නිවසේදීම පීසා හදමූ


අවශ්‍ය ද්‍රව්‍ය 
පිටි ග්‍රෑම් 250 ඊස්ටි තේ හැඳි 1 ලූණූ ග්‍රෑම් 7 (කැපූ තේ හැඳි 1) සීනි ග්‍රෑම් 10 බිත්තර 1 උණූසූම් වතුර කෝප්ප 1

සාදන ක්‍රමයඊස්ටි වතුර වීදුරුවකට දමා සීනි හැඳි 1/4 ක් එකතු කර යාන්තම් උණූසූම් වතුර හැඳි 4 ක් පමණ දමා පීරිසියකින් වසා තබන්න. ටික වේලාවකින් ඊස්ටි උඩටම පිපේ.
දැන් පිටි සහ ලූණූ තුන්වරක් හලා ගන්න. මෙම පිටි මේසයක් මතට දමා මැද වළක් මෙන් සාදා එයට බිත්තරය, ඊස්ටි සහ වතුර ස්වල්පය බැගින් දමා අතේ නොඇලෙන ප්‍රමාණයට පිටි හොඳින් අනාගන්න. විනාඩි 15 ක් පමණ අත් ගසා ගෙන බෝල් එකකට දමා තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න. පිටි මිශ්‍රණය පිපූණාට පසූ කොටස් දෙකකට වෙන්කරගන්න.
එක් කොටසක් රවූම් බත් කන පිඟානක ප්‍රමාණයට තුනී කරගන්න. වටෙිට ගැටිටක් ද තිබීම අවශ්‍යයි.


පිරවූම
තක්කාලි සෝස් මාලූ මිරිස් පෙති තක්කාලි පෙති බිත්තර 2 මස් හෝ මාළු මොසරැල්ලා චීස් ලොකු ළුෑණූ

පිටිවලින් සාදාගත් රොටිය මැද බටර් තවරා තක්කාලි සෝස් පළමූවෙන්ම තවරාගන්න. ඉන්පසූ ලොකු ළුෑණූ පෙති කපා ලූණූ සහ ගම්මිරිස් දමා තැනින් තැන තබන්න. තක්කාලි පෙති ඒ මත තබන්න. බිත්තර දෙක ලූණූ සහ ගම්මිරිස් සමග තටිටූ කරගන්න.
එය තක්කාලි පෙති මතට වත්කරන්න. ලූණූ, මිරිස් කුඩූ හා ගම්මිරිස් දමා තම්බාගත් මාළු හෝ මස් බටර්වලින් බැදගන්න. ඒවා ද පෙර ලෙසටම දමාගන්න. මොසරැල්ලා චීස් ග්‍රේටි කරගෙන පීසා මැදට දමා ෆැරන්හයිටි අංශක 400 උෂ්ණත්වයේ රත් වූ උදුනක (සෙ. අ. 200) දමා විනාඩි 15 ක් පමණ බේක්කරගන්න. පීසා රාත්‍රී ආහාරයට ඉතා සූදුසූ ය.
පීසා සඳහා පිටි මිශ්‍රණයෙන් සාදාගත් ඇරබික් බ්‍රෙඩ් මිලදී ගැනීමටද තිබෙනවා. එය කැමති පිරවූමක් දමා ආහාරයට ගැනීමට පූළුවන.




ප්‍රවීණ සූපවේදිනී
හෙලන් මදනායක
ලිටිල් ෆ්ලවර් ඇකඩමි
කොටහේන.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment