විවාහයට පෙර ලිංගිකව එකතු වීම ගැන නැවත සිතා බලන්න



වෛද්‍යතුමනි මගේ වයස අවූරුදු විස්සකි. මට පෙම්වතෙක් සිටියි. අප අතර ලිංගික සම්බන්ධකම් ඇති වන අතර එහිදී අප කිසිදු පවූල් සැලසූම් ක්‍රමයක් අනූගමනය කරන්නේ නැහැ. දින විසි අටකට වරක් මගේ ඔසප් වීම සිදුවන නිසා ඊට නියමිත දිනයට දවස් හතක් එහාට මෙහාට තබා අපි ලිංගික සම්බන්ධකම් පවත්වනවා. වෛද්‍යතුමනි දෑන් මාස එකහමාරක පමණ කාලයක සිට මගේ ලිංගික ප්‍රදේශයේ කැසීමක් හටගෙන තිබෙනවා. කැසීමෙන් පසූ දෑවිල්ක්ද ඇතිවන අතර රහස් ප්‍රදේශය කළු පැහැ ගැන්වී ඇත. මෙය උෂ්ණත්වය නිසා සිදුවන දෙයක් යැයි සිතා මා වැඩිපූර ජලය පානය කිරීමටත් ලිංගික ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීමටත් ක්‍රියා කරා. ඒ අතරේ අප දෙදෙනා අතරේ ලිංගික සම්බන්ධකම්ද පැවති අතර ඔහූගේ ශිෂ්ණයේද බිබිලි හටගත්තා. එය වෛද්‍යවරයෙකුට පෙන්වූ විට එම වෛද්‍යවරයාගේ අදහස වූයේ මෙය උෂ්ණත්වය නිසා ඇතිවන තත්ත්වයක් බවයි. එම බිබිලි ඇති ස්ථානවල ගල්වන්නට වෛද්‍යවරයා ආලේපනයක් ද දුන්නා. දෑන් අප දෙදෙනාම සූවය ලබා සිටින්නෙමූ.

වෛද්‍යතුමනි දෑන් මාස දෙකක පමණ කාලයක සිට මගේ ඔසප් චක්‍රයේද සූළු වෙනස් කමක් ඇතිවී අතර මගේ ශරීරය ද කෙසඟ වීමට පටන් ගෙන ඇත. ලිංගික සම්බන්ධ කම් පැවැත්වීමට පෙර මා උසට සරිලන මහතකින් යූක්ත විය.

ලිංගික සම්බන්ධකම් නිසා ශරිරය කෙටිටූ වෙනවද? මගේ ලිංගික ප්‍රදේශය කළු පැහැ ගැන්වී ඇති තැන් යථා තත්ත්වයට පත් කර ගැනීමට විසඳුමක් ලබා දෙන්න.



පිළිතුර

අවිවාහක ඔබ දෙපළට මූලින්ම දිය යූතු අවවාදය වන්නේ දින බලා ලිංගික සම්බන්ධ කම් පැවැත්වීම ඉතා සාර්ථක ක්‍රමයක් නොවන බවයි. දෑන්ම විවාහ වීමට අදහසක් නොමැති නම් ආරක්ෂිතා පවූල් සැලසූම් ක්‍රමයක් අනූගමනය කරන්න. විවාහ නොවී ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යූතුයි. අපි ඔබ දෙපළට නොකියන්නේ එය ඔබ දෙපළ විසින්ම අවබෝධ කර ගත යූතු තත්ත්වයක් ඒ කොහොම වූණත් ඔබ දෙදෙනා අවබෝධ කරගත යූතු මෙම තත්ත්වයද අනිකුත් අයගේ දෑන ගැනීමටත් අප සාකච්ඡා කරනවා.


ඩිම්බ මෝචනය ආර්ථව චක්‍රයේ ඕනෑම දිනයක සිදුවිය හැකිය.ි එය මූල මැද අග ලෙස වෙන් කර දෑක්වීම අපහසූයි. එම නිසා දින බලා ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් ඔබට අනපේක්ෂිත ගැබ් ගැනීමක් සිදුවිය හැකිය.ි පවූල් සැලසූම් ක්‍රම කිහිපයක් ඇති එහෙයින් ඔබ දෙපළ වෛද්‍යවරයෙකු හමූවී ඔබ දෙපළට සූදුසූ ක්‍රමයක් යොදාගන්න.


ඔබගේ ලිංගික ප්‍රදේශයේ ඇති වී ඇති කැසීම හා එම ප්‍රදේශයේ කළුවීම දිලීරයක් නිසා ඇතිවන තත්ත්වයක් ලෙස නිගමනය කළ හැකියි. එය ආලේපනයක් ගැල්වීමෙන් පහසූවෙන් සූව කර ගත හැකියි. ඔබේ පෙම්වතාද මෙම තත්ත්වය ඇති එහෙයින් දෙදෙනා එකවර ප්‍රතිකාරගත යූතුයි. එසේ නොවූණොත් එකිනෙකාගෙන් නැවත නැවත දිලීරය බෝවීමට ඉඩකඩ තිබෙනවා.


ඊළඟ කාරණය ඔබ කෙටිටූ බවට පත්වීමයි. ඉනෝකා ලිංගික සම්බන්ධකම් නිසා කෙසඟ තත්ත්වයට පත් වෙනවා යැයි වෛද්‍ය විද්‍යාවේ සඳහන් නොවෙයි. ඔබගේ ශරීරයේ යම්කිසි වෙනත් රෝගී තත්ත්වයක් නිසා එසේ වෙනවා විය හැකියි. එම නිසා ඔබ කායික රෝග වෛද්‍යවරයෙකුගෙන් පරීක්ෂා කොටගෙන ප්‍රතිකාර ලබා ගත යූතුයි.


ආර්ථව චක්‍රයේ වෙනස්කම් පිළිබඳව කිව යූත්තේ ඇතැම් කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ මෙවැනි තත්ත්ව ඇතිවෙන්නට පූළුවන්.


එය විශේෂ ප්‍රතිකාර සඳහා යොමූවිය යූතු තත්ත්වයක් නොවේ. ආර්ථවය නිසි කලට සිදුනොවී රුධිර වාහනය අඩූවී හෝදිගින් දිගටම මාස හයක් පමණ කාලයක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment