අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය පැමිණි කරදර සියල්ල විඳ දරා ගත්තද අවසන් මොහොතේ තමා විසින් කළ යූත්තේ කුමක්දෑයි යන්න තීරණය කළා. ජීවිතයක් විනාශ කිරම දඬූවම් ලබන වරදක් බව දෑන දෑනත් තිරිසන් ගති ඇති පූද්ගලයෙක් මේ සමාජයෙන් තුරන් කළ යූතුය යන්න ඇය ගත් අවසන් තීරණය වූණා.
"මට දරුවන් පස් දෙනෙක් ඉන්නවා. මූල් කාලෙ හොඳින් හිටියත් බැඳලා අවූරුදු අටකට පස්සේ මහත්තයා මාව දාලා ගියා. ඊට පස්සේ තමයි තවත් මනූස්සයෙක් එක්ක මම විවාහ වූණේ. මම හිතුවා මට වගේම මගෙ ළමයින්ට ආරක්ෂාවක් තියෙන්න ඕන කියල.
ඒත් මම තවත් කරදර ගොඩක් එකතු කර ගත්තා විතරයි. ප්‍රශ්න තිබූණත් එයා එක්ක මම අවූරුදු විසිපහක් ජීවත් වූණා. මගේ ළමයි කසාද බැන්ඳා. පොඩි දුව බැඳලා හිටියේ අපේ ළඟ. එයාට අවූරුදු පහක දුවෙක් ඉන්නවා. ඒ වගේම තව දරුවෙක් ලැබෙන්න හිටියා.
කතාවේ ඉතුරු කොටස කීමටත් පෙර ඇය "අනේ මගේ පූංචි කෙල්ල" ලෙස හූල්ලමින් දුක් කඳුළු සැලුවාය.
"අපේ පූතා හිටියේ කොළඹ. දවසක් මමයි, දුවයි එහේ ආවා. සීයා ගෙදර ඉන්න නිසා මිනිබිරිය ගෙදර දාාල එන්න අපි බය වූණේ නැහැ. ඒත් අපි ගෙදර එද්දී අපේ පූංචි මල් කැකුළ තලලා පොඩි කරලා දාන්න තරම් අර මනූස්සයා තිරිසන් බවට පත්වෙලා. කවූද හිතන්නේ තමන්ගේම දරුවෙකුට මේ වගේ විපතක් කරන්න පූළුවන් සීයලා මේ රටෙි ඉන්නවයි කියලා. ඒත් එවැනි සිදුවීම් අපේම රටෙි වෙනවා. ඒක තමයි ඇත්ත.
පූංචි දුව මට හැමදෙයක්ම කිව්වා. සමහර දේවල් මට අහගෙන ඉන්නත් ලැජ්ජ හිතුණා. ඒත් මේ විස්තර බෑනට නොකියා දුවට විතරක් කිව්වේ තවත් කරදර ඇතිවේවි කියලා. ඊට පස්සේ අපි දුව පරිස්සම් කර ගත්තා. ඒ මනූස්සයාගෙන් මේ ගැන මම අහන්න හිතුවත් හැම මොහොතෙම බීගෙන ඉන්න නිසා අදහස කල් ගියා. ඒ වගේම අපි දරුවන් එක්ක වෙනම පදිංචි වූණා"
කරදර එතනින් අවසන් කියා ඇය සිතුවත් සිදුවූණේ එය නොවෙයි. අමනූෂ්‍ය ගති සඟවාගෙන ඉන්න අමනූෂ්‍යන්ට බැහැ. දවසක් පූංචි මිනිබිරියට බලහත්කාරකම් කරනවා ඇයට දෑකගන්න ලැබූණා. දැස් අදහා ගැනීමට නොහැකි වූවත් ඇය හැමදේම දරාගෙන සිටියා.
"මම දවසක් මේ ගැන ඇහූවම මිිනිහා හොඳටම බය වූණා. මම දෑක්කා කිව්වම තවත් බය වූණා. ඒත් තව කාටවත් කිව්වොත් අපි හැමෝම මරනවා කිව්වා. දරුවන් ගැන දරුවන්ගේ අනාගතය ගැන හිතලා මම ඉවසගෙන හිටියා. ඒත් මේකේ අවසානයක් තිබූණේ නැහැ. මම හිතුවා නිහඬව හිටියා ඇති කියල. වරදක් බව දෑන දෑනත් ඒ අමනූෂ්‍යයාව විනාශ කළා. ඒත් මගේ පූංචි මිනිබිරියගේ කැළල ඉවත් කරන්න මට බැහැ. මේ වගේ දේවල් තවත් කෙනෙකුට අහන්න, දකින්නවත් ලැබෙන්න එපා"
සමාජය වෙනස් වෙද්දි අපේ සාරධර්ම ගිලිහිලා ගිහින්. මේ අමනූෂ්‍ය වර්ගයේ මිනිසූන් තුළ තව තවත් එවැනි ගති වර්ධනය වෙනවා මිසක් අඩූවක් දකින්නට ලැබෙන්නේ නැහැ. තමන්ගේකම, වගකීම් පිළිබඳව සිතීමටත් පෙර මෙවැනි පහත් සිතුවිලි උද්දීපනය වන්නේ ඒ නිසයි. රටෙි අනාගතය සූවඳවත් කරන්නට පිපෙන මේ මල් කැකුළු අකාලයේ විානශ කර දෑමීම අපේම අභාග්‍යයක්. ඒවගේම මෙවැනි සිදුවීම් අහන්නට, දකින්නට ලැබීමත් හැමදෙනාගෙම අවාසනාවක්.
(විශේෂ ස්තුතිය බන්ධනාගාර ප්‍රධාන පාලිකා කුමාරි රත්නවීර මහත්මියට)
0 comments :
Post a Comment