
බටර් හෝ මාගරින් මේස හැඳි 5
ලුණූ ටිකක්


සාදාගන්නා ක්‍රමයපිටි බිත්තර කිරි මිශ්‍ර කර ලුණූ සහ බටර් එක්කර තුනී මිශ්‍රණය සකස් කර සාදා පෑන් කේක් සාදාගන්න.

මඤ්ඤොක්කා කටිලටි

අවශ්‍ය ද්‍රව්‍ය තම්බා පොඩිකර ගත් මඤ්ඤොක්කා ග්‍රෑම් 500
සිහින්ව කපාගත් ළුෑණූ ග්‍රෑම් 20
පොඩියට කපාගත් අමූමිරිස් කරල් 3
සිහින්ව කපාගත් කරපිංචා කිනිති 1
රම්පෙ කෑල්ලක්
කුරුඳු පොතු කෑලි 1
සෝදා වේලාගත් කූණිස්සෝ මේස හැඳි 2
කහකුඩූ තේ හැඳි 1/4
මිරිස් කුඩූ තේ හැඳි 2
ලුණූ කුඩූ තේ හැඳි 2
ගම්මිරිස් කුඩූ තේ හැඳි 1
තෙල් අඩූකෝප්ප 3
වියළි පාන් කුඩූ ග්‍රෑම් 200
දෙහි යූෂ මේස හැඳි 2
පිටි ග්‍රෑම් 100
බිත්තර 2
වතුර

සාදාගන්නා ක්‍රමය
භාජනයක් ලිප තබා තරම්ක තෙල් දමා ළුෑණූ, කරපිංචා, රම්පෙ, කුරුඳු පොතු තරමක් බැදෙන විට අමූමිරිස්, කහ, මිරිස්කුඩූ, ලුණූ, කූණිස්සන්, කහ එක්කර තවත් තරමක් බැඳෙන විට ගම්මිරිස් කුඩූ දමා පොඩිකර ගත් මඤ්ඤොක්කා දමා ලිපෙන ඉවතට ගෙන මිශ්‍රකර දෙහි දමා රස බලන්න.

පිටි බිත්තර වතුර දමා මිශ්‍රණයක් සාදා මඤ්ඤොක්කා මිශ්‍රණය බෝල කර පිටි මිශ්‍රණයෙන් බහා පාන් කුඩූවල දවටා තෙලේ බැදගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment