සැමියාට කේන්ති ගිය විට තව තවත් කේන්ති ගස්සන්න එපා

දෙන්නා දෙමහල්ලන් වූණාම ගෙදරක පූංචි පූංචි ආරවූල් ඇති වෙනවා. ඒ ආරවූල් පවතින්නේ බත් හැලිය ඉදෙන කම් විතරයි කියලත් අපි අතරෙ කතාවක් තියෙනවා. ඒත් සමහර ගෙවල් වල නම් දෙන්නා දෙමහල්ලන් අතරෙ ඇතිවෙන පූංචිම පූංචි ආරවූල් දික්කසාදයෙන් අවසන් වූණූ අවස්ථාත් නැතිවාම නොවෙයි. ඒ නිසා එක වහලක් යට ජීවත් වෙන කොට දෙන්නා දෙමහල්ලන් අතරෙ හොඳ අවබෝධයක් තිබිය යූතුයි.
බොහෝ විට නිවසක මූලිකයා පියා. නැත්නම් පිරිමියා. බිරිඳගේ හෝ වේවා දරුවෙකුගේ හෝ අතින් සිදුවන වරදකට කේන්ති ගන්නේ පිරිමියා. අවවාද හෝ තරවටූ කරන්නෙත් පිිරිමියා. ඒ නිසා පිරිමින්ට කේන්ති යනවා වැඩියි කියල කෙනෙකුට හිතෙන්න පූළුවන්. ඒත් එහෙම නැහැ.


සැමියාට මෙන්ම බිරිඳටත් කේන්ති යන්න පූළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමූත් මානසික ආතතීන් ඇති වී තරහා යාම සිදුවන්නේ නම් අදාල පූද්ගලයා අනිවාර්යෙන්ම මානසික වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන ප්‍රතිකාර ගත යූතුයි.


බොහෝ විට නිවසේ ප්‍රධානියා පිරිමියා පවූල නඩත්තු කරන්නේ ඔහූ. ඒ නිසා ඔහූට යම් මටිටමකින් වගකීමක් සමග පීඩනයක් තියෙනවා. ඒ බව බිරිඳ මනාව අවබෝධ කර ගත යූතුයි.


බොහෝ විට බිරිඳ හා සැමියා අතරෙ ගැටූම් ඇතිවිය හැක්කේ විශ්වාසය බිඳ වැටීම තුළයි. ඒ නිසා දෙදෙනාම විශ්වාසය රැක ගැනීමට උත්සාහ කළ යූතුයි.


සමහර විටක සැමියාට කේන්ති ගොස් ඇතිවිට ඒ බව තේරුම් ගෙන බිරිඳ හැසිරීම වැදගත්. එය යටත් වීමක් හෝ මදි පූංචිකමක් ලෙස සැලකිය යූතු නැහැ. ඒ වගේම තමා අතින් වරදක් වී නම් එය පිළිගත යූතුයි. ඒ වෙනූවෙන් තර්ක කිරීමට යා යූතු නැහැ. එසේ වීමෙන් වන්නේ අවධානම වැඩිවීමයි.


සැමියාට කේන්ති ගොස් ඇති විටක එය අසාධාරණයි යැයි පවසමින් කරුණූ පැහැදිලි කිරීමට නොයා යූතුයි. මෙය සැමියන්ද අවබෝධ කර ගත යූතු තත්ත්වයක්.


දෙන්නා දෙමහල්ලනගෙන් කෙනෙකුට කේන්ති ගොස් ඇති විටක එතැනින් ඉවත්ව යාම වඩාත් හොඳයි. එමෙන්ම ඉතාම විශ්වාසවන්ත මිතුරෙකුට හෝ මිතුරියකට සිය දුක පැවසිය යූතුයි. හැබැයි කිරිත් නොවන කටූත් නොවන ගහක් බඳු මිතුරෙකු හෝ මිතුරියක වීම වැදගත්.


ඒ වගේමයි කාටවූණත් ඇතිවන කේන්තිය තරහාව ප්‍රකාශ කළ යූතුයි. එහෙත් එය අන් අයට හිරිහැරයක් නොවිය යූතුයි.


සමහරවිට සැමියාට කේන්ති ගිය විට නිවසේ ගේ දොර උපකරණ පොළොවේ ගහනවා. බිරිඳට හෝ දරුවන්ට පහර දෙනවා. එවන් අත්දෑකීමක් ඇති බිරින්දැවරු සැමියා හොඳින් ඉන්න වෙලාවක ආදරයෙන් කරුණූ කියා දිය යූතුයි.


සැමියාට කේන්ති ගිය විටකදී ඔහූ තව තවත් කේන්ති නොගස්වා විහිළුවකින් තරහාව නිවාගෙන සමගියෙන් හා සතුටින් ජීවිතයට මූහූණ දෙන්න බිරිඳ කටයූතු කළ යූතුයි. හැබැයි එය බිරිඳගේ පමණක් නොව සැමියාගේද වගකීමක් බව අවබෝධ කරගත යූතුයි.




මනෝ වෛද්‍ය විශේෂඥ
වෛද්‍ය අතුල සූමතිපාල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment